IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාගේ කාගේත් ‘කෝටා‘ ඉවරයි

මනුෂ්‍යය සංහතිය මේ වසරට නියමිත ස්වාභාවික සම්පත් ප්‍රමාණය මේ වනවිට පරිභෝජනය කර අවසන් කර ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි. 

වසරක් ආරම්භයේදී ඒ වසරේ දී පරිභෝජනය කළ යුතු උපරිම ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇස්තමේන්තු කෙරෙන අතර මේ වසරේ පළමු මාස හත අවසන් වෙද්දි මනුෂ්‍ය සංහතිය වසර නියමිත ස්වාභවික සම්පත් ප්‍රමාණය පරිභෝජනය කර ඇතැයි ද එය මෙතෙක් වාර්තාව ඉහළම අනුපාතය යැයි ද එම වාර්තාව පෙන්වා දෙයි. එලෙස වසරකට නියමිත ස්වභාවික සම්පත් පරිභෝජනය කර අවසන් කරන දිනය පාරිසරික ණය දිනය ලෙසින් (ඉලක්කය ඉක්මවා ගිය පෘථවි දිනය) හඳුන්වයි. මේ වසරේ එම දිනය අද (අගෝස්තු 8) වැනිදාට යෙදී ඇති අතර එය පසුගිය වසරට වඩා දින පහක් ඉදිරියට පැමිණීමකි. පෘථිවියට නැවත ජනනය කළ හැකි (පුනර්ජනනීය) ස්වභාවික සම්පත් ප්‍රමාණය අවසන් වීම යන්න පාරිසරික ණය දිනයෙන් තවදුරටත් අදහස් කෙරේ. 

ලෝක වනසත්ව අරමුදල ඇතුළුව පාරිසරික සංවිධාන රැසක්ව එක්ව මෙම වාර්තාව සකස් කරයි. 

ඒ අනුව අද (8) සිට පෘථිවිවාසීන් ජීවත්වන්නේ ණයකරුවෝ ලෙසය. වසර 1993 පාරිසරික ණය දිනය ඔක්තෝබර් 21 වැනි දිනටත්, 2003 වසරේදී එය සැප්තැම්බර් 22 දිනටත් පසුගිය වසරේදී එය අගෝස්තු 13 වැනි දිනටත් යෙදී තිබුණි.  

පාරිසරික ණය දිනය ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ හරිතාගාර වායු පිටවීම් වර්ධනය යැයිද ස්වභාවික සම්පත් මත මානව වර්ගයාගේ ඉල්ලුම සියයට 60කින් වැඩි කිරීමට හේතු වී ඇතැයි ද අදාළ වාර්තාව පෙන්වා දී ඇත. 

පැරිසියේදී (ඒ.එෆ්.පී)



අදහස් (0)

කාගේ කාගේත් ‘කෝටා‘ ඉවරයි

ගුණසිරි Monday, 08 August 2016 06:02 PM

මනුෂ්‍යත්වයේ හා මනුෂ්‍යයින්ගේ ගුණදහම්හි කෝටාත් වේගයෙන් පිරිහීගෙන යනවා (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 17 August 2016 03:49 PM

වෙන ලෝකයකින් හරි අඩු පොළියට ණයක් විදියටවත් ගන්න බලමු

:       0       0

ෂෝන් Sunday, 14 August 2016 04:25 PM

නියම ලිපියක්. වෙන පත්තර වගේ නොවෙයි ලංකාදීපය. ඔයාලට ගොඩක් පින් මේ වගේ ලිපි දානවට. (නි)

:       0       0

රොකී Tuesday, 09 August 2016 03:47 AM

අපේ දේශපාලුවන්ගේ කෝටා එක නම් එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. නැව ගිලුනත් බෑන්ඩ් චූන් තමා ඒ උත්තමයන් රටට ඔරොත්තු නොදෙන තරමට හරිතාගාර වායුව පිටකරනවා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site