IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්

පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන් බාහු කෙලින් තබා ගෙන කෙලින් ඉඳගෙන සිටින විට කුදුගසාගෙන සිටනවාට වඩා භාවාත්මක හැඟීම් ඉස්මතුවන බවයි.

ඉරියව්වක පිහිටා සිටින විට විවිධ මාංශපේශින්හි ස්වරෑපය හෝර්මෝන සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි  බලපෑම මීට හේතුවි ඇත.

වඩා නිවැරදි ඉරියව්වක පිහිටා සිටිම මගින් ආත්ම සංයමය, වඩා හොඳ මනොභාවයත් සහ සිතේ ඇතිවන බිය අඩුවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.

එවැනි නිවැරදි ඉරියව්වක සිටීමේ දි වඩාත් ධනාත්මක වචන භාවිතයට පෙළඹෙන බවත් තමන්ගේ පලපුරුදු දේ ගැන විස්තර කිරීමේ දී නිශ්ඵල වචන ප්‍රකාශ කිරීම ඉතාමත් අඩුවෙන් සිදුකරන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යනය නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.



අදහස් (0)

කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්

දිලාන් Friday, 31 October 2014 10:56 AM

රූපවති ඔය වේවැල් හාන්සි පුටු ටික යෝජනා කරන්නේ ආණ්ඩුවේ කන්තෝරු වලට වෙන්න ඇති. අනේ හොඳයි. ඒ මිනිස්සු කොයි වෙලේ බැලුවත් නිදි කිරණ අයනේ. (අ)

:       0       0

නාලි Monday, 27 October 2014 04:06 AM

මොන දේ කෙලින් තබා ගත්තත් මොලේ මන්ඥ වුණ අයටසංකල්ප පහල වෙන්නේ නැහැ.(අ)

:       0       0

රුමේෂ් Monday, 27 October 2014 11:40 PM

රූපවති මහත්මිය හොඳ සිහියෙන්ද කතා කරන්නේ? වේවැල් හන්සි පුටු වල කොන්ද කෙලින් තියාගන්න පුළුවන්ද? මමත් ඉගෙනගන්නේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ. මෙහේ අය දැන් ගොඩක් හිටගෙන උස මේස වල වැඩ කරන්න නැඹුරුවෙලා තියනවා. (නි)

:       0       0

කරුණා Sunday, 26 October 2014 03:21 AM

අපේ මෙතන හිතවතාට නම් කොන්දේ අමාරුව කොහොමත් තියෙනවා. කොන්ද කොහොමටත් කෙලින් තියාගෙන ඉන්න බැහැනේ. කොන්ද කොහොමටත් නැවිලාමයි තියෙන්නේ. එක හැන්දෑවට දෙකට නැවිලා කඩේම යනවා. (නදී)

:       0       0

පැතුම් දිල්ෂාන් Thursday, 03 December 2015 10:51 PM

මගෙත් කොන්දේ අමාරුවක් තිබෙනවා (නි)

:       0       0

ලකී Monday, 27 October 2014 11:24 AM

බුදු හාමුදරුවොත් කලින් දේශනා කරලා තියෙනවා මේවා (දිල්)

:       0       0

රූපවතී Sunday, 26 October 2014 06:39 AM

අපේ ලංකාවෙත් හැමතැනම තියන කැරකෙන පුටු ටික සේරම අයින් කරලා දමන්න ඕනේ. සේරම මගඩි වැඩ කරන්නේ ඕවගේ ඉදගෙන. ඔළුගෙඩි වලට අසුචී පුරෝගෙන වැඩ කරන්නේ ඔය පුටුවල ඉගෙන දවස කාල දමන මිනිසුන් තමයි. අපි නැවත අර වේවැල් හන්සි පුටු වලට ගියොත් අපේ අතුරු දහන් උණු දනාත්මක සිතිවිලි ටිකත් නැවත අපි කරා ලංකර ගත හැකියි. කොන්ද කෙලින් වැඩ කරන මිනිසුන් ටිකක් බිහිවෙයි (නදී)

:       0       0

ලසන්ත Saturday, 01 November 2014 09:25 AM

නිවැරැදි ඉරියව් නැත්තම් කොන්දේ අමාරුව එනවා.(හේ)

:       0       0

දයාන් Saturday, 01 November 2014 09:26 AM

යහපත් ඉරියව් මොන දේටත් හොඳයි. (හේ)

:       0       0

සලිත Wednesday, 17 December 2014 11:06 AM

ලංකාවේ හුඟක් අයට කොඳු නැහැනේ. ඉතින් කොහොමද කෙලින් තියාගන්නේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 04 November 2014 04:32 AM

මොන බොරුද ? කලින් හිටපු අපේ මැතිවරණ කොමසාරිස්තුමා මොන තරම් සැප පුටුවකද හිටියේ. එත් එයාට ආතතිය හැදිලා උහුලන්න බැරිව ගියේ.මං හිතන්නේ අපේ රටේ ඉහල පුටුවල ඉන්න අය කොයිතරම් සැප පහසු පුටුවල හිටියත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නම් බැහැම තමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site