IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජීවී ෆොසිලයක් චීනයෙන් හමුවෙයි

ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී  ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීනයේ උයන්පල්ලකුට හමුවී ඇත.  

විද්‍යාඥයන් පවසන්නේ මේ සත්ත්වයා දැනට ලොව වාර්තාවන විශාලත ම උභයජීවියා බවයි. ඔවුන් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විකරණය වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බවයි. ලොව සිටින ජීවීන් අතරින් ඉතා පැරණිත ම ජීවී විශේෂ ස්වල්පයෙන් එක් විශේෂයක් වන මේ සැලමැන්දරා කුඩා දරුවකු හඩන ආකාරයෙන් ශබ්ද නගයි.

චීනයෙන් හමුවූ මේ සැලමැන්දරා සත්ත්වයා දිගින් සෙන්ටි මීටර 83කි. බර කිලෝ ග්‍රෑම් 5.5 කි. චීනයේ මෙවැනි යෝධ සැලමැන්දරාවන් සම්බන්ධ මිත්‍යා කතා බොහොමයක් ඇත. චීන මාධ්‍ය වාර්තා කරන්නේ මේ සත්ත්වයා ආරක්ෂිතව ස්වභාවික පරිසරයට මුදා හැරි බවයි.

Rare Chinese Giant Salamander Found In River 

Rare Chinese Giant Salamander Found In River

Rare Chinese Giant Salamander Found In River

 



අදහස් (0)

ජීවී ෆොසිලයක් චීනයෙන් හමුවෙයි

සුබාෂිණී Friday, 27 March 2015 05:03 AM

පරිණාමය පිළිබද විවිධ දේ හමුවීම අනාගත පරපුරට ඉතාමත් වටිනේය..නමුත් මෙම සත්වය පොඩි ළමයකු අඬන අයුරෙන් ශබ්ද කිරීමත් නිසා බෝදිලිමා යන සත්ත්වයා අතර කිසියම් සම්බන්ධතාවක් අැත්ද යන්න ප්‍රේහේලිකාවකි? (බ)

:       0       0

මංජුල Saturday, 09 May 2015 10:15 AM

ඇත්තටම මම මේ කියන කතාව ඔබට ඉතා වැදගත් වෙයි. සත්ව පරිණාමය වේගවත් වෙන්නේ පරිසරය තුල රසයනික විපර්යාස වැඩිපුර වෙන කොටයි. විශේෂයෙන්ම ගිනිකදු පිපිරීම් වැනි දේවල් වලින්. වර්තමානයේ එවැනි දේවල් ඉතා අඩුයි. එ් නිසා කුඩා සතුන් ඇරෙන්න විශාල සත්වයින්ගේ පරිණාමය මන්දගාමියි.(හේ)

:       0       0

සුජිත් Tuesday, 24 March 2015 12:18 PM

එතකොට පරිණාම විද්‍යාවට මොකද වෙන්නේ? (නි)

:       0       0

ගයාන් සංජීව Wednesday, 25 March 2015 12:49 AM

මමක් කැමතියි මේ වගේ විශේෂ සිදුවීම් තව දැනගන්න.ඒ සම්බන්ධව ස්තූති කරනවා (නි)

:       0       0

නොයෙල් Tuesday, 24 March 2015 01:07 PM

මේක නම් පුදුමයක් (නි)

:       0       0

කලින් Friday, 27 March 2015 07:46 AM

මේ ගැන තවත් පරීක්ෂණ කල යුතුයි. සත්ව පරිණාමය පිළිගත නොහැකි මන්ද වදුරන් ගේ පරිණාමය නතර වුනේ කෙසේද ? කුමක් හෝ රහසක් මේ සොබා දහම තුල පවතී. (නදී)

:       0       0

අභය Wednesday, 25 March 2015 03:06 AM

මිනිසා අනාගතයෙදී ඔලුව විශාල, කකුල් කොට, අත් කොට බඩ විශාල සතෙක් වෙයි. අද අපේ ළමුන් ඒ වගේනේ. පොතේ වැඩ විතරයිනේ (නදී)

:       0       0

යාපා Tuesday, 24 March 2015 02:02 PM

ඉතා වටිනා සොයාගැනීමක් (නි)

:       0       0

ඉසුරු Monday, 06 April 2015 05:33 AM

සුපිරි සොයාගැනීමක්. නියමයි. (ස)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 25 March 2015 11:37 AM

පිටසක්වල සිට පැමිණුනා වත්ද .? (ර)

:       0       0

කුමාරි ගමගේ Saturday, 28 March 2015 04:53 PM

රතු වැස්ස, නිල් වැස්ස.. දැන් තව එකක්. (ත)

:       0       0

අරුණ ජයරත්න Saturday, 28 March 2015 05:40 PM

යම් ජීවියෙක් ජිවත් වන පරිසර තත්වයන් වෙනස් වන විට එයට ඔරොත්තු දිය හැකි වන අයුරින් හැඩගැසීමකට ලක් වෙනවා. නොහැකි අය වඳ වෙනවා. කිසිම වෙනසක් නැතිව පැවතීමට හැකි ඔරොත්තු දෙන අය එලෙසම පවතිනවා. මෙය මිනිසාටත් පොදුයි.(ත)

:       0       0

දර්ශන Saturday, 28 March 2015 06:26 PM

මොවුන් ගැන පොත් වල ලියවිලා තියෙනවද? එහෙනම් ඇයි මෙචීචර කාලයක් සෙවීවෙ නැත්තේ. එම සතාව අනිවාර්යෙන් පරීක්ෂන සදහා යොදා ගත යුතුයි. මැරීමට නොව තව සිටිනවාද ; මොහුගේ පරිනාමය කුමක්ද කියා දැන ගැනීම සදහා. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 06:49 AM

පරිණාමයට පරිසර වෙනසට කල සොබා දහමේ අභියෝගයක්ද ? (ම)

:       0       0

දොන් Friday, 27 March 2015 03:23 AM

මට මේක පැහැදිලි කර දෙන්න. පරිණාම විද්‍යාවට අනුව ජීවින් වෙනස් වන්නේනම් පරිනාමයේ මුලික අවස්ථාවේ ජීවින් වන ගෙම්බා , ඉබ්බා වැනි සතුන් තවම ලොව ජීවත් වන්නේ කුමක් නිසාද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site