ගැබිණි කාන්තාවන් මත්පැන් පානයකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවල නිරතවීමෙන් ඔවුන්ට ලැබෙන දරුවන් ගේ මොළයට හානි සිදුවෙතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන ඇතැයි ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත කියයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්මේඩ් රෝහලේ ළමා සායන පවත්වන මහාචාර්ය එළිසබෙත් එලියට් වෛද්‍යවරිය මේ බව අනාවරණය කර ඇති අතර ඕස්ට්‍රේලියා වෛද්‍ය සංගමය ගැබිණි කාන්තාවන්ට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් දී ඇත.
ඔබ තරුණියක් නම් සාදයකට ගොස් ලිංගිකව එක්වීමේදී ගැබ් ගැනීම් වළක්වන ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරන ලෙස වෛද්‍යවරිය ඉල්ලා සිටියි.
ඇල්කොහොල් මගින් ඩීඑන්ඒ වලට හානි වී එය අනාගතයේ කාන්තාවගේ මුණුබුරු මිණිබිරියන්ටද බලපෑම් එල්ල කරනු ඇතැයි කියති. ඕස්ට්‍රේලියා වෛද්‍ය සංගමය කියනුයේ එරට සෑම ගැබිණි කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු ගැබිණි සමයේ මත්පැන් පානය කරන බවයි. එය ඉපදීමට සිටින දරුවන්ට දුම්බීමෙන් සිදුවන හානියටත් වඩා වැඩි හානියක් සිදුකරතියි ඔවුහු පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේරත්න ,එක අතින් අප්පුඩි ගහන්න බැහැනේ , ශ්‍රී ලංකාවේ බෞද්ධ මෑණිවරුන් කෙසේ වෙතත් පියවරු නම් බහුතරයක් මත් වතුරට හරි කැමතියි ඉඳහිට නෙමෙයි නීතිපතා , එනිසා මත් වතුරින් වෙන්වුණු ඒ මෑණිවරුන්ට උත්තම ප්‍රණාමය හිමිවිය යුතුමය. (අ)
ශ්‍රී ලංකාවේ බෞද්ධ මෑණිවරුන්ට මාගේ උත්තම ප්‍රණාමය! (නි)
ආගමික භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ මෑණිවරුන්ට අපේ ගෞරව පූර්වක ප්‍රණාමය ! (බ)
ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ අධිකව වර්ධනය වෙලා තියෙන්නේ ඒක නිසා වෙන්නැති..(බ)
කොහොමත් මුළු රටේම මත්පැන් පාවිච්චි කරන ප්‍රමාණය හොඳටම වැඩි. (අ)