සඳ වෙත ගොස් යළි පෘථිවියට පැමිණීමේ හැකියාව සොයා බැලීමේ අපේක්ෂාවෙන් චීනය පරීක්ෂණ මට්ටමේ අභ්‍යාවකාශ යානයක් අද සිකුරාදා සහ ඉරිදා අතර කාලයේ දී අභ්‍යාවකාශගත කිරීමට නියමිතය. එය සඳවෙත ගොස් ඒ වටා කක්ෂගත වී පසුව යළි පැමිණීමට නියමිතය.
මිනිසුන් නොමැතිව යවන මේ යානය ලෝන් මාර්ච්-3 සී රොකට්ටුව යොදා බටහිර චීනයේ ෂිචුඅන් හි ක්ෂිචැංග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරිමට සූදානම් කැර ඇත. මෙය චීනය යන ප්‍රථම චන්ද්‍ර මොඩියුලයයි.
මිනිසකු සඳට යැවිමේ දී ඇතිවිය හැකි තාක්ෂණික අභියෝග සහ යළි පෘථිවියට පැමිණීමේ දී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ප්‍රායෝගිකව සොයා බැලීම මේ ගමනේ අපේක්ෂාව වී ඇත. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන සැළසුම් ශිල්පී කාරුහූ හාඕං පවසන්නේ අභ්‍යාවකාශ යානය යළි පෘථිවියට පැමිණීමේ දී වඩාත් වේගවත් වුවහොත් වායුගෝලීය ඝර්ෂණයට හසුවීමෙන් වැඩි තාපයක් හටගන්නා බැවින් එහි වේගය පාලනය කිරීමෙන් තාපය අඩුකැර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.
චන්ද්‍රයා වටා කක්ෂගත කර සතියක කාලක් තිබී පසුව පෘථිවියට පැමිණීමේ දී මොංගෝලියාවේ තණ බිමකට ගොඩබැස්සවීමට කටයුතු කරන බව චීන අභ්‍යවකාශ ආයතනය පවසයි.
චීනයේ අපේක්ෂාව වී ඇත්තේ හැකි ඉක්මණින් සඳ වෙත මිනිසකු යැවීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව චන්ද්‍රිකා යවනවා කියල කියන්නේ සත පහකට ප්‍රයෝජනයකට නෙමයි කාගේවත් ප්‍රතිරුප නංවන්නයි.මෝඩයෝ වැඩියෙන් ඉන්න රටක මොනවද කරන්න බැරි.(බ)
චීනය කියන්නේ බල්ලාගේ නීතිය ක්‍රියාත්මක කරන රටක්.පේන්නේ නැද්ද අපේ රටට වෙලා තිබෙන විනාසය.(බ)
චීන දන්නේ ප්ලාස්ටික් බඩු හදන්න විතරයි. (අ)
සිරි කරුණු නොදැන බොරු වපුරවන්න එපා. චීනය අද ලෝකයේ බටහිර රටවල් අභිබවා ආර්ථිකව කාර්මිකව නැගී සිටි. එහි මිනිසුන් කම්මැලි නැතුව රටට වැඩ කිරීමත්, කම්කරු අයිතිවාසිකම් දීමත් නිසා තමයි එහෙම උනේ. මම දෙවරක් චීනයේ බොහෝ තැන් වල සංචාරය කර තිබෙනවා. ඔබ කියන කිසිවක් මම එහෙදි ඇසුවේ නැහැ, දුටුවේ නැහැ. නමුත් ඔය කියන නිදහස අයිතිය ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදීන් කියන ඇමරිකාවේ නැහැ. කොටින්ම කම්කරු දිනය සැමරීම වත් නැහැ. කම්කරු අයිතිය සහ සහන අඩුම රට ඇමරිකාව. එහි සිටිනා අයගෙන් අසා දැනගන්න නොදන්නවා නම් (නදී)
"චීන්නු නිදි, නැගිටපු දාට ඉවරයි" කිවුවේ නැපෝලියන්නේ. දැන් ඔවුන් අවදිවෙලා... (නි)
ආසියාවම සතුටු වෙන්න ඕනි අද චීනය යන මේ ගමනට (නදී)
කමක් නෑ ඇමෙරිකන් කාරය ගිහින් අවුරුදු 50 කට පස්සේ හරි උත්සහයක් දරන එක හොදා.....(අ)
තව වසර විසිපහකින් චීනය ලෝක බලවතා.කාටද ආඩම්බර ?(අ)
