(ගයාන් සූරියආරච්චි)
ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.
පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක් ඈතින් ගමන් කර ඇති බව විද්‍යාඥයෝ පවසති. දින තුනක් යනතුරු එහි ආසන්නම පිහිටීම හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට නොහැකි විය.
පෘථිවියේ සිට කිලෝමීටර 123,031 ක් දුරින් මෙම ග‍්‍රාහකය ගමන් කර ඇති බව පසුව සනාථ කර තිබේ. මෙම ග‍්‍රාහකය 2017 001 ලෙස නම් කර තිබේ. පසුගිය ජූලි 23 වැනිදා මෙහි නිවැරැදිව හඳුනාගෙන තිබෙන අතර මීටර 25 ත් 78 ත් පමණ පළලකින් යුක්ත වන බව පැවැසේ. ඇට්ලස් දුරේක්‍ෂයකින් මෙය හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘතුවියට වැටෙන ග්‍රාහකයකින් වන විනාශය අපිට හිතා ගන්න බැරිතරම් විශාලයි . තාර පීප්පයක් තරම් (ගැලුම් 45 පීප්පයක්) තරම් ග්‍රාහකයක් මීට වසර 5000 පමණ පෙර උතුරු ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින් නගරයට නුදුරු හෙන්බරි නම් තැනට වැටී ඇතිවුන ආවාටය තවමත් ගහකොලකින් තොරව පවතිනවා . අඩි තිහ හතළිහක් ගැඹුරට සහ අඩි හය හත්සීයක විශ්කම්භයක් සහිත ආවාටයක් වසර පන්දාහකට පසුවත් ඉතුරු වෙන්න නම් මේක වැටුන කාලයේ මොන වගේ විනාශයක් වෙන්න ඇතිද කියා හිතා ගන්න පුළුවන් .
ඇමෙරිකාව හඳට ගිය එකත් බොරුවක් කියලා මේකෙන් ඔප්පු වෙනවා වගෙයි. නාසා එක ලොකු සීන් දැම්මට මේක වත් හරියට කියාගන්න බැරි වුණානේ.
කොඩිකාර, තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ.
මම නම් හිතන්නේ කොඩිකාර හරි කියලා. ඇත්තටම එ්වගේ ග්‍රාහකයක් එනවා කියලා දන්නේ නැත්නම් පොඩ්ඩක් හිතන්න අඟහරු හෝ මොනයම් ග්‍රහලෝකයකට හෝ නොමැති නම් සන්නිවෙදන චන්ද්‍රිකාවක් හෝ උඩුගුවනකට යවනකොට යවන්න ඔන හරිම පාත් එක හොයා ගන්න. ඔය වගේ ග්‍රාහක ගැන කොච්චර හොයන්න ඕනෑද? ඉතින් මටත් හිතෙන්නේ නම් ඇමරිකාව චිත්‍රපටි වලින් තමන්ගේ රට පුම්බලා පෙන්නන රටක් විතරමයි කියලා.
එකක්වත් නිකන්වත් කිව්වෙ නෑ.. ඇවිල්ලා යනකම්...
අපේ ලංකාවේ අනාවැකි කාරයෝ ඕවා කිව්වේ ගොඩක් කලින්... ඇමෙරිකන් කාරයෝ තවම ඉන්නේ ගල් යුගේ .....
කොඩිකාරගෙයි රුවන්ගෙයි කථාව ඇත්ත. ඇමරිකාව වියට්නාම් යුද්ධෙ පැරදුනා. චිත්‍රපටිවලින් පෙන්නනවා දිනුවා කියලා. ලොකුවට කියනවා ලෝක පොලිස්කාරයා කියලා ඒත් තමන්ගේ රටේ මැතිවරණයට රුසියාව මැදිහත් වුණාද නැද්ද කියලා තාම හොයනවා. නාසා එකත් එහෙම තමයි. රුසියන් එන්ජින් නැත්නම් නාසා රොකට් බිම තමයි. මට කියන්න ඕන වුනේ මේ මොනවත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නේ විශ්වය ගැන සෙවීම පලක් නැතිදෙයක් කාලය නාස්ති කිරීමක් කියලා.