කුකබුරා යන කුරුලු නාමය ඕස්ට්‍රේලියාවේ ආදි වාසීන් විසින් යොදන ලද්දකි.නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ යුකලිප්ටස් වනන්තර සහ නිව්ගිනියා යන රටවලට ආවේණික කුරුලු විශේෂයක් වන කුකබුරා මද අඳුර මෙන්ම සැඳෑ ආලෝකය පවතින අවස්ථාවලදී ගොම්මන් අඳුරේ කෙටිදුර පියා සලන කුරුලු වර්ගයකි. අප අවට ස්වාභාවික පරිසරය තුළින් දකින්නා වූ කුරුලු විශේෂයන් අතර විවිධ වූ රටවලට ආවේණික වූ සහ සංක්‍රමණිකව ජීවත් වන කුරුල්ලෝද වෙති.
සිනාසෙන කුකබුරා ශබ්දනගා හඬ දෙන කුරුල්ලෙකි. එය සමහර අවස්ථාවල මහා මූසළ ගතියක් ද ගෙන දෙති. මෙම කුරුල්ලාගේ හඬ වරෙක දීර්ඝ ස්වරයක් ගෙන දෙන අතර එය ගොරහැඩි සිනා හඩකට සමානය. මෙය අතර එම හඬ ඔස්සේ ඔවුන්ගේ සීමා මායිම් අන් අයට හොඳින් අවබෝධකර ගන්නෝය. ලොකු පිළිහුඩු වර්ගයේ කුරුල්ලන් හෙවත් කිංෆිෂර් වර්ගයේ කුරුලු පවුලේ සාමාජිකයෙකුවන කුකබුරා ජීවත් වන්නේ ජෝඩු වශයෙනි. එසේත් නැතිනම් කුඩා පවුල් ඒකකයක් වශයෙනි.
අලුත උපන් පැටවුන්ගේ දෙනෙතු පෙනීම පැහැදිලි නොවන අතර ඔවුන්ගේ පිහාටු වර්ධනයට මාසයක් පමණ ගතවන්නේය. වැඩිමහල් සහෝදර කුරුල්ලන් තම කුරුලු දෙමාපියන්ට ඊලඟ බිත්තර දැමීමට උපකාරී වෙති.මෙම කුරුලු විශේෂයේ වැඩීම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී ඔවුන් දිගින් අඟල් 18.5 ක් (සෙන්ටි මීටර් 47) වන අතර බර රාත්තල් 1 ක් (කිලෝග්රෑම් 0.5) වේ. මොවුන්ගේ හොටේ දිග අඟල් 4 (සෙන්ටි මීටර් 10) කි. කුකබුරාට දිග හතරැස් හිසක් ද තද ශක්තිමත් මස් සහිත බෙල්ලක් ද ඇත. දුඹුරු පැහැති ලොකු ඇස් පැහැදිලිව දක්න්නට ඔහුට උපකාරී වනවා. අන් කුරුලු වර්ගයන්ට වඩා ඔහුගේ හොට හිසට ඈතින් පිහිටා ඇත.
කුකබුරා මාංශ භක්ෂක කුරුලු වර්ගයක් වන අතර මොවුන් සර්පයන්, මීයන්, කුඩා කුරුල්ලන්, කෘමීන් සහ කටුසු වර්ගයන් තමා ආහාරයට ගන්නා අතර මොවුන්ගේ විශේෂත්වය වන්නේ එම ආහාර තුළින්ම ඔවුන්ට අවශ්‍ය දියර ලබා ගැනීමය. දසෙලෝ ගිගාස් යන විද්‍යාත්මක නමින් හඳුන්වන කුකබුරාගේ ආයුකාලය වසර 20 ක් පමණ වේ. මෙම කුරුලු වර්ගයේ වාසස්ථානය වනුයේ ලඳු කැලෑ වනාන්තර, විවෘත වනපෙත්, තැනිතලා අද්දර වෙති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවට මහා මුස්පේන්තු හඬකින් එහෙමත් කෑගහනවා එම හඩත් සොහොන් බිමකට ගැලපෙනවා (බ)
ඔය සත්තු ජෝඩුවක් ගෙනල්ලා අපේ පාර්ලිමේතුව ගාවට දාන්න බැරිද? (නි)
පාර්ලිමේන්තුවේ සිද්ද වෙන දේවල් වලට අපි හිනා වෙන්නෙත් ඔහොම තමයි.. (ම)
මෙයා හිටපු ගමන් හයියෙන් බක බක ගාලා සිනාවෙනවා. හරියට මනුස්සයෙක් වගේ. කාට වුණත් හිනා යනවා. හිනා වෙන කෙනා බඩ අල්ලාගෙන තමා සිනාවෙන්නේ. බැරිවෙලාවත් සොහොන් බිමකට අාවොත් එහි සිටින උදවිය ලොකු අමාරුවක වැටෙනවා. (නි)
මෙතනින් හඬ බලන්න. https://www.youtube.com/watch?v=H2wyBU2GzhQ (නි)
අපේ රටේ උලමා වගේනේ ඉතින්. (නි)