ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පර්යේෂකයෝ කියති. පෘථිවියේ ඇති පාෂාණ සාම්පල පරීක්ෂා කරමින් ඔවුහු ඒ බව කියති. අද ඇති ඔක්සිජන් මට්ටමෙන් සියයට 10ක් ඇති වීමට මේ කාලය ගත වූ බව ඔවුහු කියති.
විද්‍යාඥයන් පවසන්නේ වසර බිලියන 3.5ත් වසර මිලියන 600ත් අතර කාලයේ පෘථිවියේ සිටියේ ඔක්සිජන් අවශ්‍ය නොන නිර්වායු ස්වසනයෙන් ජීවත් වන සත්ත්වයන් බවයි. කෙසේ වෙතත් වසර වසර ලක්ෂ 6000ක කාලයේ සිට කේම්බ්‍රිය පිපිරීම ලෙස හදුන්වන සත්ත්ව ජිවිත පරිනාමය සිදුව ඇති බවත් ඒ කාලයේ දී ඔක්සිජන් ඉහළ මට්ටමේ තිබූ බවත් පර්යේෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර, ඔබ හරි කියා දනිමි. එක එක අය එක එක විදියට සුත්‍ර විග්‍රහ කරනවා. එනිසා එය අත්හරිමි. මගේ බුද්ධාගම මට හොඳයි. කාටවත් කරදරයක් නොකර උදව් අවශ්‍ය විටදී එය කර මගේ පාඩුවේ ඉඳිමි. (නි)
දන්නදේ ගුරුමුස්ටිය නැතිව වචන කීපයකින් ලියන්න. (බ)
රහත් කියන දේ ලැබුනම එසේ ලැබුනි යයි කියන්නේ නැතිලු. ඒ ඇයි ? (ර)
චාමික, බුද්ධාගම බෞද්ධ දර්ශනය වසර 180000 ක් තිබෙනවා. දැහැමි මිනිසුන්ගේ ආයුකාලය වැඩිවෙනවා. ඒ කාලය තුළ පාපකාරින්ට ඉඩක් නොමැත. දැන් සිට පින් රැස්කර අවබෝධය ලබාගන්න. ලෝක විනාශය වී නැවත ඔක්සිජන් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒක ලොකු විස්තරයක්. පොත පත කියවා දැනුම රැස්කරගන්න. (නි)
අශෝක, වසර පනහකට අධික කාලයක සිට න්‍යෂ්ටික විද්‍යාඥයින් නියුට්‍රෝන ප්‍රෝටෝන එක්කර පුපුරවා හරින තාක්ෂණයක් සොයනවා. තවමනම් සාර්ථක වෙලා නැහැ. ඒ කියන්නේ ඔබ කියන පිපුරුම්වාදයදැයි මම නොදනිමි. බුදුදහමේ පිපුරුම්වාදයක් තිබෙනවා හරි අපුරු. ඒකට කියන්නේ උත්පාද තිථිභංග නැතහොත් ත්‍රිලක්ෂණය කියලා. බිඳෙනවා කියන්නෙත් පිපිරෙනවා කියන්නෙත් සමාන්තර වචන දෙකක්. සෝතාපන්න භාවයට පත්වන ආර්ය ශ්‍රාවකයා මේ බිඳීම පළමුවරට ඉබේ සිදුවනු අත්දකිනවා. (නි)
කරු මෙයාල කියන දේවල් ඔයාට පෙනෙන්නේ ආගමක් වගේ නේද ? එ්ක හරියට නිව්ටන් භෞතික විද්‍යාව දන්නා මනුස්සයෙක්ට, ක්වන්ටම් භෞතික විද්‍යාව කියල දුන්න වගේ. නිව්ටන් විතරක් දන්නා කෙනා කිව්වලු "තමුසේ හරිම මැට්ටෙක් සුරඟන කතා කියවල විද්‍යාවට අපහාස කරන්න එපා" කියල . එ්ත් පස්සේ කාලෙක තේරුම් ගත්තලු අර මිනිහ කියල තියෙන්නේ නිව්ටන් ගෙන් එහාට ගිය දෙයක් කියල. (බ)