මන් ගිය සතියේ හිටියේ චිනේ. බෙයිජින්ග් ඉතාමත් ලස්සන නගරයක් බලන්න තැන් බොහොමයි. නමුත් හුස්ම ගන්න බැරිතරමට වාතය අපිරිසිදුයි. බෙයිජින්ග් නගරය වැහෙන්න දුමෙන් පිරිලා. කර්මාන්ත වලින් පිටවෙන දුම් වලින් නගරය වැහිලා. කිසිම පාලනයක් නැහැ. ශේන්ගුහී නම් පරිසරය හොඳයි. ලෝකේ කිසිම නගරයකට දෙවෙනි නැහැ. දැන් චිනේ සමාජවාදයක් දකින්න නැහැ. පෝසත් මිනිස්සු සුඛෝපබෛාගී කාර් වලින් යනකොට දුප්පත් මිනිස්සු හිගාකනවා (නදී)
චිනා හදෙත් පාරවල් හදයි තව ටික කාලයක් යනකොට.(හේ)
චීනය මානව හිමිකම් කඩ කරනවා දැකලා තියෙනවද ? (නදී)
කුමාරි ඔය දැක්කේ චීනයේ දියණු නගරවල ..ඔය දුර පළාත්වලට ගිහින් කම්හල්වලට ගියොත් දැනගන්නට පුලවන් ඇත්ත තත්වේ ..(බ)
චීනය විතරයි දේශපාලන බලපෑම් නැතුව අනෙක් රටවල් සමග වෙළදාම් කරන්නේ. එ්කයි දියුණුවේ රහස. බටහිර රටවල් වෙළඳාම් කරන කොට දුප්පත් රටවලට අසාදාරන ගිවිසුම් ගහන්න වෙනවා. ඒක නිසා තමයි චීන ජාතිකයන් හඳට යනකොට ඇමෙරිකාවට අන්තර්ජාතික අභ්‍යවකාස මධ්‍යස්ථානයට අාහාරවත් යවාගන්න බැරි. රුසියාව නැත්තම් එහි මිනිස්සු නිරාහාරව මැරෙනවා. ලංකාවේ සමහර මිනිස්සුන්ට ඇමෙරිකාවේ පුරාජේරුව තවම ලොකුයි. අනේ අනිච්චන්. ලංකාවට වින කටින ඇමෙරිකාව. (නදී)
ලෝකයේ වැඩිම පරිසර දුෂණය සිදුකරන්නේ ඇමරිකාව, දෙවැනි තැන චීනය, තුන්වැනියා ඉන්දියාව (නි)
ලෝකයේ දිළිඳු රටවල් ඔක්කොම සුරාගෙන කාලා ඉවරයි. දැන් හඳටත් ගිහිල්ලා! (නි)
අමන්දා චිනේ පාරිභෝගික තාක්ෂනය දුර්වල උනාට ඔවුන්ගේ තාක්ෂනය ඉතා ඉහලයි .එක අපට පිළිගන්න වෙනවා .රුසියාවේ උනත් පාරිබෝගිකයන් සඳහා හදන බදු ඒ තරම් 'කොලිටි " නැහැ නමුත් ඔව්න්ගේ තාක්ෂනය ?(බ)
කුමාරි චීනේ ඔච්චරම හොඳ නම් ගිහින් පදිංචි වෙන්නකෝ. බොරුවට ගඟෙන් දිය බීලා මුහුදට ආවඩන්නේ නැතුව. මෙතන ඇමරිකාවට යුරෝපෙට බනින අය වැඩි හරියක් ඒ දියුනු රටවල සුඛෝපභෝගී ජීවිත ගත කරන අය තමා. නමුත් සුද්දෝ ලංකාව වගේ රටවල අයව ගනන් ගන්නේ නැති හින්දා පොඩි හීනමානයක් තියෙනවා. ඒකයි බනින්නෙ. ඔය සුද්දාට බනින කිසිම මිනිහෙක් ඇමරිකාවෙ හරි චීනේ හරි රටවල් දෙකින් එකක පුරවැසිභාවය ලබා දෙනවා කිව්වොත් යන්නේ ඇමරිකාවට මිසක් චීනෙට නෙමෙයි. (නදී)
හදේ මිසයිල හයි කරාට පස්සෙ ඇමෙරිකන් කාරයට තමයි ප්‍රශ්නේ (දී)
අපේ රටේ වගේ ජාතික ප්‍රතිපත්ති සහ නීතියක් එහෙ නැහැ වගෙයි. අපේ පාර්ලිමේන්තුවේ වගේ උගත් අයත් එහෙ නැහැ (නි)
කුමාර්,දැනටම චීනය ආර්ථික බලවතා වී නම් හමාරයි. කලින් හිතපු විදියට මේ තත්වයට පත් වෙන්න තිබුනේ 2019 වර්ෂයේයි. නමුත් කලින්ම ඉලක්කය පසු කළා. (නදී)
චීනයට ජය වේවා. (නදී)
