IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ඩයිනෝසර් යුගයේ වවුලෙක් හමුවෙයි

වවුලකු වැනි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ කණ්ඩායමක් කියති. එය ඩයිනෝසරයන් පක්ෂීන් දක්වා පරිනාමය වීම සම්බන්ධ හොඳ සාක්ෂියක් බව ද පර්යේෂකයන් පවසයි.

චීනයේ හෙබේ ප්‍රදේශයේන අදින් වසර දහයකට පමණ පෙරාතුව සොයාගත් ඩියනෝසර් පොසිල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිකුත්කැර ඇති වාර්තාවේ මේ කරුණු දක්වා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ට හමුවූ ඩයිනෝසරයා අදින් වසර කෝටි 16ට පමණ පෙරාතුව මිහිමත සැරිසරා ඇති බවයි.

පිහාටු නොමැති නමුත් ඉදිරි ගාත්‍රා හා සිරුර අතර වවුලකුගේ මෙන් සියුම් පටලයක් තිබූ මේ ඩයිනෝසරයා ඒ ආදාරයෙන් පියාඹා යන්නට ඇති බව ද පර්යේෂකයෝ කියති. පාෂාණිභූත විද්‍යාඥ ෂූ ෂිංග් පවසන්නේ මේ ආදි කාලීන සත්ත්වයා පයැඹීමේ හැකියාව පෙන්වුව ද එය එතරම් සාර්ථක නොවන්නට ඇති බවයි.

මේ සත්ත්වයාගේ බර ග්‍රෑම් 230ක් පමණ බවත් සෙන්ටිමීටර 63ක් පමණ දැගැති බවත් පර්යේෂකයන්ගේ මතයයි.

කෙසේ වෙතත් පක්ෂියකු මෙන් පියඹා ගිය මේ සත්ත්වයා ඉක්මණින්ම නෂ්ඨ වි යන්නට ඇතැයි ද ඔවුහු කියති.

Bizarre 1 Bizarre 2 Bizarre 3 - Copy



අදහස් (0)

ඩයිනෝසර් යුගයේ වවුලෙක් හමුවෙයි

වසන්ත Friday, 08 May 2015 10:38 PM

පරිණාම වාදයේ පියා ලෙස සැලකෙන චාර්ල්ස් ඩාවින් ගෙන් ටමි මේ ගැන අහන්න වෙන්නේ.(හේ)

:       0       0

ජයනාත් ශ්‍රී බණ්ඩාර Tuesday, 12 May 2015 09:58 AM

මැවීම් ..ඇදහීම් ...සිතුවිලි ..වගේ දේ ස්ථිර කල හැකි පර්යේෂණ පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතුයි ..ඉන් පසුව කරුණු සහිතව විස්වාසයට ගත හැකියි . (හේ)

:       0       0

ජයනාත් Tuesday, 12 May 2015 09:58 AM

හිතා ගන්න අමාරුයි.(හේ)

:       0       0

සරත් Friday, 08 May 2015 09:56 AM

හිරන්ත, ආගමත් විද්‍යාවත් එකට පැහැදිලි කරන්න තරම් දැනුමක් කාටවත් නැත. විද්‍යාව සාක්ෂි පදනම් කරගෙන කරුණු පැහැදිලි කරන අතර ආගම විශ්වාසය මත පදනම් වී ඇත. ඕනෑම කෙනෙකුට තමන් කැමති දෙයක් විශ්වාස කරන්න නිදහසක් ඇත. දෙවියන් වහන්සේ මේ ලෝකය මැවුවේ ලෝකය ආරම්භයේදී බව ආගමට අනුව විශ්වාස කරන අතර ඔබ කැමති නම් එසේ විශ්වාස කරන්න. (නි)

:       0       0

නෙවිල් Wednesday, 13 May 2015 04:10 AM

ලෝකයේ කොහේ හෝ ස්වයං පටන් ගෙනිමක් තිබිය යුතුමයි.... සියල්ලේ පටන් ගෙන්නිම දෙවියන් වහන්සේම පමණි.(ම)