බුදුන් වහන්සේ විසින් දේශිත කාලාම සූත්‍රය අනුව මිනිසුන් කටයුතු නොකිරීම මට ගැටළුවකි. ගුණසිරි ,කාංචන සහ ලංකාසිරි යන මහතුන්ගෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙමි. (නි)
වික්‍රම වෙදආරච්චි මහත්තයා, ඒ සිද්ධාන්තයන් හරහා නවින විද්‍යාඥයින්ට ඉදිරියට යන්න නෙමෙයි ඒක තියෙන්නේ, නිවන් සාක්ෂාත් කරගන්න. ඔබට අවශ්‍ය නම් ඉතා චමත්කාර ලෙස එය කියාදෙන්නම් (නි)
අතුල ඔබගේ නිගමනය නිවැරදි නැහැ. ඔය කොහේ හරි තියන පොතක් කට පාඩම් කරගෙන වගේ. නිවනට යාහැකි ක්‍රම බොහෝ ගණනක් තිබෙනවා. වැදගත් වෙන්නේ පහසු කෙටි ක්‍රමයක් තිබීමයි. තෝරා ගැනීම තමන් සතුයි. අනික නිවන කියන්නේ සාපේක්ෂ දෙයක්වත්, අදහසක් වත්, දර්ශනයක්වත් නෙමයි. එකේ ඔය කිසිම දෙයක් නැහැ. ඒකට ඔය නිකායන් වත් ආගමික විශ්වාසවත් අදාල නැහැ. එකට වචනාර්ථයක් නොදෙන්නේ පහසුවෙන් එය පටලව ගන්න නිසා. (බ)
පෘථිවියේ ඔක්සිජන් ඇති නොවුණා නම් හොඳයි කියලා හිතෙනවා. ජීවයක් ඇතිවුණ නිසානේ මෙතරම් අපි විඳවන්නේ. (නි)
"බුදුන් වහන්සේ විසින් දේශිත කාලාම සූත්‍රය අනුව මෙම මාතෘකාවට අදාළව විද්‍යාත්මකව කටයුතු කළයුත්තේ කෙසේද" යන්න අදහස් දක්වා ඇති ගුණසිරි, ලංකාසිරි, කාංචන මහතුන්ගෙන් විමසමි. (නි)
වික්‍රම සියලු දේ හේතුපල ධර්මයට අනුව සිදුවෙයි. සියලු සත්වයින්ට තමන්ගේ කර්ම පලයන් විපාක දෙයි. ප්‍රඥාව නොමැති කමින් බුදුන් දෙසූ ධර්මය අවබෝධ නොකොට ගෙන ඒ අනුව කටයුතු නොකර අපාගත වෙයි.මෙය අවිද්‍යවෛයි. විද්‍යාව යනු අන් කිසිවක් නොව බුදු දහමට අනුව ක්‍රියාකිරීමයි. නුතන විද්‍යාව යනු බුදුන් පැවසු දේ දිනෙන් දින සත්‍යයක් ලෙස ඔප්පු කිරීමට මිනිසා විසින් දරන වෑයමයි.සම්මා සම්බුදු ඥානයට සම විය හැක්කේ එවැනිම බුදු වරයෙකුට පමණි නුතන විද්‍යාවට කිසිසේත් එහි ලඟා විය නොහැක (බ)
ගුණසිරි මහතා කියනදේ හරි. අනවශ්‍ය දේවල් ගැන වාද කරල වෙලාව නාස්ති නොකර විදර්ශනාව වඩල ප්‍රඥාව ඇති කරගන්න එක ඉතාම වැදගත්. ඒවගේම අවිද්‍යාවේ ගිලිලා ඉන්න අයට ටොක්කක් ඇනල හරි, මනුෂ්‍යත්වයට සෙතක් වෙන මාර්ගය වටහලා දෙන්න පුලුවන්නම් එකත් වටින දෙයක්. (කෞ)
