ජල වාෂ්ප සහිත නව ග්‍රහලෝකයක් සොයාගත හැකි වූ බව ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. පෘථිවිය මෙන් හතරගුණයක් පමණ විශාලත්වයකින් යුතු මේ ග්‍රහලෝකය එච්.ඒ.ටී.පී - 11 ලෙස නම්කැර ඇත.
විද්‍යාඥයන් පවසන්නේ මෙය කිලෝ මීටර ට්‍රිලියනයක් හෙවත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටන බවයි.
හබල්, ස්පිට්සර් සහ කෙප්ලර් දුර දක්න වල ආධාරයෙන් මේ ග්‍රහලෝකයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳ තේරුම් ගැනීමට හැකිවූ බව ද විද්‍යාඥයෝ කියති. වාළාකුළු නොමැති මේ ග්‍රහලෝකයේ වායුමය පිටවැස්ම ගැන සොයා බැලූ පර්යේෂකයන් පවසන්නේ එහි සියයට අනූවක් හයිඩ්‍රජන් පවතින බවයි. එමෙන් ම සැළකිය යුතු ජල වාෂ්ප ප්‍රමාණයක් ද ඇති බව ඔවුන් නිරීක්ෂණය කැර තිබේ.
ජලය ජීවය සමග පැහැදිලි සම්බන්ධයක් පවතී එසේ වුවත් එච්.ඒ.ටී.පී - 11 බී තාරකාවට ඉතාමත් ලංව පිහිටා ඇති බැවින් ජීවයට නුසුදුසු තරම් උණුසුමක් සහිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආලෝක වර්ෂ 124 කියන්නේ කිලෝ මිටර් ට්‍රිලියනයක්. ජිවත් වීමට සුදුසු ඇති නමුත් යන්නේ කොහොමද ? දැන් තාක්ෂනේට එහෙ යනවා තියා හිතන්නවත් බැහැ. දැනට තියන උපරිම වේගය පැයට කිලෝ මීටර් 39600ක් (නදී)
ඉක්මනින් ගියොත් හොඳයි, ඉඩම් කෑල්ලක් අල්ලගන්න (නි)
මේ නිවුස් එකේ හැටියට මේක තියෙන්නේ ආලෝක වර්ෂ 124 ක් දුරින්. ඒ කියන්නේ ආලෝකයේ වේගෙන් ගියත් අවුරුදු 124 ක් යනවා. මෙයාලට යන්න පුලුවන් දුරින් තියෙන අඟහරුගේ වතුර තියෙනවද නැද්ද කියල තාම හරියට හොයාගෙන නැතුව ආලෝක වර්ෂ 124ක් දුර එකක් ගැන කොහොමද කියන්නේ. (නදී)
පරිපාලනය කීපවතාවක්ම අවුල්වෙලා තියෙනවා .මැවුම් කරුට උනත් වරදිනවා.(හේ)
කොහෙද කුමාරි පැනලා ගියේ? අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න (නි)
සමන්, ඔබ ඉක්මන්වෙන්න එපා. සරත් මල්ලියි, කුමායි කියන දෙය ටිකක් අහන්න. අපරාදේ ටිකට් වලට ගෙවන සල්ලි (නි)
බුදු දහම ගැන බොහෝ අය කතාකරනවා. බුදුන් වදාල දර්මය ඉගෙන නොගෙන උගන්වන්න හදන අය එමටයි. බුදුන් වහන්සේ තවත් ලෝකවල් ගැන දේශනා කර වදාලේ ත්‍රිපිටකයේ කොයි වගන්තියෙද? වෙන වෙන හෑලි නොදොඩා ඊට පිලිතුර දිය හැකි කෙනෙක් වෙතොත් ගරු කරමි. එය නොදන්නෙහි නම් සිංහලෙන් මා නොදනිමි කිවුවා නම් ඊටත් ගරු කරමි. (නදී)
කොහේවත් තියෙන ලෝකයකට මෙහේ අය රණ්ඩු කරගන්නවා. හැම ආගමක්ම දර්ශනයක්. ස්වභාව ධර්මයට ආදරය කරන්න. එය ඔබව රකීවි. (නි)
C60---C80 ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා යන්න උත්සහ කරන්න එපා (නදී)
මා අදහන යේසුස් වහ්න්සේගේ වචනයෙහි තවත් ලෝක ගැන හෙළිදරව් කර තිබේ.මා පවසන දේ සත්‍යද යන්න ඕනෑම කෙනෙකුට සොයාබැලිය හැක..... (නි)
කවුරු හරි ආලෝකයේ වේගයට වැඩි වේගෙන් යන්න පුළුවන් රොකට්1 ක් හැදුවොත් අපිටත් යන්න පුළුවන්. කවුරු හරි හැදුවොත් මට කියන්න. (නි)
තවද ඔය සොයාගත්තා යැයි පවසන ලෝකය කෙනෙකුගෙ මුසාවක් වන්නටද හැක.නමුත් තව ලෝක තිබෙන බව යමෙක් සොයාගත්තත් නැතත් අපි එය විශ්වාස කරමු (නි)
යමෙක් බුදුන් වහන්සේ වදාළ යමක් උපුටා ගන්නෙහි නම් ඒ උපුටාගත් ග්‍රන්ථය සහ ස්ථානය නොදන්නෙහි නම් එය නොලියා සිටීම ඔහුට හොඳය (නි)
බුදු දහමේ සත්ත්‍ය නිවැරදිව ඔප්පු වෙන දෙයක් (අ)
ගයාන්, ජීවින් වෙන ලෝක හොයාගනීවි. නමුත් ඒවායේ ජීවත්වෙන්න නම් බැරිවේවි. ඇයි කිව්වොත් දෙවියන් මනුෂ්‍යයා මවා ඇත්තේ මැවිය යුතු නියම තැනයි (නි)
ජලය තිබුණට ඉන්න බැරිනම් වැඩක් නැහැනේ (නි)
කුමාරි මහත්මිය, ඔබ ලියන දෙය සංස්කරණය කිරීමට සිදුව ඇත්තේ එය දිගු වැඩි බැවිනි. ඔබ ලියන දෙය කෙටියෙන් හරවත්ව ලියන්න
මේ තියෙන ජල වාෂ්ප ලංකාවේ ගෑස් වගේද දන්නෙ නැහැ (නි)
දෙවියා යනු කාගේවත් මැවීමක් නොවේ. පෘථිවිය සහ අන් අපට දිස්වෙන නොපෙනෙන ලෝකයන්ද, තරු , සුර්යයා, චන්ද්‍රයා, සර්වබලදාරී දෙවියා විසින් මැවුවා පමණක් නොව ඒවා පරිපාලනය ඔහු විසින් කරනු ලබයි. එසේ නැතහොත් විශ්වයේ පවතින බිලියන ගණන් ග්‍රහ වස්තුන් එකිනෙක ගැටී මහා විනාශ ඇතිවීමට පුළුවන (නි)
අපිට තව කොච්චර කාලයක් යයිද එතනට යන්න.(හේ)
උපරතන හිමියනි, ඔබ නිවැරදියි (නි)
මේ අහසේ මොනතරම් ලෝක තිබේද කියලා හිතාගන්නත් බැහැ.එතරම් විශ්වය විශාලයි.ඒවා හොයාගන්න කොතරම් කාලයක් යයිද කියලා හිතාගන්නත් අපහසුයි.බුදු දහම තුල මේ ගැන කියා තිබේ.එය හදාරන්න (නි)
ඔබ ප්‍රථිචාර කිහිපයකට එවන්න. ඔබ දැන් දිගටම එවන්න.
