(ගයාන් සූරියආරච්චි)
කක්ෂයේ සිට ලබාගන්නා අන්තර්ජාල අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් සේවයක් වාණිජ මට්ටමින් සිදුකිරීමට අන්තර්ජාල විහිදුම් චන්ද්‍රිකා 4000 කට අධික ප‍්‍රමාණයක් අභ්‍යවකාශ ගතකිරීම සඳහා ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානා සමාගමේ හිමිකරු ඇලන් මස්ක් මහතා සැලසුම් කර තිබේ.
ඇමෙරිකාව විසින් දැනට ස්ථාපිත කර ඇති නියාමකයෙන් ප‍්‍රතිරෝධී වන අන්තර්ජාල විහිඳුම් ලබාගැනීම ඔවුන්ගේ අරමුණය.
2019 වසර වන විට අන්තර්ජාල චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමට නියමිත අතර මේ වසර අවසන් වන විට එහි මූලික අත්හදා බැලීම් සිදුකිරීමට ද නියමිතය. රොකට් ව්‍යාපාරයට එහා ගිය ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට බ්‍රෝඞ්බෑන්ඞ් සේවය පත්කර ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇලන් මස්ක් කියන්නේ තව දශකයක් යනකොට ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයෙක් වෙනවා. මෙය පගාවනම් දෙන එකක් නෑ. හැබැයි අපේ දේශපාලකයන්ට මේ රට ඇත්තටම දියුණු කරන්න ඕනෑනම් කරන්න ඕනෑ චමත් පලිහපිටිය වගේ විශ්වාසයකින් එක්ක ඇලන් මස්ක් ගේ ව්‍යාපාර ලංකාවට ගේන එක. මොකද ලෝකෙන් අඩුම ගුරුත්වාකර්ෂනේ තියෙන්නේ ලංකාවේ, ස්පේස් -එක්ෂ් රොකට් වලට හොඳ ආයෝජනයක් වෙයි.
ඔයා හුඟක් දේවල් දන්නා බව නම් පේනවා යාළුවා. එ්ත් දේවල් යොදාගන්නේ කොහොමද කියලා නම් දන්නේ නැති පාටයි. මම එහෙම කිව්වේ ස්පේස් එක්ස් කියන්නේ යූ.එස්.ඒ. වලට රොකට් හදන සමාගම නේ. එ්ත් ඔයා හිතනවද ඒ සමාගමට ලංකාවේ කරන්න තරම් අායෝජනයක් වත් කරන්න තරම් දෙයක් වත් තියෙනවා කියල? උදාහරණයක් ලෙස ඔයා හිතනවද ලංකාවේ රොකට් එකක් උඩ යවන්න තරම් ඉඩක්වත් තියෙනවද? ග්‍රැවිටි එක වෙනස් වුණාට. ඔයා වෙන දෙයක් කියන්න උත්සහ කරනවා නම් පැහැදිලිව කියන්න.