:       0       0

සුරේන් Monday, 18 May 2015 05:02 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

නෙවිල් Monday, 18 May 2015 05:07 AM

අද අපිට පෙනෙන හැමදේම ඉබේම ඇතිවුණා කියලා විශ්වාස නොකරන අය ලෝකය ඉබේම ඇති වුණා කියලා සිතීම මෝඩ තර්කයක්. ලෝකය කියන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේම නිර්මාණයක්. නාසා එකේ විද්‍යාඥයින්ටම පරීක්ෂණ කරද්දී මේ ලෝකය මැවිමක් කියලා තේරුණ බවට ගොඩක් උදාහරණ තියනවා. ඔයාලා බලන්න. සත්‍ය සොයන්න. සත්‍ය ඔබව නිදහස් කරාවි (නි)

:       0       0

නෙවිල් Monday, 18 May 2015 05:08 AM

ලෝකය දෙවියන් මැව්වේ යහපත් ලෙසයි. නමුත් මුල් මිනිස් යුවළගේ අකීකරුකමටයි ලෝකය මෙහෙම වුණේ. (නි)

:       0       0

ඉලේපෙරුම Saturday, 09 May 2015 10:28 AM

මේ ලෝකය දෙවි කෙනෙකු විසින් මවන ලද්දක් නොවෙයි.(හේ)

:       0       0

රුබර්ට් වැන්දකොන් Monday, 11 May 2015 01:34 PM

මේ ලෝකය ඇති වුනේ අවුරුදු බිලියන 4.5 කට විතර ඉහත කියල කියන්ඩ සාක්ෂි ඕනේ හැටිය තියෙනවා. ඊට පස්සේ ඩයිනසොර් ලා ඇති වුනේ වසර මිලියන 250 කට විතර ඉස්සර කියලත් හොයාගන තියෙනවා. ක්රිටේසියස් යුගය විදිහට අඳුන්වන වසර මිලියන 65 කට පෙර කාලය තුල අස්ටරෝයිඩයක් මගින් සියලුම ඩයිනසොර් ලා විනාස වුන බවටත් සාක්කි තියෙනවා. මේ සතා වසර මිලියන 160 කට ඉස්සර හිටියා කියන්නේ ජුරාසික් යුගයේ ඉඳලා තියෙන්නේ. (අ)

:       0       0

හිරන්ත Friday, 08 May 2015 05:35 AM

දෙවියන් වහන්සේ මේ ලෝකය මැවුවේ කවද්ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ.(බ)

:       1       1

උපාලි Friday, 15 May 2015 04:51 PM

මෙවැනි හරවත් සංවාදයකට එකතුවීම සතුටට කරුණක්.සැමට ස්තුතියි.වල්පල් ලියන අයටත් හොඳ උදාහරණයක් (නි)

:       0       0

මොහ‍ොට්ටාල Monday, 18 May 2015 07:40 AM

ලෝකය යනු ඇතිවෙමින් නැවත නැතිවෙමින් නැවතත් ඇතිවෙමින් චක්‍රාකාරව ගමයන් කරන්නක්. මේ ගැන බුදු දහමේ විග්‍රහය දැනගැනීමට අවශ්‍ය නම් අභිධර්මයේ සක්වල විභංගය කියවන්න. එහි කාල පරිමාණ සහිතව ලොව පැවැත්ම පැහැදිලි කරනවා. බුදු දහම මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම විද්‍යාවෙන් මනින්න යන්න එපා. උප්පාදතිථි භංග යන න්‍යාය තුළ ලොව ඇති භෞතික වස්තුවල පැවැත්ම පැහැදිලිවම සක්වල විභංගයේදී දේශනා කොට ඇත.(නි)

:       0       0

අනුර Friday, 08 May 2015 02:07 PM

එතකොට හිරන්ත දෙවියන්ව මැවුවේ කව්ද? මැවුම්වාදයේ අවසානය කොතනද ? අද විද්‍යාඥයින් හිරවී සිටින්නේ එතන.(නදී)

