ගැබ්ගෙල පිළිකා අවම කිරීම සඳහා හියුමන් පැපිලෝමා වයිරස (එච්.පී.වී) එන්නත අවුරුදු 9 ත් 14 අතර ගැහැණු දරුවන්ට එන්නත් කිරීමේ ආරම්භක ජාතික වැඩසටහන අද (29) බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලේදී පැවැත්විණි.
ලෝක ප‍්‍රතිචක‍්‍රීකරණ සතිය වෙනුවෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාර්ථීගේ සංගමය මෙය සංවිධානය කළ අතර ලබන වසර මුල සිට පාසල් ගැහැණු දරුවන්ට මෙම හියුමන් පැපිලෝමා වයිරස එන්නත වසංගත රෝග නිවාරණ ඒකකය මගින් ජාතික ප‍්‍රතිපත්ති වැඩසටහන යටතේ හඳුන්වාදීමට සැලසුම් කරයි.
මෙහි පළමු එන්නත ලබාගැනීමෙන් මාස 6 කට පසුව දෙවැනි එන්නත ලබාගත යුතුය. දැනටමත් පෞද්ගලික අංශයෙන් මෙම එන්නත ලබාගත හැකිවුවද එය මිල අධික එන්නතකි. ගැබ්ගෙල පිළිකාව විවාහක කාන්තාවන්ට මෙන්ම අවිවාහක කාන්තාවන්ටද ඇතිව විය හැකිය. පිළිකා මරණ අතර වැඩිම මරණ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන අතර එහි දෙවැනි තැන හිමිවන්නේ ගැබ්ගෙල පිළිකාවටය. වයස අවුරුදු 9 ත් 14 අතර වයසේ ගැහුණු දරුවන්ට කලින්ම මෙම එන්නත ලබාදීමෙන් ඉදිරි අනාගතයේදී ඇතිවිය හැකි ගැබ්ගෙල පිළිකා අවදානම අවම කරගත හැකිය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල හේරත් සහ ළමා රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට වසංගත රෝග නිවාරණ ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති රම්‍යා ද සිල්වා, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, මොන හොඳ දෙයක් කළත් එහි අඩුපාඩු දකින එක තමයි සමහරුන්ගේ ජන්ම ගතිය. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
මෙරට බොහෝ කාන්තාවන් මුල්කාලීනව තමන්ට ඇතිවන රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යාම ප්‍රමාද කිරීමේ තත්වය මත රෝගය මුල්කාලීනව හඳුනාගෙන නිවැරදිව ප්‍රතිකාර ලබාදීමේ ප්‍රමාදයක් පවතී. කෙසේ වුවද මෙරට තුළ ගැබ් ගෙල පිළිකාව අවම කරගැනීමට මෙවැනි ව්‍යාපෘති මහඟු පිටුවහලක් බව නොකියා සිටිය නොහැකිය. (නි)
කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකා මතුවන වයස් සීමාවක් ඇත. දැරියක උපතේ සිට වැඩිවියට පත්වීමතෙක් ගැබ්ගෙල පිළිකා මතු නොවේ. වයස අවුරුදු 14 පසු වූ විට එනම් වැඩිවියට පත්වීමෙන් පසු වයස අවුරුදු 28 දක්‌වා යෞවනියන්ගේ හැඟීම් මතුවීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. ඇතැම් උපත් පාලන පෙති නිතර ගැනීම තුළින්ද ගැබ් ගෙල පිළිකා මතුවිය හැකිය. (නි)
වෛද්‍ය ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව පිළිබඳ අපිට ඇත්තටම දැනෙන්නේ සතුටක් (නි)
හරිම සතුටුදායක ආරංචියක්. (නි)
ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වූ බොහෝ කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේදී ඇතැම් වෛද්‍ය ක්‍රම මඟින් කරනු ලබන්නේ ගර්භාෂය ඉවත් කිරීමය. ඇත්තෙන්ම එවැනි සැත්කම් වලින් තොරවද ගැබ්ගෙල පිළිකා ඉතා සාර්ථකව සුවකළ හැකිය. ඒ සඳහා නාඩි වෛද්‍ය විද්‍යාවේදී පමණක් නොව, ආයුර්වේද යුනානි සහ පාරම්පරික යන වෛද්‍ය ප්‍රතිකාර මඟින් ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත. (නි)
ගැබ් ගෙල පිළිකාව වර්ධනයවීමට පෙර ගැබ් ගෙල සෛල වල වෙනස්කම් සිදුවේ. මෙම අසාමාන්‍ය සෛලයන් පිළිකා සහිත නොවේ. කෙසේවෙතත් සමහර වෛද්‍යවරුන් මෙම සෛල වලට ඇතිවන වෙනස්කම් සැළකීමෙන් මේවා “පූර්ව පිළිකාකාරක“ ලෙස හඳුන්වයි. එනම් මෙයට පූර්ව ප්‍රතිකාර නොකළහොත් මේවා පිළිකා තත්වයක් බවට පත්විය හැක. (නි)
මොකෝ මේ හොඳ වැඩේට අදහස් නැත්තේ ? (බ)
මේ එන්නත මෙහේ අත්හදා බලනවට අැමතිට කීයක් ලැබෙනවද (බ)