කතා කරන්න පුළුවන් අලූත් ඇපල් ඔර්ලෝසුවක්
(ගයාන් සූරියආරච්චි)
දුරකතන ඇමතුම් ලබාගත හැකි ඇපල් අත් ඔරලෝසුවක් මේ වසර අවසානයේ හඳුන්වාදීමට ඇපල් සමාගම සැලසුම්කර තිබේ.
රැහැන් රහිත අධිවේගී එල්.ටී.ඊ. ජංගම දුරකතන සන්නිවේදන ක‍්‍රමය භාවිත කිරීමට ඔවුහු සූදානම් වෙති. අයිෆෝන් ජංගම දුරකතනය සමඟ දැනටමත් ස්මාර්ට් අත් ඔර්ලෝසු සම්බන්ධ කළ හැකි අතර කෙටි පණිවුඩ යැවීම, ගීත ඇසීම සහ තවත් දුරකතන ආශ‍්‍රිත සීමිත ක‍්‍රියාකාරම් පමණක් සිදු කළ හැකිය.
සමාගම විසින් නවතම ආකෘති තුනක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අතරින් නවීකරණය කරන ලද මෝස්තර හා අත් ඔර්ලෝසුවේ අගුළු විවර කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ ත‍්‍රිමාණ ස්කෑනරයක් මෙයට ඇතුළත් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd