IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජැකලීන් යුරෝපා පාර්ලිමේන්තුවේ කතා කරයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ බොලිවුඩ් නිළියක වන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් ඉකුත් දා නිවාස හා මානව සංවර්ධනය මාතෘකව යටතේ යුරෝපා පාර්ලිමේන්තුවේදී දේශනයක් කළාය.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව වන යුරෝපා පාර්ලිමේන්තුවේ දේශනයක් සඳහා ලද ඇරැයුමකට අනුව ඇය එම අවස්ථාවට සහභාගී වූවාය. යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීහු පිරිසක් ද එයට සහභාගී වූහ.

ඇය චෙන්නායි නුවරට බලපෑ ගංවතුරට හසු ව අවතැන්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා ඉදිරිපත්ව සිටි අතර එම කටයුත්ත සඳහාම ඇය රාජ්‍ය නොවන සංවිධානයක් සඳහා ද එක් ව සිටියි. අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීම සඳහා ද ඇය කටයුතු කරමින් සිටියි. 

ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් මනුෂ්‍යයන් සඳහා ජනවාස නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් හා එක් ව සිටින අතර ඒ ඔස්සේ ‘ජැක්ලින් බිල්ඩ්ස්’ නමින් ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත.  

 

 

 



අදහස් (0)

ජැකලීන් යුරෝපා පාර්ලිමේන්තුවේ කතා කරයි

සේන Wednesday, 18 May 2016 10:38 AM

අපි කාටත් ආඩම්බරයක් - සුබ පැතුම් (අ)

:       0       0

භද්‍රානි Thursday, 19 May 2016 09:35 AM

පීරිස්, ලංකාවේ ඉපදිලා හැදිලා ඔබ වගේ අයට දිනන්න පුළුවන් කම ඇති. එ්ත් සැබෑ දක්ෂයින්ට දිනන්න බැහැ. අන්න ඒ නිසා තමයි ජැකලින්ලා වගේ අය තමන්ට සුදුසු තැන තෝරාගෙන තිබෙන්නේ. දැන් පේනවනේ ඇය ජාත්‍යන්තරය පවා ජයගෙන ඇති අන්දම. එහි තේරුම තමයි ජාත්‍යන්තරය ජයගන්න පන්දම අවශ්‍ය නොවන බව හා හැකියාව හා දක්ෂකම පමණක් අවශ්‍ය බව. සමහර ලිං මැඩියන්ගේ මන්ද මානසිකත්වය නිසා තව ජකලින්ලා වගේ කොපමණ ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙන්න ඇද්ද? (බ)

:       0       0

ඉමේෂ් Thursday, 02 June 2016 08:24 AM

මෙහෙන් කාල බීල ගිහින්න්ට පිටරටට ආවඩනවා. අඩුම තරමේ ලංකාවේ නමවත් කියනවනම් කමක් නැහැ. මෙයා දැන් ඉන්දියාවේ කෙනෙක් ලංකාවේ කෙනෙක් නෙමෙයි. (බ)

:       0       0

පෙරේරා Thursday, 19 May 2016 10:16 AM

මේ අර අපේ රටේ නිළිය නේද. (ර)

:       0       0

අනූ Monday, 23 May 2016 11:46 AM

ඔබට සුබ පැතුම් අපේ රටට ඔබ ආඩම්බරයක් ශ්‍රී ලංකා රූ රැජිණ (බ)

:       0       0

කිරි ගමරාල Thursday, 19 May 2016 10:54 AM

තමාගේ හැකියාවන් සඳහා වෙළඳපොල ඇත්තේ ඉන්දියාවේ බව ඇය තේරුම් ගැනීමෙන් පසු ඉගෙනගත් හින්දි භාෂාව සහ රඟපෑමේ හැකියාව සමග ඉන්දියානු සිනමා ලෝකයට පියමන් කොට ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන අතර ඒ නිසාවෙන්ම ඇයට විවෘතවූ යුරෝපා දොරටුවෙන් ඇතුළුව යුරෝපා ප්‍රජාව ඇමතීමට ඇය ලැබූ අවස්ථාව ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුල හිරවී සිටියානම් කිසිදිනෙක නොලැබෙන බව විවේචනාත්මක ඇසින් ඇයගේ ක්‍රියාව දෙස බලන ලාංකිකයින්ට වටහා දෙනු කැමැත්තෙමි. (ර)

:       0       0

ගයාන් Friday, 20 May 2016 04:40 AM

ඔබ අපට ආඩම්බරයක්. ලංකාවේ නම ලෝකයේ බබළවන එකම ලොකු දෙයක් (නි)

:       0       0

පුබුදු Wednesday, 18 May 2016 06:05 AM

කව්රු කොහේ හොඳ දේ කලත් අගේ කරන්න ලංකාවේ මිනිස්සු කවදා පුරුදු වේද මන්දා . ජැකලින් ලංකාවට ආඩම්බරයක්. (ර)

:       0       0

සුගත් Tuesday, 17 May 2016 09:06 AM

ඇය අප රටට ආඩම්බරයකි. අද ඉන්දයාවේ බොලිවුඩ් වල පළමු 10 දෙනා අතර සිටින ඉතාම දක්ෂ, හොඳ නිළියක්. අපේ සුබ පැතුම් ඇයට! අගේ වෘත්තිය අගයකරන ගමන්ම කරන සමාජ මෙහෙවරත් අගය කළයුතුයි (නි)

:       0       0

පෙරේරා Friday, 20 May 2016 07:28 AM

ලංකාවට ආඩම්බරයක්. (ර)

:       0       0

සමන් Friday, 03 June 2016 01:28 PM

කවුද කතා කරන්න දුන්නේ මේ වගේ අයට.(හේ)

:       0       0

රුවන් Wednesday, 18 May 2016 07:11 AM

ලංකාවේ කෙනෙක්ට මෙහෙම අවස්ථාවක් ලැබීම ගැන සතුටුයි. (ර)

:       0       0

පසන් Wednesday, 18 May 2016 07:30 AM

බෙනට්, ඔබ වැනි අය ගැන කණගාටුයි. (ර)

:       0       0

පීරිස් Wednesday, 18 May 2016 08:30 AM

ලංකාවේ ඉපදිලා හැදිලා දිනලා, වෙන රටකට ආවඩනවට වඩා හොඳ නැද්ද අපේ රට ගෙන කතාකරන එක.? (බ)

:       0       0

කමනි Monday, 23 May 2016 09:34 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ප්‍රදීප් ලියනගේ Wednesday, 18 May 2016 08:52 AM

අනේ ජැකලින් ඔබගේ සහාය දැන් ඔබේ රටට ඕන වෙලා තියෙනවා. ගං වතුරෙන් නාය යාමෙන් මිනිස්සු මැරෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site