කාබන් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් හා කාබන් ලෙස බිඳ හෙලීමෙන් ඔක්සිජන් නිපදවිය හැකි ක්‍රමයක් කැලිෆෝනියාවේ ඩේවිඩ් විශ්වවිද්‍යාලයේ භෞතික රසායන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙතෙක් ඔක්සිජන් නිපදවූයේ ස්වභාවික ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හෙවත් ශාක ආහාර නිපදවීමේ දී පමණි.
පරික්ෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ තමන් රික්තකයක පාරජම්බූල කිරණ භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් අණු හා කාබන් බවට බිඳ හෙළනු ලැබූ බවයි. ඔවුන් පවසන්නේ මේ අත්හදා බැලීමේ දී ඔක්සිජන් ලබාගත හැක වී ඇත්තේ සමස්ථ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් සියයට පහක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ. සී. ඩේවිස් නොහොත් කැලිෆෝනියාවේ ඩේවිස් විශ්වවිද්‍යාලය විය යුතුයි. ඩේවිඩ් කියල එකක් නැහැ.(හේ)
මෙතන ලොකු කතා කියන අය ඇයි තනියම ඕක කරන්න බලන්නේ නැත්තේ (නි)
ඕකට වඩා පහසු නැද්ද ගස් හිටවන එක? (නි)
ඔවු රවී, එහෙම කරමු (නි)
ඔය වැඩෙන් වෙන්නේ අන්තිමට අපිට කන්න දෙයක් නැතිවෙන එකද මන්දා? (නි)
ඉතින් අපට ඔක්සිජනුයි කාබන්ඩයොක්සයිඩුයි මොකටෙයි. කාල බීල හුස්ම ගත්තම මදැයි. (අ)
සත්‍යපාල, ඔබ හරි (නි)
ඉතා හොඳ සොයාගැනීමක්. මෙසේම ඉහළ වායුගෝලයේ අවපීඩන තත්ත්ව යටතේ හිරුගෙන් පිටවන අතිමහත් පාර ජම්බූල කිරණ ප්‍රමාණය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් බිඳ හෙළීමේ ක්‍රියාවලියක් ස්වාභාවයෙන්ම සිදුවෙනවා විය නොහැකිද. (නි)
එච්චර සාර්ථක වෙයිද දන්නේ නෑ.(හේ)
ලොකු 'මාර' ගසක් දවසකට ඔක්සිජන් ගැලුම් 1500ක් පරිසරයට නිකුත් කරනවා. ඉතින් විද්යාගාරවල දහස් ගනන් මුදල් වියදම් කරලා ඔක්සිජන් හදනවට වඩා නරකද අපි කව්රුත් ගස් කොලන් හිටවන එක. (නදී)
මෙය විශිෂ්ට සොයාගැනීමකි. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම බරපතල තත්වයකි. බිඳහෙලිය හැකි ප්‍රමාණය ඉදිරි පරික්ෂණ වලදි වැඩිදියුණු කරගනු ඇත. (නි)
ඉහල අවපීඩන කලාපවල කාබන්ඩෙයාක් සයිඩ් නැහැ.ඒ්ක බර වායුවක් නිසා පහළ වායු ගෝලයේ තියෙන්නේ. (හේ)
90 දශකයේදී කාබන්ඩයොක්සයිඩ් පොළොව යට අධි පීඩනයක් යටතේ ගබඩා කිරීමේ වැයමක් නෙදර්ලන්ත විද්‍යාඥ පිරිසක් විසින් දරනු ලැබුවා. (නි)
නියමයි.(හේ)
රවී ,අමරේ, මතක තියාගන්න.අද ඇති හැම නවීන දෙයකම මුල කවුරුන් හෝ හොයාගත් දෙයක් කාලය සමඟම වැඩිදියුණූ වීමක්.95% පුලුවන් නම් තව කෙනෙක් එය 85% කරාවි. ක්‍රමයෙන් එය උපරිමය දක්වා ගෙන ඒවි."අඳුරට නොබැන එක පහනක් හෝ දැල්වීම" විශිෂ්ට ක්‍රියාවකි. (නි)
තිලක්, මාර අදහසක්. ඔව් එහෙම වෙනවා වෙන්න පුලුවන්. ඒ ගැනත් හොයල බලන්න වටිනවා. (ර)
ඉතුරු 95% ඉතින් කාබන්ඩයොක්සයිඩ් නම් ඒ සඳහා ලොකු වියදමකුත් දරන්න වෙනවා නම් වෙන ක්‍රමයක් සොයලා බලන එක නේද හොඳ? (නි)