විනාඩි තුනකින් තම හමේ ස්වභාවය වෙනස්කරගෙන පරිසරයේ ආකාරයට හැඩගැසීමේ අපූරු හැකියාවෙන් යුතු ගෙඹි විශේෂයක් ඉක්වදෝරයේ ඇන්දීන් වළාකුළු වනාන්තරයෙන් සොයාගෙන ඇතැයි පර්යේෂකයන් පිරිසක් කියති.
බටහිර කේස් විශ්වවිද්‍යාලයේ සිසුවියක වූ කැත්රින් ක්‍රයිනැක් හා ඇගේ සැමියාවන ස්වභාව විද්‍යාඥ ටිම් ක්‍රයිනැක් දෙපළ මේ සොයාගැනීම සිදුකැර ඇත. එම පර්යේෂණය පිළිබඳ සූ ලොජිකල් ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත්කැර තිබේ.
මේ නව විශේෂය සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ ප්‍රිස්ටිමැන්ටිස් මුටබිලස් නමිනි. පර්යේෂකයන් පවසන්නේ මෙවන් අපූරු හැකියාකින් යුතු උභය ජීවියෙක් මෙතෙක් හමුවී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අරුමයක් ද? අපේ රටෙත් ඔය වගේ අය ඉන්නවා නේ, පාට වෙනස් කරන, පැත්තෙන් පැත්තට පනින !!! "දියවන්නා ඔය" අසලට ගියොත් දුසිම් ගණනක් හොයා ගන්න පුළුවන් (ම)
මේ ළඟදි මෙහේ කට්ටියකටත් ඔය ජාන පහළවෙලා තිබුණා (නි)
ඕක"අලුත් සතෙක් නොවේ අපේ පාර්ලිමේන්තුවේත් ඉන්නවනේ (ස)
ඉක්වදෝරයට ගෙම්බෝ ලැබුනේ අපේ රටෙන් වෙන්න ඕන. පර්යේෂකයන්ට වැරදිලා. මෙවැනි අපුර්ව හැකියාවන් සහිත උභයජීවීන් අපේ රටේ දේශපාලුවන් අතර තොග පිටින් ඉන්නවා. වෙන එකක් තියා එයාලට ආණ්ඩු පක්ෂයේ ඉන්නා ගමන් විපක්ෂ නායක පදවි දරන්නත් නිල් පාටියක ඉන්නා ගමන් කොළ හෝ දේදුනු පාටියකින් චන්දෙ ඉල්ලන්නත් ආපසු නිල් පාටියේ පරවෙනිය ඔප්පු කර එහි නායකකම ගන්නත් පුළුවනි. මෙහෙම අපූරු උභය ජීවින් ලෝකේ වෙන කොහෙවත් නැති බව අපට නම් විශ්වාසයි.(ස)
අපේ අයට නම් විනාඩි තුනක් වැඩියි. (ස)
අපේ රටේ දේශපාලකයෝ වගේ. (ත)
හැම දේටම දේශපාලනය. වෙන අදහස් නැද්ද? (ස)