සුජිත් ටෝකියෝ , ඔබ වරක් යුරෝපයේ සංචාරය කර බලන්න. සෑම නගරයකම සිඟන්නන් ඕනෑතරම්. පික්පොකට් ගසන ගැහැණුන් සහ අඩු වයසේ ළමයින් බහුලව දකින්න ලැබෙනවා. චීනය සෑහෙන දියුණුවත් ලැබූ රටක්. ඔවුන් කාබන් ගල් අඟුරු පාවිච්චිය සම්පුර්ණයෙන් නතරකොට පරිසර හිතකාමී රටක් කිරීමට කටයුතු කරනවා. එයට ස්වාභාවික ගෑස් ගැනීමට දැනටම මුදල් ගෙවා ගිවිසුම් ගසායි තිබෙන්නේ. දුප්පත් පොහොසත්බව ලෝකයේ සෑම රටකම තිබෙනවා. ඒක නැති රටක් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)
ජය වේවා චීනයට! (නි)
චීනය පසුගිය දශක දෙක තුළ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබුවා.ඒ ලෝකයේ වැඩිම ජනග්‍රහණයකුත් සහ සීමිත භූමියකුත් සමඟින්. සමාජවාදය 100% ක් නැතිවුණත් සමස්ත ජනතාවටම පෙර කාලයට වඩා බොහෝ දේ ලැබී තියෙනවා. නමුත් ඉන්දියාවේ වගේ ලොකු දරිද්‍රතාවයක් නැහැ. (නි)
සිරි , ඔයා ඔය පෙන්වන චීනයේ තත්වයම තමා මෙහෙ යුරෝපයේ , මමත් අවුරුදු දශක කිහිපයක් ජිවත් වන්නේ යුරෝපයේ , මම දුටු චීනය යුරෝපයට වඩා හොදය කියන්න පුළුවන් , ලබා තිබෙන දියුණුව , චීන්නු දෙන් යුරෝපයට එන්නේ ඉස්සර ජපන් සහ ඇමරිකන් කාරයොන්ට වඩා වියදම් කරන්න නිසා , ඔවුන්ට විශේෂ සෙලකිලි දෙන් මේ රටවල (බ)
පේනවා නේද මැදපෙරදිග රටවලට කර තිබෙන අපරාධ? (නි)
අනේ අපේ යානය කෙහේද නවත්තලා තියෙන්නේ කියන්න (නදී)
ලෝක බලවතෙක් උනත් වැඩක් නැහැ. මොකද චීනය මිනිස්සුන්ගෙන් වහල්ලු විදිහට වැඩ ගන්නවා. ඒ වගේම බරපතල වැඩ කරන කට්ටියට ආරක්ෂක උපකරනවත් නොදී වැඩ ගන්නවා. ලොවේ මිනිස් අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංගන කරන්නේ චීනය. මේවා හොඳයි චීනයේ පාලන පන්තිය සහ පෝසත් කට්ටිය සතුටු කරවන්න. දන්නෝ දනිති (නදී)
කුමාරි චිනේ තරු නැත්තෙ අහස දුෂණය වෙලා වැහිලා මුන්ට හඳේ තමයි ඉන්න වෙන්නේ (අ)
බලාගෙන යනකොට කට්ටියම චීනෙට ගිහිල්ල. මම විතරයි මෙහෙ ඉන්නේ..??(දිල්)
චීනාගේ මේ වැඩේ ගැන ආඩම්බරයි (නි)
චීනත් හඳ ඇල්ලුවා එහෙනම් (අ)
චීනය කවදාහරි ඇමෙරිකාවටත් වඩා බලගතු රටක් වේවි. (අ)
හදත් ලාබ - බාල බඩු වලින් පුරවයිද දන්නේ නැහැ. (ර)
නිහාල් නැපෝලියන් ඕක කියනකොට කවුද ළඟ හිටියේ? නිකන් බොරු කියන්න එපා චන්ද්‍ර (නි)
චීනෙට ජය වේවා!..(හේ)
ඇමරිකාව හඳට ගිය කථාව බොරු. ඕනතරම් යූ ටියුබ් එකෙන් මේ ගැන වීඩියෝ බලන්න පුළුවන්. (ස)
මිනිසෙකු සඳ මතට යවන්න දැනුම තිබුනට තවම එම කෙනාව පණපිටින් ආපසු පොළොවට ගෙන එන්න තාක්ෂණය දියුණු නැතිබවයි මම නම් කියන්නේ (නි)
සුසන්ත, ටියනාන්මන් චතුරශ්‍රයේ විරෝධතා දක්වපු විස්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සිද්ධිය ගැන තොරතුරු හොයාගන කියවන්න. මෙතන කතා කරන හුඟක් අයට චීනේ ගැනවත් යුරෝපීය රටවල් හෝ ඇමෙරිකාව ගැනවත් හරි හමන් දැනුමක් නැහැ වගෙයි. සමහරු චීනය වර්ණනා කරන්නේ මොකද කියලා හිතා ගන්න අමාරු නැහැ. චීනය තරම් මානව අයිතීන් කඩකරන වෙනත් රටක් ලෝකයේ තියනවද කියලා හිතන්නත් අමාරුයි. (ර)