IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


තායිලන්ත ආච්චී 91 දී උපාධිය ලබයි

තායිලන්ත කාන්තාවක 91හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි. 

ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බව ද දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට හැකියාව ලැබුණ බවද කිම්ලාන් තවදුරටත් පවසා ඇත.

ප්‍රථම වරට ඇය වයස 72දී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇතත් දියණියකගේ අභාවය හේතුවෙන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ මානව පරිසර විද්‍යාව විෂයයි. 

ඇගේ දරුවන් හතරදෙනකු විශේෂ උපාධි ලබා ඇති අතර එක් අයෙකු ආචාර්ය උපාධියකට හිමිකම් කියන බව කිම්ලාන් පවසන්නීය. උපාධිය ලබාගත්තත් රැකියාවක යෙදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් දරුමුනුබුරන් සමග සතුටින් ජීවත් වන බවත් ඇය තවදුරටත් පවසයි.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (2)

තායිලන්ත ආච්චී 91 දී උපාධිය ලබයි

de silva Friday, 11 August 2017 10:53 AM

සිසුන් ඉගෙනීම පසෙකලා පාරේ ඇවිදිමින් උද්ගෝෂන කිරීමට ප්‍රමුකත්වය දෙන නිසා ලංකාවේ දැනට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න සිසුනුත් උපාධිය සම්පුර්ණ කරන විට අඩුම තරමේ 41 වත් වේවි ,

:       256       338

Sanath Saturday, 12 August 2017 08:50 AM

අපේ අම්මට අවුරුදු අසූවයි. එයාට අලුත් කිසිම දෙයක් විනාඩි 5 කට වඩා මතකයේ රඳවාගන්න බැහැ.

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site