IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කුරුල්ලන් වඳවීම වේගවත්

ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) රතු දත්ත පොතට අනුව වෙන කවරදාටත් වඩා වේගයෙන් ලෝකයේ කුරුල්ලන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදිහු පෙන්වා දෙති.

ඔවුන් පෙන්වාදෙන්නේ ලෝකයේ පක්ෂීන් විශේෂ 1,227 ක් හෙවත් සියයට 12ක් මෙලෙස වඳවීයාමේ තර්ජනය මුහුණ පා ඇති බවයි. ඉන් විශේෂ 192 ක් දැඩි තර්ජනයට ලක්වූ විශේෂ ලෙස නම්කැර ඇත.

රතු දත්ත පොතට සත්ත්ව විශේෂ ඇතුලත් කිරීමේ කමිටුවේ සභාපති සීමන් ස්ටුවර්ට් මහතා පවසන්නේ මේ තත්ත්වය ඉතා කණගාටුදායක බවයි. දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කුරුල්ලන් සංරක්ෂණය කිරීම ගැන උනන්දු නොවීම හේතුවෙන් ඔවුන් දිගින් දිගටම ලෝකයට අහිමිවීමේ තර්ජලනයට පත්වීම ගැටළුවක් බව ද ඔහු පෙන්වාදෙයි.

‘‘ ගෝලීය වශයෙන් ගත්විට දිගින් දිගටම සිදුවෙමින් තිබෙන්නේ සතුන්ට හානිකර දේ. නමුත් ඇතැම් සංරක්ෂණ කාර්යයන් තුලින් අපිට මේ ඉතිරිව සිටින සතුන් ආරක්සා කළ හැකියි. සියළු ලෝකවාසීන් මේ සඳහා උනන්දුවිය යුතුයි.“ යනුවෙන් කුරුල්ලන් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ විද්‍යා හා ප්‍රතිපත්ති අධයක්ෂ ආචාර්ය ලියෝන් බෙනුන් මහතා පවසයි.

 

 



අදහස් (0)

කුරුල්ලන් වඳවීම වේගවත්

දුමින්ද Monday, 06 April 2015 08:25 AM

කුරුල්ලන් සමනලුන් රකින්නට දළඹුවන්ට ආදරය කරන්න (ම)

:       0       0

නිදේශ් Monday, 06 April 2015 08:49 AM

මේක නම් අැත්ත කතාව සිංහරාජේ කපුටෝ නැති එක හොඳයි. මොකද කපුටෝ ඉන්නවා කියන්නේ පරිසරය දුෂණය වෙලා කියන එක පරිසර විද්‍යාාවේදී කපුටෝ පරිසර ධර්ෂක විදියට ගන්නේ දුෂණය බලන්න. සිංහරාජේ ගැන හොයල එ්ක හොර්ටන් තැන්නට යොදා ගත්තානම් එහෙ ඉන්න ලංකාවට අාවේනික ගොඩක් සත්තු ආරක්ෂා කළ හැකියි (බ)

:       0       0

කළු සිරා Wednesday, 08 April 2015 06:34 AM

අපේ මිනිස්සුන්ට ස්වාභාවික පරිසරය ගැන හිතන්න ඕනකමක් නෑ, එයාලට ඕන ආර්ථික පරිසරය ගොඩනගන්න, සොබාදහමට හෙණ ගැහිලා ගියාදෙන් උන්ගේ මල්ල පිරෙනවනම් එච්චරයි. මෙයාලගේ ඇස් ඇරෙන්නේ කවදාහරි මහ විපතක් ආවට පස්සෙයි. ඔන්න එතකොට තමයි අපේ මහා පරිසරවේදීන්ගෙත් ඉහ මොළ රත්වෙන්නේ. පුංචි කාලේ ඉඳන් දරුවන්ට පුරුදු කරන්න ඕන පරිසරයට මුල්තැන දීලා ආරක්ෂා කරගන්න හැටි. ටොෆිය, බිස්කට්එක, යෝගට්එක කාලා පොලිතීන් කවරය මහපාරෙම හලන, ගෙදර කුණු ටික මල්ලක දාගෙන ඇවිත් වාහනේ යන ගමන් පාරට හලාගෙන යන ආදර්ශවත් වැඩිහිටි පරපුරක් ඉන්න මෙහෙව් රටක අනාගත පරපුරට පරිසරය සුරකින්න අමුතුවෙන් පුරුදුකරන්න දෙයකුත් නෑ. බලාගෙන යනකොට. කොහොම උනත් මහපොළව වැඩි කලක් මේවා ඉවසන් ඉන්නෑ. මේවට දඬුවම් කරන්න ගත්තහම වැරදි කවුද? හරි කවුද? කියලා සොබාදහම හොය හොය ඉන්නෙනෑ. ඔක්කොටම එකපාරට දඬුවම් දේවි. එදාට අපි කාටවත් ගැලවීමක් නම් නෑ... සොබාදහමත් එක්ක සෙල්ලං කරන්න එපා... ඕං කිව්වා එහෙනං.... (ස)

:       0       0

ඒකනායක Tuesday, 07 April 2015 11:20 AM

වැරදි මිනිස් චර්යාව තමයි මේකට වග කියන්න ඔනේ (දී)

:       0       0

සුපුන් Monday, 06 April 2015 03:58 AM

මට බලයක් තිබුණා නම් මම හැම ස්ථානයකම වනාන්තර ඇතිකරනවා. ඉන්දියාවේ ''ජදෙව් මොලී'' කියලා කෙනෙක් අක්කර 1500ක වනාන්තරයක් වවලා තිබෙනවාලු.මමත් කැමතියි වනාන්තර ඇතිකරන්න (නි)

:       0       0

පිටිගල Sunday, 05 April 2015 03:46 PM

සිංහරාජයට මායිම් වූ අපේ ගමේ ඉස්සර හිටියා කපුටන් දහස් ගණනක්. දැන් ඒ අහල පහල ගමක වත් කපුටෙක් පේන්න නැත්තේ අයි දන්නේ නැහැ. කව්රුවත් පරීක්ෂණයක් වත් කරලා නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16772 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site