අර කිව්වත් වගේ කුමාරි ප්‍රශ්ණෙන් පැනල යන්නයි හදන්නේ. කුමාරි, දෙවියන් වහන්සේ මැව්වේ කව්ද ? අනික කුමාරි අපිට තර්ජනය කරනවා වගේ. (නදී)
ගුඩ් බායි
මේ සම්බන්ධයෙන් කරන පර්යේෂණ සාර්ථක වේවා යැයි පතමි.(හේ)
ළිපියේ අවසාන වැකිය කියවලා නෑ . "ජීවයට නුසුදුසු තරම් උණුසුමක් සහිතය. " (නදී)
නිශා, ආරම්භයක් අවසානයක් තියෙන්නේ කාලයට යටත් වන දේවල් වලට පමණයි. කාලය කියන්නෙත් දෙවියන්ගේ මැවීමක්. එම නිසා දෙවියන්ගේ මැවීමකට දෙවියන් යටත් වෙන්නේ නැහැ. (නදී)
විශ්වයේ ග්‍රහලෝක ගැන හොයල කවදාවත් කාටවත් වැඩක් වෙන්නේ නෑ. අන්තිමට මිනිසා ඕව හොයල පිස්සෙක් වෙනවා. (නදී)
තවත් ලෝක හොයන්නේ මේක වගේම ඒකත් සතෙකුටවත් ඉන්න බැරි විදියට විනාශ කරල දාන්න. මුළු විශ්වයේම හතුරා පෘතුවියේ ජීවත් වෙන මිනිසා කියන දරුණු සතා (නදී)
කට්ටිය කුමාරිගෙන් අහනවා දෙවියන්වහන්සේව මැව්වේ කවුද කියලා. මම අහනවා ඒ අයගෙන් විශ්වය තුලින් ඔබ සියලු දෙනා මැවුනේ නම් විශ්වය මැව්වේ කවුද කියලා මට කියන්න.(අ)
කුමාරි මහත්මියට පිළිතුරකි. අංගුත්තර නිකායේ “චූලනිකා සූත්‍රයෙහි” සක්වළ (චක්‍රාවාට) ගැන කර ඇති බුද්ධ දේශනාවෙන් මේ වගේ ජීව ලෝක පිළිබඳව තොරතුරු සදහන් වේ.බුදු දහම ගැන මුලික අවබෝධය ලැබීමට නම් රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කියවන ලෙස යෝජනා කරමි.එම වටිනා ග්‍රන්ථයේ 189 පිටුවේ සිට ඉදිරියට කියවන්න. "සත්වයන් උපදින ස්ථානය " යන මාතෘකාවේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ඇත.මෙහි ඒ පිළිබද දීර්ඝ විස්තරයක් මෙහි සිදුකිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි (නි)
තව ටික දවසකින් කියාවි වතුර වගේ පෙනෙන අභ්‍යවකශේ..පවතින දෙයක් මිස වතුර නෙවෙයි කියල. ඒ ඇමෙරිකාවේ හැටි. තව ටිකක් ඉවසල බලමු.(හේ)
ඇයි අවුරුදු මිලියන 60කට කලින් ග්‍රහයෙක් ඇවිල්ලා ඩයිනෝසිරස් මරලා දැම්මේ... උනුත් මරුනා නම් අනිත් ජීවිනුත් ඔක්කොම වගේ මැරෙන්න ඇති. (නි)
මේ ග්‍රහ ලෝකය හරියට නේප්චූන් වගේ. කළු ලපයට සමාන එකක් මේකෙත් තියෙනවා.(හේ)
මේ ලෝකයේ අවසානය වගේම පටන්ගැන්මත් සොයා ඵලක් නැහැ (නි)
අදුරේ අතපත ගාන්න කලින් එක බලන්න.(හේ)
මේ ග්‍රහලෝකේ සොයා ගත්තත් ඵලක් නෑ වගේ.(හේ)
අපිට යන්න බැරිද? (නි)
අනේ මංදා, මේකට අදහස් දාලා තියන මිනිස්සු. එක එක ලස්සන නම්. හරියට නිකන් සුපර්ස්ටර්ස්ලා වාගේ. සමහරු බුදුදහමෙන් ලොකු කතා කියන්න හදනකොට අාය කෙනෙක් ක්‍රිස්තු දහමෙන් ගේම දෙන්න හදනවා. ඒ අතරේ එක මනුස්සයෙක් අනේ අනෙච්චං මෝඩ කතා එ් ග්‍රහ ලොකෙන් වතුර ගන්න කතාව. ඒ අස්සෙ තව කෙනෙක් ආලෝකයේ වේගයට වඩා යන රොකට් හැදුවොත් එයාට කියන්නලු. සමහර අය පදිංචියට සුදුසු විදිහට හදන්නලු. අනේ නෝනා වරුනි මහත්වරුනි. වැඩක් නැත්තම් නිකා ඉදපල්ලා (නදී)
මම නම් කැමතියි ඔය වගේ වෙනස් විදියට හිතන මිනිස්සුන්ට.(හේ)
මගේ තර්කය මේකයි. අපි හිතුවට අපේ ලෝකේ ජීවත් වෙන අපිට ඕනේ ජලය සහ වතුර කියලා. අපි කොහොමද දන්නේ වෙන ලෝක වල ජීවත් වෙන ජීවීන්ට වෙන වායුවකින් ජීවත් වෙන්න පුළුවන් ද කියලා (නදී)
මේ කළු ලපය තියන, නේප්ච්න්ගේ ගේ ෆොටෝ 1 ක් නේද. ඒකේ ජලය නැහැනේ අපි දන්නා විදියට. (නදී)
කුමාරි, දෙවියන් වහන්සේ මැව්වේ කව්ද ? (නි)
මේ විශ්වයේ සමහර දේවල් ගැන නොසොයා ඉන්න එක වඩා සුදුසුයි. බුදුන් වහන්සේත් මෙසේ දේශනා කර තිබෙනවා. උදාහරණයක් විදියට විශ්වයේ කෙලවර මොන විද්‍යාවකටවත් මැනිය නොහැකි දෙයක්. ඒ නිසා මිනිසාගේ බුද්ධිමය සීමාවට තරම් වන දේවල් පමණක් ඔස්සේ යාම වඩා හොඳයි. . ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ ආගම් මෙයට මග කියාදී තිබෙනවා. කෙසේ නමුත් බුදු දහම කියාදී ඇති කරුණු දිනෙන් දින ඔප්පු වෙමින් පවතිනවා. (නදී)
ලංකාවේ නිතියක් නැහැ. මට එහෙ යන්න උදව් කලොත් මෙහෙ ඕන මංගල්‍යයක් කර ගන්න මේ පාලකයන්ටම දිලා නිදහස් රටක් හදන්න පුලුවන් වෙයි (නදී)
කුමාරි ,ඔයාලගේ දෙවියන්ගේ රටේ හැටි මෙහෙ ඇවිල්ලා දැනගන්න. නොදන්නා දේවල් කියවන්න එපා (නි)
මේ සියලු පර්යේෂකයෝ බෞද්ධ විශ්ව විද්‍යාලයකට යවන්න වෙනවා. එතැනදී සියලු දේ ඉගෙනීමට ලැබේවි. අපරාදේ මෙවන් පර්යේෂණ වලට මෙතරම් මුදලක් වැය කරන්නේ. මීට අවුරුදු 2500 කට පෙර මේවා ගැන සඳහන් කර තිබෙනවනේ. (නදී)
ඔබ ඔය කියන දෙවියනන් වහන්සේ දැක තිබේද? ඔහු මේ විශ්වය මැව්වා නම් ඔහු මැව්වේ කව්ද? (නි)
හොඳ සොයාගැනීමක් (නි)
මේ විශ්වයේ තව කොච්චර ඇතිද ඔය වගේ.(හේ)
කුමාරි මහත්මිය http://tripitakamyview.blogspot.com/2013/03/chulanika-sutta.html වෙබ් අඩවියට ගොස් චුලනික සුත්‍රය බලන්න. ඔබට වෙනත් සුත්‍රත් කියවීමට යෝජනා කරමි. (නදී)
දෙවියන් වහන්සේ සදාතනිකයි ...ස්ථිරයි .. උඩ ඉන්නවා .. ඔහු මේ ලොව මවා සියල්ල මවා මිනිසා සහ ගැහැණිය මවා මෙතැන් සිට වැඩි දියුණු වෙයල්ලා කියා මිනිසාට මොලයක් දුන්නා ඉදිරියට යන්න .. එහෙම කරලා දෙවියන් පැත්තකට උනා ... දැන් ඔහු මෙලොව ගැන බලන්නේ නැහැ .. දැන් ඉතින් මිනිසා තම මොලය පාවිච්චි කර මේ විශ්වය මොන තරම් විශාලද, මොනවද තියෙන්නේ කියල ගවේෂණය කරනවා .. මිනිසාගේ මොලයට දැවැන්ත ශක්තියක් තියෙනවා මේ විශ්වයේ විශාලත්වය සොයාගන්න .. (හේ)
