අනාගත යුද ප්‍රහාරක යානා පැදවීමේ අවස්ථාව මිනිසාට අහිමිකර ඒ සඳහා රොබෝ නියමුවන් යොදා ගැනීමට ඇමෙරිකාව සැළසුම් කර සිටින බව එරට විද්‍යාඥයෝ කියිති.

පෙන්ටගනයේ ප්‍රකාශකයකු කියා ඇත්තේ අනාගත ගුවන්යානා නියමු අසුන රොබෝ නියමුවන්ට හිමිවන බවයි. එරට නාවික හා ගුවන් හමුදාව විසින් නිකුත් කළ වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ. පෙන්ටගනය පවසන්නේ මේ යානා නව පරපුරකට අයත්වන බවයි.

අනාගතයේ ජෙට් ප්‍රහාරක යානා සඳහා යොදාගන්නා කෘතිම බුද්ධියෙන් යුතු රොබෝ නියමුවා එහි ඇති දත්ත විශ්ලේෂණය කිරීමට හා ගුවන් යානා ප්‍රවාහන නෞකාවට යානා පත්හිකරීම හා ඉහළ නැංවීම ආදිය සිදුකරනු ඇතැයි ද ඇමෙරිකා පර්යේෂකයේ පෙන්වාදෙති.