බුදුන් වහන්සේ පිරිනුවන් පැ දින සිට අසෝක රජ වනතුරු බුද්ධාගම කොහෙද තිබුනේ? (බ)
අප ජිවත් වන පෘතුවියේ අති බලසම්පන්න ජාතින් කිහිපයක් සිටිනවා ,තාවකාලික යුදමය ආර්ථිකමය ,සහ භෞතිකමය නොවෙයි , අධ්‍යයාත්මිකමය ඉන් අංක එකට පැමිණෙන්නේ සිංහලයෝ පින්වතුනි , මැණිකේ අගය කණා දන්නේ නැහැ වගේ සිංහලයෝ එක දන්නේ නැහැ. හරි පුදුමයි! (ර)
කරු මහත්මය අන් අයගේ අදහස් අපහාස යැයි සිතා නොතැවෙන්න. කියවන අපිට නම් එහි වරදක් නොපෙනුණි. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කීමට අයිතියක් ඇත.ඔබ කළ ඇති දේ ඔබ පසුපසම එයි. එය හේතුපල ධර්මයයි. ඔබ අවි දරා ප්‍රාණ ඝාතයන් කර ජාතියට සේවයක් කළේ යැයි සිතනවා නම් එහි ප්‍රතිපල වශයෙන් මරණින් මතු අපාගත වීම අනිවාර්යවේ. ඔබ මල් පහන් අතදරා ජාතියට සේවයක් කළේ නම් ඔබ අනිවාර්යයෙන් සුගති ගාමී වේ. (බ)
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සමහරු අදහස් දාලා තියෙන්නේ (නි)
සිල්වා මහත්තයෝ, අවුරුදු හැටක් විතර ජීවත් වෙන අපි මෙච්චර අර්ත්මර්තකමී නම් , අපිට අවුරුදු අසූ දාහක් ලැබුනොත් අපි කොහොම හැසිරේවිද ? ඒ නිසා අවුරුදු 10ක් උනාම ලෝකය මීට වැඩ ලස්සන තැනක් වෙවී .(කෞ)
ගුණසිරි ඔබ හරියටම හරි. මෙවැනි වටිනා අදහස් පල කරන්න හැකියාව ඇත්තේ අද කීයෙන් කී දෙනාටද මෙය තේරුම් ගත හැක්කේත් ප්‍රඥාව ඇති අයට පමණක් බවයි බුදුන් දේශනා කර ඇත්තේ. (ර)
කරු, ඔය සම්බන්ධයෙන් නම් අපේ පැරැන්නොම කියලා තියනවා "පණ්ඩිතයන්ට ඒ දණ්ඩෙ යන්න බෑ කියලා". (නි)
තමන් අදහන දේ හොඳහැටි දන්නා එකත් හොඳයි. ඒකනේ මම කිවුවේ. එනිසා වෙනත් ආගම් අදහන අයත් ඉන්නවා කියලා හිතන්න. (නි)
මිනිසා දරුණු වී වෛරය ක්‍රෝධය කරනකොට ඇඟෙන් පිටවන කළු කිරණ තුළින් ලොකු විනාශයකට අපි ළංවෙනවා. මිනිසා මෛත්‍රී වඩා සොබාදහමට ආදරය කරුණාව දැක්වුවහොත් සුරක්ෂිත ලොවක් හෙට උපදින දරුවන්ට උදාකරන්න පුළුවන්. (නි)
සමහර අය විද්‍යාව හා තාක්ෂණයයි අතර වෙනස තේරුම් අරන් නැති බව පෙනෙනවා. එයාල භෞතික තාක්ෂණයේ දියුණුව දකින්නේ විද්‍යාව දියුණු වීමක් ලෙස. එය වරදවා වටහා ගැනීම් වල මුලාරම්භයක් වගේම විද්‍යාවේ දියුණුවට බාධාවක්. තාක්ෂණය දියුණුයි එ්ත් විද්‍යාව නොදියුණුයි මේක කලියුගයේ ලක්ෂණයක්. (බ)
