IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගිලුණු දූපත යළි වර්ධනය වෙයි

විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් 1905 දී අතුරුදන්වූ නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙමින් තිබෙන ආකාරය ලෝකය පුරා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත.

පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාවට ඊසාන දිගින් මේ දූපත පිහිටා තිබිණි. 1905 දී ඇතිවූ විනාශකාරී සුළි කුණාටුවකින් දූපත මුළුමනින්ම විනාශ වී මුහුදු ජලයේ නොපෙනී ගියේය. මාධ්‍ය වාර්තා පවසන්නේ මේ දූපතේ සිටි පිරිස අතරින් දිවි ගලවාගත්තේ දෙදෙනකු පමණක් බවයි.

නැඩික්ඩික් දූපත කොරල් පරවලින් වටවී මැද ජලාශයක් සහිතව මුද්දක් සේ දිස්වන දූපතකි. එවැනි ආකාරයෙන් සෑදුණු දූපත් ඉංග්‍රීසි බසින් ඇටොල් Atoll යනුවෙන් හුන්වයි.

නොගැඹුරු මුහුදේ කොරල්මත වැලි තැන්පත් විමෙන් මේ දූපත් සෑදෙන බව භූ විද්‍යාඥයෝ කියති. 1905 දී දූපත විනාශ වී නොපෙනී යාමෙන් අනතුරුව යලි කොරල් වැවි ඒ මත වැලි නිධි තැන්පත් වී දැන් ශාක පවා වැවී ඇති ආකාරය දක්නට ලැබෙයි.

නවසීලන්ත පර්යේෂකයන් පවසන්නේ මේ දූපත නැවත ප්‍ර‍තිනිර්මාණය වෙමින් පවතින බවයි.  නවසීලන්තයේ ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධයයනයන්ගෙන් තහවුරු වී ඇත්තේ සුළි කුණාටුවෙන් විනාශ වූ කොරල් සමූහයේ ඉතිරිවූ කොටස්වලින් මෙය නැවත සෑදෙමින් තිබෙන බවයි.

1945 වර්ෂයේ සිට 2010 දක්වා මේ දූපතේ ගුවන් ඡායාරූප වලින් මේ බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි. වසර 60ක කාලයක් එහි විවිධ ශාක සාරවත්ව වැඩෙමින් පවතී. පර්යේෂකයන් පවසන්නේ දූපත විනාශවීමට පෙර මුඩුබිම් ලෙස පැවති භූමියෙන් ද සියයට 25ක පමණ ප්‍රමාණයක ගහකොළ පවා වැවී ඇති බවයි.

‘‘ මේ දූපත වටා ඇති මුහුදේ සාරවත් බව මෙහි තුරු ලතා ඉක්මණින් වැඩීමට හේතුවක් වන්නට ඇති. අවට රොන්මඩ හා කොරල් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මෙයින් පෙනීයන කරුණක් වන්නේ විශාල විනාශයකින් දූපතක් සම්පූර්ණයෙන් ම විනාශ වුවත් ඒ විනාශයත් සදාකාලික නැති බවයි. එය නැවත පුදුම සහගත ලෙස වර්ධනය වනවා.“

මිහිතලයේ උණුසුම ඉහළ නැගීම නිසා සිදුවන මුහුදු මට්ටමේ ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු ඇවුව ද මේ දූපත යළි වර්ධනය වීමෙන් පෙනී යන්නේ ඒ මහතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.

1393403679-r9s shutterstock_158056682_news_featured - Copy Typhoon19052

 


 



අදහස් (0)

ගිලුණු දූපත යළි වර්ධනය වෙයි

ඉසුරු Wednesday, 16 September 2015 01:39 AM

මේ තමයි සොබාදහමේ අරුමය (නි)

:       0       0

දිනේෂ් Monday, 14 September 2015 05:00 AM

මට අන්තිම ඡායාරූපයෙන් හා ඊට උඩින් ඇති එකෙන් තේරුනේ මිනිස්සු නැතුව පරිසරය කොච්චර ලස්සනද කියලයි (නි)

:       0       0

සොපි Wednesday, 30 September 2015 07:45 AM

ඇත්තටම මේ දුපතේ නිත්‍යානුකුල අයිතිකාරයෝ කවුද ? (ම)

:       0       0

ආදම් Wednesday, 23 September 2015 12:50 PM

අපේ අමාත්‍යවරුන් දුපතට යෙව්වොත් හොඳයි (අ)

:       0       0

කෙනෙත් Thursday, 12 November 2015 05:05 AM

මේ දූපත එල්ටීටීඊ එකේ වෙන්න ඇති (බ)

:       0       0

අමරසිරි Friday, 30 October 2015 01:07 PM

මේ දූපත යලිත් වතුරට යට වෙයිද?(හේ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 15 September 2015 08:49 AM

සොබාදහමට උඩින් ඇති එකෙන් තේරුනේ මිනිස්සු නැතුව පරිසරය කොච්චර ලස්සනද කියලයි (බ)

:       0       0

ආකාශ් Tuesday, 22 September 2015 11:16 AM

ධම්ම ඔයාට පිස්සුද? මේ ලස්සන පරිසරය දැකලා ඕකද හිතට ආවේ? (නි)

:       0       0

පුබුදු Saturday, 12 September 2015 11:17 AM

වැදගත් තොරතුරක්. (නි)

:       0       0

සුපුන් මධුරංග පෙරේරා Saturday, 07 November 2015 05:44 AM

නැවතත් මිනිසුන් මේ ඳූපතේ පදිංචියට යයිද.? (ර)

:       0       0

ජයවර්ධන Saturday, 19 September 2015 05:37 AM

අපිට පුළුවන් නිදහසේ පියාඹන්න මේ දුපතේ (ම)

:       0       0

දුමින්ද Monday, 14 September 2015 11:11 AM

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ...... (නි)

:       0       0

සමන් Wednesday, 23 September 2015 03:01 PM

ඒකත් මිනිස්සු කියයි ළඟදිම (බ)

:       0       0

සෙනරත් Thursday, 17 September 2015 05:46 PM

ධම්ම, මම දන්නා තරමට මුහුදත් ඒ අසළම රටවලට අයිතිවෙනවා. ලංකාවට අයිතිවෙනවා ලංකාව වගේ 28 ගුණයක් මුහුදෙන්. අලුතෙන්ම සොයාගත්තොත් ධම්ම කියන දේ පුළුවන් වේවි (නි)

:       0       0

ධම්ම Tuesday, 15 September 2015 06:07 AM

වෙනම රටක් පතන රටක් නැති ජාතියකට මෙවන් දුපතක් සංවර්ධනය කර පදිංචිවීමට නීතිමය බාධා තිබේද? (ම)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 20 September 2015 12:43 PM

ඒ වුණාට මිනිස්සු යළි පදිංචිවෙන්න බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site