:       0       0

කපිල Monday, 18 May 2015 03:48 PM

මම නම් හිතන්නේ අපේ හිටපු පැරණි මිනිසුන්ට ස්වභාවික දේවල් හරියට විස්තර කරන්න බැරිවෙන තැනට දෙවියන්ව එකතුකර ගත්තා. ඉතින් කාලයක් යනකොට මිනිසුන්ට ඒක මොළයෙන් දුරස්කරන්න බැරිවෙලා හැම දෙයක්ම දෙවියන්ට භාරක‍ර තිබුනා. බලන්න අපේ පැරැන්ණෝ විදුලිය කොටනකොට කියන්නේ දෙවියන් කෝපවෙලා කියලා. ඒගොල්ලෝ හරියට විද්‍යානුකූලව විග්‍රහ කරන්න දන්නේ නැති නිසා (නි)

:       0       0

ශානක Monday, 11 May 2015 09:33 AM

මේ ලෝකයේ පටන් ගත්තු කෙළවරක් සොයන්ට බෑ-මේකයි බුදු රජාණන් වහසේගේ අනුශාසනාව.(හේ)

:       0       0

සුගත් Friday, 15 May 2015 09:53 PM

ආගම් සම්බන්ධ තර්ක හොඳ නැහැ. ඒත් මම හිතන්නෙ ලෝකය දෙවියන් මැවුවා කියලා කියන්නෙ නොදියුණු මනසක් ඇති අය. ඇයි ඒ දෙවියන් මේ ලෝකය අසාධාරණ විදියට මැවුවෙ? එතකොට ඒ දෙවියන් ආවෙ කොහෙන්ද? ඒ දෙවියනුත් මවපු කෙනෙක් ඉන්නවද? ඔප්පු කරන්න බැරි පදනමක් නැති දේවල් නොකියා ඉමුද?? (නි)

:       0       0

සරත් Tuesday, 19 May 2015 05:38 AM

එතකොට කවුද දෙවියන් මැවුවේ මේකට උත්තරේ දෙන කෙනාට හිතන්න බැරිද එහෙනම් ලෝකයන් ඒ විධියට තමයි ආරම්භ වෙන්න ඇත්තේ කියල තමන් කරපු පවු කරල අනික් අයව ලව්ව යවා ගන්න පුලුවන්නම් මේ ලෝකෙ කවදාවත් සුමගෙ යන්නේ නෑ අපි වෙනුවෙන් අනුන් දුක් විදින්නේ නෑ (බ)

:       0       0

කපිල Tuesday, 19 May 2015 02:26 PM

මේ සංවාදය දිගටම ගෙනියන්න නවත්වන්නේ නැතුව. හරවත් කරුණු ගොඩක් ඉදිරිපත් වෙනවා. ඒක ආගම් බේදයකින් තොරව කථිකා කරන එක හරි (නි)

:       0       0

දිනෙත් Monday, 25 May 2015 09:07 AM

හිරන්ත නම් මට පෙන්නේ තම්ම්බියෙක් වගේයි (ම)

:       0       0

කෙවින් Wednesday, 13 May 2015 12:23 PM

පටන් ගැනීමක් අවසානයක් කියලා දෙකක් නෑ. මේ මොහොත කියලා එකක් විතරයි තියෙන්නේ. සිදුවීම් මොලය මත අත්දැකීම් වශයෙන් කාවදින නිසා අපට හැඟෙන්නේ අතීතයක් බිහිවන බවකුත් සහ අනාගතයක් පැමිනෙමින් තිබෙන බවකුත්. කාලය කියන්නෙ මොකක්ද කියලා අවුරුදු සිය ගණනක් ජීවත් වුන කෙනෙක්ගෙන් ඇහුවත් උත්තර දෙන්න බෑ. නමුත් පිළිතුර තියෙනවා ඉහත විග්‍රහයේ. පුළුවන් අය අවබෝධ කරගන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2157 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6061 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3523 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 743 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2279 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1961 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site