පින්වත් මහත්වරුනේ,විද්‍යාව බොරු ගෙනහැර පානවා, කුඩා කාලේ අපට විද්‍යාව නමින් බොරු ඉගැන්නුවා එක බොරුවක් පරිණාමවාදය,මිනිසා වදුරාගෙන් පැවත එන්නේ නැහැ ,ගුණදහම් පිහිරිහිම නිසා කය බිදී මරණින් මතු වදුරෝ වෙනවා , කෝටි සංඛ්‍යාත වාර ගණනක් මේ විශ්වයේ ,ඔක්සිජන් ඇතිවී නැතිවී ගොස් හමාරයි , පළමුවරට සිදුවූ දෙයක්සේ ගෙනහර දක්වද්දී ,අපට හිනායනවා. (බ)
සියලුම අදහස් කියවිමි. බොහෝ අදහස් කොහෙද යන්නෙ මල්ලෙ පොල් වැනි අදහස්ය. ඔක්සිජන් ක්‍රියාකාරිත්වය පිළිබද කතා නොකර ආගමික මත වාද ගැන කතා කරන්නේ ඇයි. පෘතුවියේ පරිණාමය සහ මානව පරිණාමයට පසුව ආගමික චින්තනයන් මානව සමාජයට ඇතුළුවූ බව ඇයි අමතක කරන්නේ. මිනිසුන් ආගම් නිසා නොපවතින බවත් නමුත් මිනිසුන් නිසා ආගම් පවතින බව පමණක් මතක තබා ගතයුතුය. (ර)
කරු ඔබට ගෞතම බුද්ධ කියල දීපු දෙයින් ප්‍රයෝජනයක් ගන්න නම්, ඔය සුත්‍ර පස්සේ යන්න එපා. මුළු ත්‍රිපිටකේම කටපාඩම් කරගත්තත් මටනම් එකෙන් වැදගත් වැඩක් පෙනෙන්නේ නැහැ, ඔයාට සැහෙන කාලයක් නාස්ති කරන්න වේවි වැඩකට නැතුව. ඊට වඩා ප්‍රයෝගික ක්‍රම තියනවා. (බ)
හොඳ ලිපියක් (නි)
මොකද දිව්‍යානි, මෙලොව එපාවෙලා දිව්‍ය ලෝකෙට යන්න හිතිලද? (නි)
ගුණසිරි මහත්මයට ගොඩාක් පින්. මම ගොඩක් දේවල් ඉගන ගත්තා. (බ)
වටිනා ලිපියක්. ස්තූතියි!(කෞ)
මා රහත්වී නොමැති බවට සියයට දෙසීයක් විශ්වාසයි. නමුත් විදර්ශනා භාවනා වඩන හෙයින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් දුරක් ඇවිදින් ඇති බව විශ්වාසයි. කරු මහත්මයා කතාවෙන් කාටවත් රහත් විය නොහැකියි. ක්‍රියාවෙන් සහ ස්වෝත්සාහයෙන් පමණයි බුදුන් දෙසු විමුක්තිය ළඟා කරගත හැකිවන්නේ. ඉන්දිකගේ අදහසට ගරු කරමි. ගුණසිරි මහතාගේ හසල දැනුම ඉතා අගයමි. (නි)
වටිනා ලිපියක්. ස්තූතියි!(කෞ)
ගුණසිරි, මට අපැහැදිලි ඔබ කෙසේද භෞතික විද්‍යාවෙන් ඔබ්බට ගිය දෙයක් බව දැනගන්නේ, එය නිවැරදිව හදාරන්නේ නැතුව? මොකක්ද සීමාව? කුමක් සමඟද ඔබේ සන්සන්දනය සනාථ වන්නේ? (නි)
ඔව්, ඉන්දික පුළුවන්, ඒ හස්ත සාර වස්තුව මම හැමෝටම දෙන්නම්,ඒ සම්බන්ධව ඕනෑම ගැටළුවක් පහසුවෙන් විසදන්නම් . ඒ සොදුරු ක්‍රමවේදය අකුරටම කියාදෙන්නම් , මේ විශ්වය ජයගන්න තියෙන එකම දේ ,මට පොදු ක්‍රමවේදයක් කියන්න (බ)
