අප්‍රිකාවේ සිට ලෝකයපුරා ව්‍යාප්තව වූ බව සැළකෙන මානවයන්ගේ පැරණිතම පුරුක් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ යැයි නව පර්යේෂණයකින් සනාථ කැර ඇත.
එම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ අදින් වසර 75,000ට පමණ පෙර අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අප්‍රිකානු මානවයන්ගෙන් මොවුන් පැවත එන බවයි. ඔවුන්ට වසර 50,000ට වඩා පැරණි අඛණ්ඩ පරිනාමීය ඉතිහාසයක් ඇති බව ද ඔවුහු කියති.
මේ අනුව ඕස්ට්‍රේලියාව වාස භූමිය කරගත් පළමු මානවයන් ඔවුන්ය. මේ ගැන දශක කිහිපයක් විවිධ මත ගැටුම් තිබිණි. බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලේ කලාපයෙන් සොයාගෙන තිබූ අසාමාන්‍ය ලෙන් චිත්‍ර කිහිපයක් මේ මත ගැටුමට හේතු වී තිබිණි.
ඒ චිත්‍ර ඉතා උසස් මට්ටමේ වූ අතර ශරීර හැඩහුරුකම්, කරාබු හා හිසකෙස් යනාදිය මනාව නිරූපනය වූ මේ හා සමාන චිත්‍ර ඕස්ට්‍රේලියාවේ කිසිදු ස්ථානයකින් හමුවී නැත.
ඒ හේතුවෙන් ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය වූයේ ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට පෙර වෙනත් මානව වර්ගයක් ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නට ඇති බවයි. නමුත් නව පර්යේෂණ අනුව තහවුරු වී ඇත්තේ මේ චිත්‍ර ඇඳ ඇත්තේ ඔවුන් විසින් බවයි. ඒ අනුව ඔවුන්ට වඩා වෙනස් මිනිසුන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ වා යැයි තිබූ මතය බිඳ වැටිණි.
ක්වින්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ ජීව මානව විද්‍යාඥ ආචාර්ය මිචෙල් වෙස්ටවේ පවන්නේ ඇබෝජින්වරු ඕස්ට්‍රේලියාවේ පැරණිතම වැසියන් බව තහවුරු වී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම ඔබගේ වටහා ගැනීම අගය කරමි. දියුණුව කියල, සම්පත් ටික විනාස කරලා, සරලව සතුටින් ඉන්න ක්‍රමය පටලවගෙන ආතති කළමනාකරණය කරන්න දගලන මිනිස්සු කොහොමද උසස්/ ආර්යන් වෙන්නේ? උපාදියක් ගත්තු පමණින්, තමන් මේ ලෝකෙට ආවේ ඇයි කියල නොදන්නා අය, දියුණු කියන්නේ කොහොමද? මේ ලෝකෙට බුද්ධල අවශ්‍යයි සත්‍ය පෙන්නලා දෙන්න, මානව විඤ්ඤානය අවධි කරන්න. නැත්නම් මෝඩ මිනිස්සු ඉක්මනටම මේ ලෝකය ජිවින්ට නුසුදුසු පරිසරයක් බවට පත් කරනවා. (නදී)
හොඳ සොයාගැනීමක් (නි)
දන්නවද, ඔවුන්ව තවම ඕස්ට්‍රේලියානු අාණ්ඩු ක්‍රමයෙන් පිළිගෙන නොමැති බව. (නදී)
මේ ලංකාවෙන් ගිය නාග සහ යක්ෂ ගෝත්‍රික ජනතාවගෙන් පැවතෙන්නන් බවයි මට හැඟෙන්නේ. (නි)
හොද අදහසක් අාවා. අබෝජියන් වරු ලංකාවෙත් කොටසක් ඉන්න බව තේරුණා. (නදී)
ස්වභාව ධර්මයට එකඟව සතුටින් ජීවත්වන මේ මානව වර්ගයා චිරාත් කාලයක් මේ මහා පොළොවේ ජීවත්වේවි. දියුණුයැයි කියන අප සතුට සොයා ඔවුන්ගේ ගමනට බාධා කරමින් ලෝකය විනාශය කරා ඇදගෙන යන බව අපට නොදැනීම අපේ අභාග්‍යයකි. (නි)
මෙම ලිපියටත්,චන්න සහ සෑම්ගේ ලිපිවලටත් ගොඩාක් ස්තුතියි. මා ඔබේ ලිපි තුළින් ගොඩාක් දේ දැනගත්තා. මා ඇබොර්ජියන් මානවයන් ගැන දීර්ඝව විස්තර නොදනිමි. (නි)
ලෝකයේ කුමන රටක් උවද ආර්තික වශයෙන් දියුණු උනේ සුද්දන් නිසා. (ර)
අපේ ලංකාවට ඔය කවුරු ආවේ නැතත් හොඳ සංස්කෘතියක් තිබුණා. ඒ වගේම තමයි ලංකාවේ ඕනෑ තැනක වගාකරන්න පුළුවන් (නි)
ඔව් ඒගොල්ල රජයෙන් ලැබෙන මුදලින් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට තව අවුරුදු මිලියනක් උනත් නිකම් ජීවත් උනාට කමක් නැහැ. ඒගොල්ලන්ගේ ඉඩම් වල වටිනාකම ගෙවන්න තව අවුරුදු මිලියන ගනනක් නිකම් කන්න දුන්නත් මදි. (ර)
ජනක සහ ටෙන්සිල්, මොනවාද මේ කියන්නේ මාතෘකාව වෙනම එකක් ලියන්නේ වෙනින් එකක් (නදී)
අබෝරිගින්වරුන්ට භාෂා හැත්තෑ දෙකක් පමණ තිබී ඇත. මේ වනවිට ඉතිරි වී අැත්තේ ඉතා ස්වල්පයක් පමණි. වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාෂාව කතා කරති.(ම)
මම ඇත්තටම ඇබොරිජින් මිනිස්සු වැඩිපුර ඉන්න උතුරේ ඩාවින්වල හිටියා. ඔවුන් රජයෙන් දෙන ආදායම සම්පුර්නයෙන්ම වගේ මත්පැන් වලට වියදම්කරනවා. ඔවුන් කතාකරන්නෙ ඉංග්‍රිසි නොවේ ඔවුන්ගෙම භාසාවල්. මෙච්චර කලක් ගිහිල්ලත් ඔවුන්ට ලියන්න අකුරු නැහැ. සුදු ජාතිකයො කොටසක් අරන් ගිගින් මිස්‍ර කරල බැලුවා ඔවුන් දියුනු වෙන ජාතියක් කරන්න පුලුවන්ද කියලා. අදටත් වෙලාව කියන්න පුලුවන් අය ඉන්නෙත් අල්ප දෙනයි. වැඩි විස්තර සඳහා ස්ටොලන් ජෙනරේශන් චිත්‍ර පටය බලන්න. (නදී)
ඇබොරිජන් වරු ඕස්ට්‍රේලියාවේ වසර 50,000 ජීවත් උනාට ඔවුන් කිසිම දියුණුවක් නොලැබූ මානව කොට්ඨාශයක්. මීට වසර 200 කට පෙර සුදු ජාතිකයින් මේ රට අල්ලා ගන්න කොටත් ඔවුන්ගේ ජීවන මට්ටම ප්‍රාග් ඓතිහාසික යුගයේ තත්වයමයි. ඇඳුම්, වාසස්ථාන ආදී මුලික දේවල්වත්, බුමරංගය, හෙල්ල සහ ඩිජිරිඩූ ව (මැද දිරාගිය කඳකින් හදන සංගීත භාණ්ඩයක් ) හැරුණු කොට වෙනත් කිසිම නිපැයුමක් වත් ඔව්න් සතු උනේ නැහැ. දහ අටවන සියවසේදීත් "රෝදය " කියන දේ හෝ එහි ප්‍රයෝජනය නොදැන සිටි එකම ජන කොට්ඨාශය මොවුනුයි. අදටත් බහුතරයක් (ප්‍රාදේශීයව ජීවත් වන්නවුන්) රජයෙන් ලැබෙන මුදලින් "බොනවා" හැර වෙන කරන දෙයක් නැහැ (නදී)
ධර්ම් කියන්න කනගාටුයි ඔයාල හිතන තරම් ඔවුන් චිරාත් කාලයක් ජීවත් වෙන්නෙ නැහැ. උපරිම වයස ඔවුන්ගේ දැන් අවුරුදු 60 කටත් අඩුවෙලා. හැමෝටම නොයෙක් රෝග. අඩු තරමින් නාන්නෙවත් නැහැ. ඉතා අදික දුගඳක් ඔවුන්ගෙන් නික්මෙනවා අපිරිසිදු කම නිසා. ඔවුන් සමග මා ගත් පින්තුරයක් තියනවා. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි කුනු අදින රැකියාවක් වත් කරන්නෙ. ගීතා කියන එක සම්පුර්නයෙන් වැරදියි. ලන්කාවෙ ඉන්න වැදි ජනතාව වගේ නෙවෙයි ඉතා විරුපි මුහුනු ඔවුන්ට තියෙන්නෙ. අන්තර් ජාලයෙන් වත් බලන්න. ගාමිනි කියන එක වැරදි චීනය ජපානය දියුනු වුනේ සුද්දො නිසාද? (නදී)
මම සම්පුර්ණයෙන් එකඟ වෙනවා සෑම්ගේ කතාවට. ඉංග්‍රීසින් ඔස්ට්‍රලියාවට අාවේ නැත්නම් අදටත් මේ රට අවරුදු 200 කට එහා විදිහමයි. සියයට 10 ක් විතර අැබරෝජෙනිස්ලා අද හොඳට ඉගෙනගත් අය. එයාල තමා අර සෑම් කීව්ව දෙමව්පියන්ගෙන් වෙන් කල අය. ඉතිරිය තවමත් පරණ අබරෝජෙනිස්ලම තමා. කට ඇරියොත් කුණුහරුප. කඩේකට ගියොත් හොරකම. විතරක් නොවෙයි ඉස්පිරිතාලෙට ගියත් හොරකම් කරනවා. කිසිම හැදියාවක් නෑ. එයාලගෙම කරුමේ. වෙන මොනා කියන්නද. කූඩැල්ලා මෙට්ටේ ඉන්නේ නැහැනේ. (නදී)
ලංකාවේ වැදි ජනතාවගේ පෙනුම තමයි මෙයාලට තියෙන්නේ.කිසිම වෙනසක් නැහැ. (නි)
අමුතුවෙන් තහවුරු වෙන්න දෙයක් නැ.හැමෝම දන්නවා ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචි කාරයෝ කවුද කියල .එංගලන්තෙන් රට අල්ලාගෙන දැන් අනික් අයට එන්න එපාලු. (බ)
මංගලි එන්න එපා කියන්නේ නුසුදුස්සන්ට?හැමෝටම එහෙම නැහැ.එයාලගේ රට රැකගන්න එයාලා නීති දමනවා. කාටවත් බැහැ එකට අභීයෝග කරන්න.(ම)
ඇබොරිජන් වරු හා ලංකාවෙන් සංක්‍රමණය වන අයගේ ලොකු වෙනසක් නැ. සුද්දෝ කොහොමත් හිතනවා අත්තේ අපේ වුණුත් ඇබොරිජන් කියලා.(ම)
ලෝකය දියුණු වෙනකොට මිනිසුන් අලුත් දේවල් සොයාගන්නවා (නි)
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
ඕස්ට්‍රේලියාව යනු දැන් විශාල දියුණුවක් තිබුණට සුදු ජාතිකයින් පැමිණීමට පෙර ඉතාමත් කර්කස මනුස්ස වාසයට අපහසු වියලි කාලගුණික දේශගුණික රටකි. ඇබෝර්ජියන්වරු දියුණු මානවයින් වීමට හේතුව ඕස්ට්‍රේලියාව තනි මහාද්වීපයක් නිසා මේ රටට විදෙස් ආර්යයන් නොපැනීමයි. කිසිම දියුණුවක් නොලැබූ මේ ජන වර්ගය අධික සීතලත් ඒ වාගේම අධික රස්නයටත් ඔරොත්තු දෙමින් මේසා කාලයක් ජීවත් වීමත් පුදුමයක් නෙවේද ?. ඒක ඒ මිනිසුන්ගේ වරදක් නොව දේශගුණික බලපෑමයි. මේ රටේ හැමතැනම ගංගා ඇල දොළ නොමැත්තේය. ඒ නිසා මේ මිනිසුන් තැනින් තැනට යමින් ජීවත් වී තිබුණි. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් ඈත්වීමට කෘෂි කර්මාන්තය ආරම්භ කිරීමට මේ රටේ පිහිටීම බලපා තිබේ. (බ)
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ වැද්දෝ හෙවත් අබෝරජින් කතා කරන්නේ ඉංග්‍රීසි (නදී)
රන්ජිත් සුබසිංහ, ඔබ කූරි (ඇබොරිජන්) මිනිසුන් ගැන වැරදි වැටහීමකින් ඉන්නේ. ඔව්න්ගෙන් යම් ප්‍රමාණයක් 60/70 දශක වලදී පැහැරගත් පරම්පරාව ලෙස සුදු මිනිසුන් විසින් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ඉවත් කර බටහිර ක්‍රමයට ජීවත් කරවන්න උත්සාහ කළා. එය ඉතාම කෘෘර අමානුෂික ක්‍රියාවක්. නමුත් එයින් ඔව්න් අකමැත්තෙන් වුවත් යම් අධ්‍යාපනයක් ලබාගත්තා ඔබ කියනා ඉඩම් වල වටිනාකම ලබාගන්නේ නාගරීකරණය වූ ඉහත මා කියූ කොට්ඨාසයයි. නියම කූරි මිනිසුන්ට මුදල් අවශ්‍යත් නැහැ .ලැබෙන්නෙත් නැහැ .තලගොයෙක්, කැන්ගරුවෙක් තලාගෙන කාලා මඩ වතුර ටිකක් බීලා නොමැරී ඉන්නවා. සාමාන්‍ය සුදු ජනතාවට ඒ ප්‍රදේශ වලට යන්න ඉඩ දෙන්නේ නැහැ . මට කියන්න තියෙන්නේ සුද්දන්ට දෝශාරෝපනය කරන කළු මිනිසුන් සුද්දන්ගේ මුදලින් සැප විඳිනවා. පහසුකම්/මුදල් ලැබිය යුතු තමන්ගේම මිනිසුන්ව පෙන්වා ඔව්න් මේ අකටයුත්ත කරනවා. (බ)
ඔය ඕස්ට්‍රේලියාවට ගිය මිනිස්සු ඔක්කොම අපරාධ කරපු යුරෝපයේ පිටවහල් කරපු අය. ඕස්ට්‍රලියාවේ නියම භුමි පුත්‍රයෝ අබෝරිගිනිස්ලා. ඇමෙරිකාවේ රෙඩ් ඉන්ඩියන්ස්ලා වනචාරින් කියල ඒ මිනිස්සුන්ගේ අයිවාසිකම් උදුරා ගැනීම මහත් පාපයක්. අපේ වැද්දන් ගේ සංස්කෘතියක් නැද්ද. ඒ මිනිස්සු ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න කැමති නම් අපි මේ දියුණු කියල කියන කාම සුකල්ලිකානු ජීවිත වලට බලෙන් අැදලා ගන්නේ ඇයි ? (නදී)
