ඉතා බිහිසුණු පක්ෂියකුගේ වසර ලක්ෂ 35ක් පැරණි ෆොසිලයක් ආර්ජන්ටිනාවේ වෙරළෙන් සොයාගත් බව පර්යේෂකයෝ කියති. ඩයිනෝසර් යුගයේ ජීවත් වූ විශාල උල්වූ හොටයක් සහිත මේ පක්ෂියා ටෙර් බර්ඩ් යනුවෙන් නම්කැර ඇත. අඩු ස්වර පරාසයෙන් යුතු ශබ්ද ඇසීමටත් ගැඹුරින් ශබ්ද කිරීමටත් හැකි මොවුන්ට තිබෙන්නට ඇතැයි ද පුරා සත්ත්ව විද්‍යාඥයෝ කියති.

විනාශකාරී සත්ත්වයකු ලෙස හැඳින්විය හැකි මෙවැනි පක්ෂියකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක ෆොසිල හමුවූ පළමු අවස්ථාව මෙයයි. පර්යේෂකයන් මේ ෆොසිලය උපයෝගී කරගෙන අභ්‍යන්තර කර්ණ ව්‍යුහය ද නැවත සකස්කර ඇත. නූතන පක්ෂීන්ට වඩා පහළින් මොවුන්ගේ ඇතුළු කණ පිහිටා තිබේ. ඒ හේතුවෙන් අඩු ස්වර පරාසයකින් යුතු ශබ්ද මගින් ඔවුන් එකිනෙකා අතර සන්නිවේදනය කරන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ මතයයි.

ආර්ජන්ටිනාවේ ජනප්‍රිය සංචාරක නගරයක් වන මාර්ඩෙල් ප්ලාටා වලට නුදුරුව පිහිටි එස්ටෆිටා වෙරළේ තිබි මෙම ෆොසිලය සොයාගෙන ඇත්තේ ආර්ජන්ටියානු පාෂානිභූත විද්‍යාඥයෙක්වු ෆෙඩරිතෝ ඩික්රේන්ජ් විසිනි.

Terror bird 1 Terror bird 3