ඉන්දික, කවුරුහරි කියපු පමණින් අතහැරීම නොවෙයි කළයුත්තේ. එය අවබෝධ කරගෙන අතහැරීම කළයුතුයි. (නි)
දැන් මොනවද මේ අය මේ කියවන්නේ? කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)
ඕනෑම දෙයක් ඝන, ද්‍රව හා වාතය ලෙස එක එක උෂ්ණත්ව වල පිහිටන්නත් පුලුවන් නේද කියාත් හිතන්න. (නි)
දැන් පෙනෙනවානේ මේ තිබෙන ඔක්සිජන් සංයුතිය ඇතිවෙන්න කොපමණ කාලයක් ගිහින් තියෙනවද කියලා. අපි අපේ ජිවිත කාලෙදිම පොළව යට තිබුණු පෙට්‍රෝලියම් සහ ගල් අඟුරු දහනය කරලා ඒ ඔක්සිජන් වලින් විශාල ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් බවට පත්කරලා ඒ සංයුතිය විනාශ කරලා ඉවරයි. එය පෙර තිබුණු තත්වයට පත්වෙන්න නම් කවදාහරි ඔය ඉන්ධන දහනය අවසන්වෙලා නැවතත් ගස්වැල් හැදිලා පරිසරය සමතුලිත වෙන්න වෙනවා. මේවට වගකියන්න ඕනෑ අපිමයි. සමහරවිට තව වසර ලක්ෂ ගණනක් ගතවේවි. ඉදිරි පරම්පරා ගණනාවකටම නැවතත් ගල් යුගයක් ගතකරන්නටත් වේවි. (නි)
ලංකාසිරි හා ගුණසිරි හරියට රහත්වෙලා වගෙයිනේ කතාකරන්නේ (නි)
මේ අනුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ජීවීන් සිටියාද? ඔක්සිජන් තිබුණාද ?මෙම පැනයට විද්වතුන්ගෙන් පිළිතුරු අපේක්ෂා කරමි. (නි)
පින්වත් වෙදආරච්චි මහතා කලාම සුත්‍රය අනුව බුදුන් වහන්සේ කේශ පුත්ත ග්‍රාමයට වැඩම කරද්දී , ෂඩ් ශාස්තෘවරුන්ගේ විකාර දේශනා වලින් ඔලුව කුරුවල් කරගත්ත , කාලාම රජදරුවෝ, බුදුන්වහන්සේගෙන් විමසනවා , ස්වාමිනි ,කේශ පුත්ත ග්‍රාමයට, එන එන එකා ඔහුගේම වාදය හරියි කියනවා ,පරවාද වැරදියි කියනවා ,අපි මේ ගැන කෙසේ පිළිපැදිය යුතුද ? කාලාමයෙනි අාරංචියෙන් හෝ පරම්පරාවෙන් අා නිසා හෝ මෙහෙමලු අරමලු යන කතා නිසා හෝ යහපත් වගේ පෙනේ යැයි කල්පනා කිරීමෙන් හෝ මෙය අප සීතා බලා සතුටින් ගත් දෘෂ්ටියට ගැලපේ යැයි සිතීමෙන් හෝ මොහු සුදුස්සෙකයයි සැලකීමෙන් හෝ මොහු අපගේ ගුරුය යනහැගීමෙන් හෝ නොපිළිගනු , යම් විටෙක මේ දේ අයහපත්ය අකුසලය වරද යැයි ඔබට වැටහෙන්නේද එවිට එය අත් හරිනු යැයි බුදුන් දේශනා කළා (බ)
