ශ්‍රී ලංකාවෙන් බිහි වූ බොලිවුඩ් නිළියක වන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් ඉකුත් දා නිවාස හා මානව සංවර්ධනය මාතෘකව යටතේ යුරෝපා පාර්ලිමේන්තුවේදී දේශනයක් කළාය.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව වන යුරෝපා පාර්ලිමේන්තුවේ දේශනයක් සඳහා ලද ඇරැයුමකට අනුව ඇය එම අවස්ථාවට සහභාගී වූවාය. යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීහු පිරිසක් ද එයට සහභාගී වූහ.

ඇය චෙන්නායි නුවරට බලපෑ ගංවතුරට හසු ව අවතැන්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා ඉදිරිපත්ව සිටි අතර එම කටයුත්ත සඳහාම ඇය රාජ්‍ය නොවන සංවිධානයක් සඳහා ද එක් ව සිටියි. අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීම සඳහා ද ඇය කටයුතු කරමින් සිටියි. 

ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් මනුෂ්‍යයන් සඳහා ජනවාස නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් හා එක් ව සිටින අතර ඒ ඔස්සේ ‘ජැක්ලින් බිල්ඩ්ස්’ නමින් ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත.