ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු පෘතුග්‍රිසි විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
පෘතුග්‍රිසියේ ඇල්ගාව් මුහුදු තීරයේ මීටර් 700ක් පමණ ගැඹුරින් ට්‍රොලර් යාත්‍රාවක පැටලී සිටියදී මෙම සත්ත්වයා හමුවී ඇත.
මෙම සත්ත්වයා අවුරුදු මිලියන 80ක පමණ කාලයක සිට පැවතගෙන එන බැවින් සාගර විද්‍යාඥයින් විසින් ජීවී පොසිලයක් ලෙස හඳුන්වා ඇත. ලොකයේ මෙවැනි විශේෂ කිහිපයක් පමණක් හමුවන බවද විද්‍යාඥයින් පවසති.
සිහින් දිගු සර්පයෙකුගේ වැනි ශරීරයකින් සමන්විත මෙම සතා පිරිමි සතෙකු වන අතර මීටර් 1.5 ක් දිගකින් යුක්ත වේ. කෙසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි සතුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත සහ පරිසර සාධක සම්බන්ධව තවමත් අධ්‍යනය කර ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි.
ජපානයේ , නවසීලන්තයේ , අත්ලාන්තික් සාගරයේ ගැඹුරු මුහුදේ වෙසෙන බැවින් මොවුන් සම්බන්ධව අධ්‍යනය කිරීම පහසු නොවන බවද ඔවුහු පවසති.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
මෝරු බලන්න ලංකාවට එන්න එපායැ. මිණී මෝරු. ඇතෙක් බරට දෙන්නම් දියවන්නාව පැත්තෙන්.
දැන් මේ මෝරා පුනරුත්පත්තිය ලබල ආත්ම කියක් ගෙවලා ඇතිද? අනේ අපි මේ පුනරුත්පත්ති මිථ්‍යාවෙන් මේක පහදන්නෙ කොහොමද? පුනරුත්පත්තිය පටන් ගත්තේ වසර 2500 කාලයක ඉඳගෙනද? පාරාවො රජ දවසේ නියැන්ඩතාල් මානවයාගේ කාලේ ඕක තිබුනේ නැතිද? ඒ කාලෙ මිනිස් ගහනය අඩු නිසා දැන් මිනිස්සු වැඩි පණුවෝ මැරිලා මිනිස්සු වූ නිසාද? මට මේක බලන පුනරුත්පත්තිය විශ්වාස කරන මහත්මයෙක් පහදලා දෙන්න. මට මේක මහ පටලැවිල්ලක්.
සෙනෙවි අහල තියන ප්‍රශ්නය හරි අපහැදිලියි.. "දැන් මේ මෝරා පුනරුත්පත්තිය ලබලා ආත්ම කීයක් ගෙවලා ඇතිද?" පැහැදිලි කරන්න ප්‍රශ්නය හරියට අහන්න එපැයි මහත්මයා.. අනික ඔය මිථ්‍යා දෘෂ්ටික කණ්ණාඩි ගලවලා ඇත්ත කතා කරමු.. සංවාදයට විවෘතයි..
විරාජ්, සෙනෙවි අහපු ප්‍රශ්නය හරි අපැහැදිලියි කියලා ඔබ කියන්නේ ,ප්‍රශ්නයෙන් මඟ හරින්නට බව ඉතා පැහැදිලියි. ඔය ප්‍රශ්නයම හුඟක් දෙනෙක් තුල තියාගෙන හංගගෙන ඉන්න බව රහසක් නොවෙයි. හොඳට කියෙව්වා නම් සෙනෙවිගේ ප්‍රශ්නය පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. මේකට හරි උත්තරයක් ලැබෙන එකක් නැහැ. කිකිලිද ,බිත්තරේද ඉස්සෙල්ලා ආවේ වාගේ තියෙයි කියලයි මට නම් හිතෙන්නේ.
ජානි.. ප්‍රස්නය මතු වෙන්නේ ජීවී පොසිල මෝරෙක් සහ පුනරුප්පත්තිය යන අවස්ථා දෙක සංසංදනය කරන්න ගියාමයි.. අනික ප්‍රශ්නයෙන් මග අරින්න නම් මේකට තකහනියක් කොමෙන්ටුවක් දාන්න ඕනෙ නැහැ නේද? මැවුම්වාදයෙන් මිදුනානම් පුනරුප්පත්තිය නිකන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා..
දෙවියන් වහන්සේ මෝරාව මවන්න ඇති නේද? සෙනෙවි මෙච්චර දියුණු ලෝකය ඔයා කොහෙද ඉන්නේ? බුදු දහම තුලත් පොත්වල මේ ගැන හොඳට පැහැදිලි කරලා තියනවා. මේ විදියට කියලා දෙන්න අමාරුයි. මුලාවේ නොවැටී තාර්කික වෙන්න. ඔළුවෙන් හිතන්න.