වැඩි කතා අනවශ්‍යයි. ඇවිල්ලම බල්ලන ඇබොරිජන් මිනිසුන්ට කරපු දේ. ශ්‍රීලංකා වාසිත් හිටියේ (තවමත්) ඔහොම තමා. තලගොයෙක්, කැන්ගරුවෙක් තලාගෙන කාලා මඩ වතුර ටිකක් බීලා නොමැරී හිටියා/ ඉන්නවා. ඒ අයගේ ඉඩම් වල වටිනා කම දුන්නනම් ඒ අයත් විස්කි ගහල, කඩෙන් කැන්ගරු මස් අරගෙන කාලා ඉන්න තිබුණා. හොඳ ගෙයක ඉන්න තිබුණා. අනේ මට සෑම්ගේ වැටහීම තිබුණා නම් මමත් මිනිහෙක්.(නදී)
ආසියාවේ ජනශ්‍රිත ප්‍රදේශවලට ආසන්නයෙන් පිහිටි ඕස්ට්‍රේලියාවේ උතරු ප්‍රදේශය අතිශයින් කර්කශ වීම නිසා ඔස්ට්‍ර්ලියාවට උතුරෙන් පිහිටි දිවයින් වලින් එහි පදිංචියට ආ ජනයා විරල විය. එහෙයින් ඔස්ට්‍රේලියාවට මුලින්ම ආ ජනයා සෙසු මානුෂික සංස්කෘතීන්ගෙන් හුදෙකලා වීම ඔවුන් ගේ වත්මන් පසු ගාමිත්වයට හේතු වූ බව පෙනේ. ඔවුන්ට තම සංස්කෘතියට වඩා දියුණු සංස්කෘතීන් සමග සම්පවීමට එළඹීමට ලැබුණු ප්‍රථම වතාව මෙයයි. එය සිදු වුයේ තමන්ට වඩා අතිශයින් කාර්මික සංස්කෘතියකින් සමන්විත යුරෝපියයන් සමග ය. එහෙයින් ඔවුන්ට වැදුණු කම්පනයට ඔරොත්තු දීම අමාරු වූ ව් බවද පෙනේ. වරක් මෙල්බෝන් නුවරදී ඔවුන්ගේ පොදු නිවසකට ගිය මා සමග සිටි මගේ සුදු ජාතික මිත්‍රයෙකුට මා පෙන්වා අැබෝරිජිනල් කතක් මෙසේ කිවය: " මම මොහුට කැමතියි. මොහු අපි වගෙයි. කොහේ ඉඳලද ආවේ ? " අප වැන්නවුන් කෝටි ගණනක් ඉන්දියාවේ සහ ලංකාවේ ඉන්න බව මම ඇයට කීමි. අැය කිවේ " නමුත් සුද්දන්ට මම කැමති නැත. අපට හෙම්බිරිස්සාව සහ වසුරිය දුන්නේ නුඹලා. " එවන් ක්‍රියාකළේ ( වසුරිය සිතාමතාම බෝ කල බවත් අබෝරිගිනල් වරුන් දඩයම් කල බවත් සත්‍යය. මේ පිළිබඳව කියවාන "Report details crimes against Aborigines - World Socialist ... https://www.wsws.org/en/articles/1999/09/geno-ස07) මගේ මිතුරා එම අපරාධ කරන ලද්ද්දේ බ්‍රිතනය අධිරාජ්‍යවාදීන් විසින් බව ද කම්කරු පන්තිකයෙකු සහ සමාජවාදියෙකු වූ තමා ඊට විරුද්ධ බවද පැහැදිලි කිරීමට අසාර්තක උත්සාහයක යෙදුමනි.
සංජය, කොහොමද දන්නේ අපරාධකාරයෝ කියලා? මේ මිනිස්සු කරපු අපරාධ මොනවද?වැඩි දෙනෙක් ආවේ එංගලන්තෙ ඉඳලානේ.තමන් කරන සේවයට නිසි පඩියක් නොදෙන හාම්පුතාලට ගුටිබැට දීලා.මේවත් අපරාධ. මේ මිනිස්සු ඇවිල්ලා යකඩ පොළොව කොටලා සුන්දර දියුණු රටක් හැදුවා.මේ මිනිසුන්ට අපරාධකාරයෝ කියන්න එපා (නි)