IMG-LOGO

ගුවන් යානයක් තරම් ග‍්‍රාහකයෙන් පෘථිවිය ළඟින් ගිහින්

(ගයාන් සූරියආරච්චි)

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක් ඈතින් ගමන් කර ඇති බව විද්‍යාඥයෝ පවසති. දින තුනක් යනතුරු එහි ආසන්නම පිහිටීම හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට නොහැකි විය.

පෘථිවියේ සිට කිලෝමීටර 123,031 ක් දුරින් මෙම ග‍්‍රාහකය ගමන් කර ඇති බව පසුව සනාථ කර තිබේ. මෙම ග‍්‍රාහකය 2017 001 ලෙස නම් කර තිබේ. පසුගිය ජූලි 23 වැනිදා මෙහි නිවැරැදිව හඳුනාගෙන තිබෙන අතර මීටර 25 ත් 78 ත් පමණ පළලකින් යුක්ත වන බව පැවැසේ. ඇට්ලස් දුරේක්‍ෂයකින් මෙය හඳුනාගෙන තිබේ.



අදහස් (14)

ගුවන් යානයක් තරම් ග‍්‍රාහකයෙන් පෘථිවිය ළඟින් ගිහින්

sam Friday, 28 July 2017 12:01 PM

පෘතුවියට වැටෙන ග්‍රාහකයකින් වන විනාශය අපිට හිතා ගන්න බැරිතරම් විශාලයි . තාර පීප්පයක් තරම් (ගැලුම් 45 පීප්පයක්) තරම් ග්‍රාහකයක් මීට වසර 5000 පමණ පෙර උතුරු ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින් නගරයට නුදුරු හෙන්බරි නම් තැනට වැටී ඇතිවුන ආවාටය තවමත් ගහකොලකින් තොරව පවතිනවා . අඩි තිහ හතළිහක් ගැඹුරට සහ අඩි හය හත්සීයක විශ්කම්භයක් සහිත ආවාටයක් වසර පන්දාහකට පසුවත් ඉතුරු වෙන්න නම් මේක වැටුන කාලයේ මොන වගේ විනාශයක් වෙන්න ඇතිද කියා හිතා ගන්න පුළුවන් .

:       0       6

Kodikara Friday, 28 July 2017 02:24 PM

ඇමෙරිකාව හඳට ගිය එකත් බොරුවක් කියලා මේකෙන් ඔප්පු වෙනවා වගෙයි. නාසා එක ලොකු සීන් දැම්මට මේක වත් හරියට කියාගන්න බැරි වුණානේ.

:       13       223

nishanSunday, 30 July 2017 07:54 AM

ශ්‍රී ලංකාවේ කට්ටිය කිව්වා නම් හරියටම හරි නේද? හා නැද්ද?

:       94       85

minipe Friday, 28 July 2017 03:43 PM

කොඩිකාර, තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ.

:       171       209

Ruwan Saturday, 29 July 2017 03:41 PM

මම නම් හිතන්නේ කොඩිකාර හරි කියලා. ඇත්තටම එ්වගේ ග්‍රාහකයක් එනවා කියලා දන්නේ නැත්නම් පොඩ්ඩක් හිතන්න අඟහරු හෝ මොනයම් ග්‍රහලෝකයකට හෝ නොමැති නම් සන්නිවෙදන චන්ද්‍රිකාවක් හෝ උඩුගුවනකට යවනකොට යවන්න ඔන හරිම පාත් එක හොයා ගන්න. ඔය වගේ ග්‍රාහක ගැන කොච්චර හොයන්න ඕනෑද? ඉතින් මටත් හිතෙන්නේ නම් ඇමරිකාව චිත්‍රපටි වලින් තමන්ගේ රට පුම්බලා පෙන්නන රටක් විතරමයි කියලා.

:       1       61

nishanSunday, 30 July 2017 07:53 AM

ඔය ප්‍රවෘත්තිය කිව්වේ ලංකාවේ කට්ටියද?

:       95       9

jayaSunday, 30 July 2017 07:57 AM

අනේ රුවන්, ඔයාට කිලෝ පනහේ කඩල මල්ලක් දෙනවා ලොකු බෝලයක් දාලා. ඊට පස්සේ ඒ මල්ලටම හාල් ඇටයක් දාල දෙනවා. හාල් ඇටය හොයා ගන්න කොච්චර වෙලා යයිද? දැන් හිතල බලන්න කඩල කන්ටෙනර් එකක් දෙනවා හාල් ඇටයක් දාලා. ඔය වගේ තත්වයක් තමා ග්‍රාහක සොයා ගන්නවා කියන්නේ...