කරු, ඔබ කියන මුල් කාරණයට මම එකඟ නැහැ. ගොඩක් අයට එක දෙයක් දැනගත්තහම හැමදේම දන්නවා කියලා වැරදි හැඟීමක් ඇතිවෙනවා. මේක සමාජයේ ප්‍රායෝගික සත්‍යයක්. ඒ විතරක් නෙමෙයි, එයාලා එම දැනුමට සාපේක්ෂව අනිත් දැනුම් මනින්නත් යනවා. එතුළින් ගොඩක් දේවල් පටලවා ගන්නවා. එනිසා විශේෂයෙන් දැනුම ප්‍රගුණ කළ පමණින් ජිවිතයේ යථාර්ථය සහ ගැඹුරු සත්‍යයන් හරියාකාරව තේරුම් ගන්න බැරුව යනවා. (නි)
දිව්‍යානි කියපු කතාව සම්පූර්ණ ඇත්ත. මේ දියුණුව නැතුව ගල් යුගයම තිබුණා නම් ලෝකයේ මේතරම් ප්‍රශ්න නැහැ. (නි)
පින්වත් මිතුරනි,මේ විශ්වයේ යම්තාක් දේ ඇද්ද, සිදුවූණාද, සිදුවේද, තුන්කාලයේම ඒ සියල්ල මේ මනරම් දහමට යටයි පින්වතුනි. එසේම මේ අනුර කියන මහත්තයා ගෙනහැර දක්වන කාරණය සුළුකොට නොතකන්න. නමස්කාර වේවා භාග්‍යවතුන් වහන්සේට! (නි)
සියලු කුලවල බ්‍රහ්මයින්ට, දෙවියන්ට, මනුෂ්‍යයින්ට පමණක් විවර වූ මඟක පඩි හතරක් තිබෙනවා. නැඟගන්න අති දුෂ්කර වූ පළමු පඩිය නැගගත්තොත් ඉතිරි පඩි නැඟෙන්නේ ඉබේමයි. අහසට විසිකළ ගලක් බිමට පතිතවෙන්න අමුතු ආයාසයක් අවශ්‍ය නැතුවාමෙන්, සෝවාන්, සකදාගාමී, ආනාගාමි , අරහත් නම් වූ අන්න ඒ මගේ සෝතාපන්නවත් වෙන්න මහන්සි ගන්න පින්වතුනි. (නි)
ලංකාදීප පුවත් පතේ අන්තර්ජාල සේවය අපට අදහස් උදහස් දක්වන්න අවස්ථාව ලබාදීම ගැන , සියලුදෙනා වෙනුවෙන් මා අපගේ ගෞරවය ප්‍රණාමය පුදනවා, ලංකාදීපය දිගුකල් දිනේවා . (අ)
ලංකාසිරිගේ ඉදිරිපත් කිරීම , ත්‍රිපිටකයේ , දිඝ නිකාය සිලස්කන්ධ වග්ගය , කේවට්ට සුත්‍රය 517 පිටුව 54 චේදය සුද්ධ බුද්ධ වචනයෙන් තහවුරුකරනවා, සාදු සාදු සාදු ! (බ)
ආගම් වලට ගරුකරන ගමන් විද්‍යාවෙන් ,මානව සංහතියට සිදු වූ සහ සිදුවෙන්නාවූ අපිරිමිත සේවය ගැනත් කෘතහස්ත සිතින් බැලිය යුතු වෙනවා.විද්‍යාව නොමැති නම් මිනිසා කලියුගයේ කුමන තත්වයක සිටිනවා විය හැකිද..? (ස)
පින්වත් මිතුරනි , ඔබ කතා කරන්නේ සිතන්නේ , ඔබ කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් කියන හදුනාගැනීමේ ඉදලා , මම කියන හැගීමෙන් , ඒ තැන සිට බලද්දී භෞතික විද්‍යාව ලොකුයි වගේ පෙනෙනවා , ඔබ මම අපි කියන්නේ සත්වයෝ පුද්ගලයෝ නොවෙයි , සම්පුර්ණයෙන්ම ,ඉතිරි නැතිව නැතිවී යන සක්තියක් සහ ක්‍රියාවක් පමණයි , ඉතින් භෞතික විද්‍යාව ඔබට එය කියදිලාත් නැහැ , තමන්ටම දැනගන්න පරීක්ෂණ විදියක් කියාදිලත් නැහැ එනිසාම ඔබ දන්නෙත් නැහැ. බුදු දහම ඒහෙමද එය ඔබට