එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති චීනයේ හෙනාන් ප්‍රාන්තයේ පිහිටි දැවැන්ත "ලොන්ග්මන්" ලෙන් විහාර සමුහයේ පිහිටි "කන්ජින් රාජකීය ලෙන් විහාරය" වසර 63 කට පසුව බැතිමතුන් සහ සංචාරකයින් වෙත විවෘත කර ඇත.
පෞරාණික චීන බෞද්ධන්ගේ නිර්මාණශීලි බවත් කැපවීමත් විදහා දක්වන මෙම පුදබිමෙහි සැතපුමක් පමණ දිගට විහිදී ගිය හුණු ගලෙහි අලංකාර පිළිම සහ කැටයම් වලින් පිරීගිය ලෙන් විහාර 2300 කටත් වැඩි ප්‍රමාණයක් ඇත.
ඒවා අතරින් දැනට කන්ජින් රාජකීය ලෙන් විහාරය මහජනයා වෙත විවෘත කිරීමට තීරණය කළේ මෙම ලෙන් විහාර වැඳපුදා ගැනීමටත් නැරඹීමටත් පැමිණෙන අති විශාල ජනතාව සඳහා එහි ඉඩකඩ ප්‍රමාණවත් වන නිසා බව ලොන්ග්මන් ලෙන් පරිශ්‍රය භාර පුරාවිද්‍යා ආයතනය පවසා ඇත.
මෙතෙක් කල් සංචාරකයින් හට අවස්ථාව ලැබුණේ එම ලෙන් පිහිටි කඳු පන්තිය අසල සිට ඒවා දැක බලා ගැනීමට පමණකි. මෙතෙක් සංචාරකයින් හට එම සුවිසල් ලෙන් විහාර තුළට ඇතුල් වීමට ඉඩ ලැබුණේ නැත.
මාර්තු මාසයේ සිට විවෘත කෙරුණ ප්‍රධාන ලෙන් විහාරය තුළ ක්‍රිස්තු වර්ෂ 618 සිට 907 දක්වා පැවති "ටැං" රාජ වංශයේ පාලන සමයේ ඉදිකළ අඩි 29ක් උස අලංකාර හිඳි පිළිම වහන්සේ නමක් ඇත.
සම්පුර්ණ ලෙන් විහාර පරිශ්‍රයේ වසර 300 ක පමණ කාල සීමාවක් ඇතුලත නිර්මාණය කර ඇති බුදු පිළිම සහ අනෙකුත් ප්‍රතිමා 110,000 ක් පමණ ඇත. මෙම ලෙන් විහාරය මුලින් නිර්මාණය කර ඇත්තේ චීනයේ සිටි එකම අධිරාජිනිය ලෙස සලකන "වූ සේශියන්" ගේ රාජකීය විහාර මන්ධිරය ලෙසය.
දඹදිව සිට චීනයට බුදුදහම ගෙන ආ "ශුවන්ෂන් " නම්වූ සුප්‍රකට චීන භික්ෂුන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ විසූ බවත් එහිදී උන්වහන්සේ විසින් බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් රචනා කරන ලද බවත් පැවසෙයි.
දීර්ඝ කාලයක් තිස්සේ වැසි සුලං ආදී විවිධ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දුන්නද මෙම විහාරයන්හි ඇති පිළිම වහන්සේලා බොහෝ දුරට ආරක්ෂාවී ඇත.
1970 ව වකවානුවේ චීනයේ ඇතිවූ චීන සංස්කෘතික විප්ලවාදී පවා මෙවැනි පෞරාණික වටිනාකමකින් යුතු ස්ථාන එම ප්‍රදේශවල ජිවත් වුවන් විසින් ආරක්ෂා කරන ලද බව කියවෙයි.
කන්ජින් රාජකීය ලෙන් විහාරයෙහි ඇති මිල කළ නොහැකි පිළිම ආරක්ෂා වන අයුරින් විදුරු ආවරණ සකස් කිරීමටත් පරිසර දූෂණය සොයා බැලීමේ උපකරණ සවි කිරිමටත් බලධාරීන් කටයුතු යොදා ඇත.

![CHINA1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/CHINA11.jpg)
![China3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/China31.jpg)
![China4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/China41.jpg)
![China5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/China51.jpg)
![China6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/China61.jpg)
![Cina2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/Cina21.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවුණු බෞද්ධ ඉතිහාසය ලොවෙහි තව කොතරම් ඇද්ද?(ම)
අබරන්ගේ කතාව වටිනා කතාවක්, ලෝකයේ යමෙක් අසීමිත දෙයක් ගොඩ නැගුවාද ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්මයි. (ර)
ලොව පුරා බුදු දහමට ඇති පිළිගැනීමත්, ආරක්ෂා කිරීමට එම රටවැසියන් ගන්නා උත්සාහයත් ඉතා ප්‍රශංසනීයයි. ලොව දස දෙස බුදුගුණ පැතිරේවා! (නි)
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා...!!! (නි)
බුදු දහම හැර වෙනත් ආගමක් නැත (බ)
සම්බුදු දහම බොහෝ දෙනාගේ හිතසුව පිණිස බොහෝ කාලයක් පවතීවා! (නි)
පින්බර දසුනක් බුදු දහම ලොව පුරම පැතිරේවා (ම)
මම වරක් චීනයට ගිහින් තියෙනවා.නමුත් ඒ කාලය දැනට වඩා ගොඩක් වෙනස්.ඒ කාලයේ ඡායාරුප ගැනීමත් තහනම්.දැන් ලෝකය වෙනස්වෙලා කාටත් චීනය විවෘත වුනා.අයෙත් දවසක මට "නව " චීනය දකින්න ආසයි, එදාට අනිවාර්යයෙන්ම මේ ලෝන්ග්මන් ග්රොත් එක බලන්න යනවා.(හේ)
බුද්ධාගමට කොච්චර වටිනාකමක් තිබිලා තියෙනවද ඔය පිළිම හදන්න? අද කාලේ වගේ පහසුකම් තිබුනේ නැහැනේ. හිතාගන්නවත් බැහැ මේ කැපවීම (නි)
හරිම ලස්සනයි. පින්බර දසුනක් (නි)