වතුර බෝතල් කරලා විකුණන ව්‍යාපාරයකට හොඳ තැනක් වගේ. ඉක්මනටම ගියොත් හොඳ තැනක් අල්ලගන්න පුළුවන් වේවි. වතුර බෝතල් වලට හොඳ නමක් සහ වෙලාවක් බලාගන්න ඕනෑ. (නි)
බුදු හාමුදුරුවෝ මේ ග්‍රහ ලෝක ගැන කිව්වේ දැනට වසර 2500 කට කලින් (නදී)
බයිබලයේ සඳහන් විදිහට පොළොව විතරක් නොව මේ මුළු විශ්වයම මවලා නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන්. (නි)
දෙවියන් මැවුවේ දෙවියන්ගේ අම්මාය ........තාත්ත කවුද කියා හරියටම කිව නොහැක (නදී)
දෙවියන් ලෝකය මැව්වා නම් කවුද දෙවියන් මැව්වේ?? (නි)
කුමාරි, මෝඩ කම පෙන්නන්න එපා. ඔබගේ අගම මගේ ආගම කියල වෙනසක් නෑ හරියට පිළිපදිනවා නම්. වෙන ආගමක හරි දෙයක් දකින කොට කුහක විදියට බලන්න එපා (නදී)
නිශා, මට මෙය පහදා දෙන්න. මේ ලෝකය දෙවියන් වහ්න්සේ මැවුවේ නැතිනම් මේක කවුද මැවුවෙ ? එහෙම නැතිනම් මේක ආවෙ කොහොමද? (නදී)
බුදුන් කීවේ ලෝක විෂය අචින්තයි කියලා. හිතන්න යන්නෙපා කියලා. බුද්ධ විෂයත් එහෙමමයි. බුදු දහමේ පෘතුවිය ගැන, මන්දාකිනි ගැන කියල තිබෙනවා. දිව්‍යලෝක ගැනත් තිබේ. මේවා ත්‍රිපිටකයට අඩංගු කරන්න තරම් ධර්මයක් නොවේ නිර්වාණය ප්‍රාර්ථනාව. (නදී)
තිලංක .... .සමාවෙලා මට කියන්න....බුදුන් වහන්සේ දේශනා කරපු සමස්ත ත්‍රිපිටකයෙ ග්‍රහලෝක ගැන කියවෙන්නේ කොයි ස්තානයෙද ? (නදී)
මොනවා වුණත් ඒක මරු නිවුස් එකක්..(අ)
ජලය තියෙනවාද නැද්ද කියලා හරියටම දන්නේ නෑනේ.(හේ)
ටිකින් ටික බුදු දහම සත්‍ය වෙනවා. කවදා හරි ජීවීන් ඉන්න වෙන ලෝක හොයා ගනීවි (නදී)
යමෙක් බුදුන් වහන්සේ වදාළ යමක් උපුටා ගන්නෙහි නම් ඒ උපුටාගත් ග්‍රන්ථය සහ ස්ථානය නොදන්නෙහි නම් එය නොලියා සිටීම ඔහුට හොඳය (නදී)
සිංහල රටේ ඉඳගෙන සුද්දන්ගේ ගෙරිමස් කෑල්ලට යටවෙලා හිස අවුල් කරගත්ත කුමාරිට බුද්ධ ධර්මය ගැන තරහක් තියෙනවා වගේ. (නදී)
ආලෝක වර්ෂ ගණන් ඈතින් තියෙන ලෝක ගැන හොයන්න දඟලන්නේ නැතුව ඉස්සෙල්ලා අපේ ලෝකයේ ප්‍රශ්න ගැන බලලා හිටියොත් නේද හොඳ? (නි)
දෙවියන් වහන්සේ සාතන්ගේ ගෝලයන් වැනි ප්‍රාදේශීය සභාකාරයන්ව මැව්ව එක එතුමා කරපු මෝඩකමක් කියලයි මට නම් හිතෙන්නේ! (අ)
එහෙනම් මිනිස් වාසයත් ඇති.(හේ)
මට මෙය පහදාදෙන්න. සර්ව බලදාරි දෙවියන් මැව්වේ පෘතුවිය පමණක්ද ? නැතිනම් මේ දකින සෑම දෙයක් සමගම හිතාගන්න බැරි සම්පුර්ණ විශ්වයමද ? මේ දේ එම දෙවියන් කලා නම් එම දෙවියන්ව මැවුවේ කවුද. මෙය සිදු වූ කාල වකවානුව. (නදී)
මුළු ලෝකයම එපා වුණ අයට ඒක හොඳ ලෝකයක් වෙයි.ඒ වගේ අයව හොයලා බලලා ගිහින් ඇරලවන්න ඕනෑ. (නි)
වැඩි විස්තර දාන්න එපා. හෙට ඕකටත් කට්ටිය රිංගයි (නදී)
බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක්. බුදු හාමුදුරුවෝ කියලා නැහැ මට වඳින්න පුදන්න කියලා. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය මාර්ගයෙන් සසරෙන් එතෙරවන්න කියලා. (නි)
වෙන වැඩක් නැතුවට. අපරාදේ සල්ලි! (නි)
ලංකාවෙන් නම් යවන්න හොඳ නැහැ. එතනත් ගහ මරාගනියි (නදී)
මීළඟ ඡන්දෙදී වියලි කලාපයට මේ ග්‍රහ ලෝකයෙන් වතුර ගෙනත් දෙනවා කියා පොරොන්දු දේවි (නදී)
කුමාරිගේ ප්‍රශ්න වලට නියම සුදුසුම පිළිතුර දීලා තියෙන්නේ ඉන්දික. ඉන්දික, ඔබට බොහොම ස්තුතියි.ඒ වගේම කුමාරිගේ ප්‍රශ්නකිරීම් වලින් මෙතන සමහරු ගොඩක් කලබල වෙලා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. තෙරුවන් සරණයි! (නි)
කුමාරි, කරුණාකර මට පවසන්න, මේ ලෝකය දෙවියන් විසින් මැව්වා නම් ඒ දෙවියන් හිටියේ කොහෙද? (නි)
හොඳ සොයාගැනීමක් (නි)
මේක පදිංචියට සුදුසු විදියට හදන්න ක්‍රමයක් නැද්ද? (නි)
අම්මට සිරි ... දෙයියෝ උඩ ඉන්නවලු ... බැරිවෙලාවත් උඩ බලන්න එපා .(අ)
විශ්වයේ තේරුම් ගන්නට බැරි ගැඹුරක් තියනවා. බුදුන් වහන්සේ දේශනාකොට වදාළ පරිදි මේ ගැඹුර, කෙළවර තේරුම්ගත හැක්කේ අනන්ත අප්‍රමාණ ලෙස බුද්ධිය දියුණු කළ අයෙකුටයි. ඒ බුදුන් වහන්සේ කෙනෙකුටයි. කුමාරි, ඔබට අවශ්‍ය නම් ඔබද භාවනා කරමින් ඔබගේ මනස බුද්ධිය දියුණු කිරීමේ ගමන අරඹන්න (නි)
මැනිය නොහැකි විශ්වය ගැන හොයන ඔය කට්ටිය බබයක් වෙන මේ ශරීරය ගැන මොනවද දන්නේ. හොයන්න එක ගැන සියලු ලෝක ඒ තුල තියනවා. (අ)
යන්න නම් තිබුණා. ඒත් දුර වැඩියි (නි)
මේ සොයාගැනීම අගය කරන්න. අනවශ්‍ය දේවල් ගැන වදවෙන අය මුකුත් නොකියා ඉන්න (නි)
මට විශ්වාස නැහැ. දුර වැඩියි වතුර දකින්න. (නි)
කුමාරි, දෙවියෝ ලෝකය මෑවුවා නම් දෙවියන් මැවුවේ කවුද?? (නි)
බුදුන් වහන්සේ දේශනා කරේ අපි ජීවත් වන කාලය විශ්වය සොයන්න ප්‍රමාණවත් නැති බව . එක නිෂ්ඵල දෙයක් බවත් මේ භවයෙන් එතෙර වෙලා නිවන් මාර්ගය අවභෝද කරගන්න කියල තම දේශනා කරේ (අ)
කොහේ යන්නද අපි? (නි)
පෙනීම යනු ආලෝක කිරණක් නම් ආලෝක වේගයත් පෙනීමේ වේගයත් සම්මාන විය යුතුය .ආලෝක වර්ෂ 124 දුර දෙයක් කෙටිකාලීන අධ්‍යයනයක් කොහොම කරන්නද කියල හිතා ගන්න බැහැ.මගේ නොදැනුවත් කමද දන්නෑ. අඩු තරමේ පරම්පරා 3 වත් අධ්‍යයනය කල යුතු නොවේද,? (අ)
බෞද්ධ දර්ශනය මැවීම් වාදයක් නොවේ. එහි විද්‍යාත්මක බවක් තියෙනවා. එය අද ඔප්පු වෙමින් පවතිනවා. විද්‍යාවට ඔප්පු කල නොහැකි ඕනෑ තරම් දේවල් තවම බෞද්ධ දර්ශනයේ තියෙනවා. බුදු කෙනෙකුගේ බුද්ධිය කොතරම්ද කියල හිතාගන්නත් නොහැකිය. ඒ ගැන තර්ක කරන එකත් මෝඩ කමක්. (නදී)