කියාදෙනවා ,විශ්වයේ ඇති තාක් දේ හටගත්තේ හැදිලා තියෙන්නේ , පෘතුවි ධාතු ,ආපෝ ධාතු ,තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ, ගන්ධ , රස, ඔජා මේ සියල්ලේ එකතුව ශුද්ධ අෂ්ටකය ඒය පරමනුවට වඩා කුඩා වූ ඇසින් දැකිය නොහැකි වූ අද්‍රව්‍යක් , ද්‍රව්‍යක් නොවන දෙයක් එය ඇතිවී නැතිවී යන ආකාරය දකින්න පුළුවන් මනස දියුණු කරලා එක කරොත් ඔබ නවතින්නේ නිවනේ. මේ මනස දියුණු කරන ක්‍රමවේදයට කියනවා විදර්ශනාව , ළිදක සිටින ගෙම්බෙක් දන්නේ ඒ වපරිසරය විතරයි ,ඉබ්බා ගොඩත් ඇවිදිනවා වතුරෙත් පිහිනනවා ,මේ දැනගන්න ධාතු විභංගය සුත්‍රය ,සතිපට්ටාන සුත්‍රය බලන්න . (ර)
අවබෝධයෙන් තොර දැනුම කසල ගොඩකි, එය අනවශ්‍ය බරක් පමණි. එයින් අපට සෙතක් නැත. අවබෝධයෙන් දැනුම ඉපදවිය හැක. එහෙත් එම දැනුම අනෙකෙකුට අවබෝධ වේ යැයි කිසි විටෙක කිව නොහැක. මොකද අනෙකා එය අවබෝධ කරන්නේ තමන්ගේ සිතට සාපේක්ෂව බැවිනි. (ම)
ගුණසිරි, මට වැටහෙනවා ඔබගේ නිවන ගැන තිබෙන දැනුම සහ සිතුවිලි. පළමුව ඔබ සිතන්න ඔබ කොතරම නිවනට ළඟද දුරද කියා? එය අපට අනුමාන කළ නොහැක්කකි. එයට ඔබ ආනාපානසතියෙන් පටන්ගෙන විදර්ශනාවට යා යුතුය. අවබෝධය යනු දැනුම නොවේ (නි)
මේ ඉන්දික බොහෝදුර ගිය කෙනෙක් , නිවනට තියෙන්නේ ටික දුරයි. (ර)
අවි ගත්තෝ අවියෙන් නැසෙත්. පාලකයින් හරි හැටි රට පාලනය කරත් නම් රණවිරුවනට යුද්ධ කිරීමට අවශ්‍ය නොවනු ඇත. රජකම් කළත් කළකම් පලදෙනු ඇත. සමහර රජවරු නිරයේ පැසුණු බව බුදුන්ද දේශනා කර ඇත. රට වෙනුවෙන් දිවි පිදුවත් තමන් කළ අකුසල කර්මයන්ගෙන් ගැලවීමක් නොමැත. එයින් මෙදීමට නම් වහා වහා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය. අංගුලිමාල එලෙස කර්මය ජයගත් අයෙකි. අකුසලය, ආනන්තරිය පවක් නම් අපාගතවීම අනිවාර්යවේ. දෙව්දත් එවන් අයෙකි. රටවෙනුවෙන් දිවිපිදුවත් එයත් තමන්ගේ පෙර අකුසල කර්මයක පල විපාකයක්ම වේ. මෙය හේතුපල ධර්මයයි. (බ)