:       0       17

NuwanMonday, 31 July 2017 05:12 AM

පොඩි කාලෙම පසෙලෙන් කට්ටි පැන්නම පරිසරය ගැන හිතෙන්නේ ඔහොම තමයි , අඩු ගානේ සාමාන්‍ය පෙලටවත් ඉගන නොගත්තොත් ඉංගිරිසි යන්තම්වත් දැන නොගත්තොත් විද්‍යාව ගැන කිසිදෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ , මේ ඊට හොදම උදාහරණයක්

:       64       31

gayanTuesday, 01 August 2017 05:59 PM

ග්‍රහලෝකයක පථය හොයගන්නවට වඩා ග්‍රාහකවල පථය හොයා ගන්න ගොඩක් අමරුයි කියල මන් අහල තියනව. මොකද ඒවා නියත පථයක ගමන් නොකරන නිසා. හැමදේම දිහාම සෘණාත්මකව බලන්න එපා. මේ දේවල් හොයල කියන්නෙ මේ ගැන ගොඩක් දන්න අය. ඒක නිසා නොදන්න දේවල් ගැන කියවන්න එපා.

:       0       0

ThushariSaturday, 05 August 2017 04:28 AM

ගයාන් ඔයා දන්නවද අතාර් සි ක්ලාක් ගැන. එතුමාගේ එක පොතක ලියවිලා තියෙනවා ග්‍රහලෝකයකට යන්න නම් ඒ පාර ගැන හොද අවබධෙයක් තිබිය යුතුම දෙයක්... නැතිනම් කොලොම්බස් නැවේ යනවා වගේ අජටාකාශ ගමන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. (තේරෙන සිංහලෙන් කීවොත් ඔය පොලේ යනවා වගේ හිතලා කතා ගොතන්න එපා) අභ්‍යාවකාශයට යන්න ග්‍රහලෝක තරණය කරන්න මුලින්ම තෝරාගන්නේ ග්‍රාහක හෝ වෙනත් අභ්‍යාවකාශ අපද්‍රව්‍ය අඩුම පාත් එකක්. එ්ක ලොකු සංකීර්ණ කටයුත්තක්.

:       0       0

ShrimalSaturday, 05 August 2017 04:21 AM

නුවන්, ජය ඔය දෙන්නම හරි වෙන්න පුළුවන්... ඔයාලා දෙන්නම ලොකු උගත් අය නිසා. එ්ත් උගතයි, බුද්ධිමතයි අතර වෙනස ඔයාලගේ කමන්ට් වලින් පේනවා.

:       0       0

prabash Sunday, 30 July 2017 08:23 AM

එකක්වත් නිකන්වත් කිව්වෙ නෑ.. ඇවිල්ලා යනකම්...

:       0       20

Abaran Monday, 31 July 2017 12:33 AM

අපේ ලංකාවේ අනාවැකි කාරයෝ ඕවා කිව්වේ ගොඩක් කලින්... ඇමෙරිකන් කාරයෝ තවම ඉන්නේ ගල් යුගේ .....

:       1       22

මංගල Wednesday, 02 August 2017 07:24 AM

කොඩිකාරගෙයි රුවන්ගෙයි කථාව ඇත්ත. ඇමරිකාව වියට්නාම් යුද්ධෙ පැරදුනා. චිත්‍රපටිවලින් පෙන්නනවා දිනුවා කියලා. ලොකුවට කියනවා ලෝක පොලිස්කාරයා කියලා ඒත් තමන්ගේ රටේ මැතිවරණයට රුසියාව මැදිහත් වුණාද නැද්ද කියලා තාම හොයනවා. නාසා එකත් එහෙම තමයි. රුසියන් එන්ජින් නැත්නම් නාසා රොකට් බිම තමයි. මට කියන්න ඕන වුනේ මේ මොනවත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නේ විශ්වය ගැන සෙවීම පලක් නැතිදෙයක් කාලය නාස්ති කිරීමක් කියලා.

:       79       263

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1540 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 551 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 620 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site