පිනවත් මිතුරනි , වික්‍රම සහ කංචන ගේ අදහස්හි අඩුතැන් පුරවමි . බුදුන්වහන්සේ කෙනකු ලොව පහල වීමට පෙරුම් පුරනකොට , ඒ පෙරුම් බිම මනෝ ප්‍රෙනිදාන, වාග් ප්‍රෙනිදාන වශයෙන් දෙකට බෙදෙනවා ඉදින් , සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය ගණන් ගැනෙන්නේ වාග් ප්‍රෙනිදාන වශයෙන් ඒ නිසා ඉන් පෙර සත්වයෝ ජිවත් වූ බවට කවර වාදයක්ද? බුදුන් වහන්සේ පැවසුවේ සත්වයාගේ මුල නොපෙනෙන දුරයි කියලා .ඒ ආකාරයට බලන කොට වසර ලක්ෂ 1000 සුළු කාලපරාශයක් පින්වතුනි .දෙවැනි කාරණය ,මේ අපි ජිවත් වන සක්වලට කියන්නේ මගුල් සක්වල කියලා ,ඒ බුදුවරු බිහිවන්නේ ඒ සක්වලේ නිසා , මේ භද්‍රකල්පයේ බුදුවරු පස් නමක් පහල වෙනවා , ඒ මෙසේයි , කකුසද , කෝනාගමන , කාශ්‍යප , ගෞතම සහ මෛත්‍රී බුදුන්. ආවේගකාරී වගේ පෙනුණත් මේ ප්‍රකාශයට පුදුමවෙන්න එපා පින්වතුනි , බුදුන්වන්සේ මැරතන් ධාවන තරඟයක් අවසන් කරද්දී , නවින විද්‍යාවත්, විදයාඥයෝත්, දනගානවා ,බඩගානවා පින්වතුනි . හරිපුදුමයි! (ස)
ඉන්දික සහ ලංකාසිරි වැනි බුදු දහම තුලින් විශ්වය දකින්න මහන්සිගන්න පින්වතුන්ට, ඉතාම ප්‍රයෝජනවත් මේ මාතෘකාව වැනිම මාතෘකා දෙකක් යටතේ අදහස් ලියවිලා තියෙනවා. (නි)
මගේ බුද්ධාගම මට හොඳයි කියා පෙරදී කීවෙමි. එහෙත් රට දැය වෙනුවෙන් කළ හා කරනදෙය නොපිරිහෙලා ඉටුකරමි. ලංකාවත් දැන් බහු ආගමික හා සංස්කෘතියක් නිසා අනන්තයට නොයා රටට වැඩක් කළොත් එය උතුම් යැයි සිතමි. (නි)
ඔව්, ජයසුන්දර මහත්තයා , ගඟ ගලන පැත්තට පිහිනන්න ලේසියි ,නැව ගිලුනත් බැන් චුන් කියාලා,මොන කරදරයක්ද ? මොන බලපෑමක්ද ? (බ)
පරහිත වැඩ පිණිස , කෙනෙකු දිරි ගන්වා ජය පරාජය අපෙක්ෂා නොකරන්නෝ තුල කුමන තරහක්ද , පිළිගැනීමට සුදුසු ජිවිතයේ අඩුතැන් පිරෙන අදහසක් යමෙක් ඉදිරිපත් කරන්නේනම් එය පිළිගන්න නිහතමානී වෙමි . යමෙක් අදහන ආගම ඒ ඒ අය හිතුවට හරියට හරි කියලා, බුදු දහමට එය ගැලපීම වැරදියි, බුදුදහම අදහන ආගමක් නෙමෙයි එය තමා තුලින් දැකගන්නා නුවන මුල් කොටගත් දහමක් කරු මහා තානෙනි. (ර)
මෙලොව උපත ලද සියලු දෙනා තම උපත ලද රට වෙනුවෙන් සුළුවෙන් හෝ යමක් කරනු ලබයි. නමුත් මෙය සසරෙහි කැකැරිම වේ. අප මහන්සි ගත යුත්තේ මෙයින් අත්මිදී කෙසේ හෝ සසර කෙටි කර ගැනීමටයි. ලෞකික සැපසම්පත් කෙරෙහි අධික තෘෂ්ණාව, ද්වේශය සහ මෝහය අප තදින්ම සසරෙහි බැඳ තබයි.මේ බැමි ලිහාගත් තැනැත්තා විමුක්තිය සාක්ෂාත් කරගත්තා වේ. බෞධයෙක් නම් ඔබ සතු වියයුතු ඉලක්කය මෙයයි.ඔබ කරන රැකියාවේ බලපෑමක් මෙයට නොමැත ඔබ සත්‍ය ලෙස බුදු වචනයෙහි පිහිටා ඇති අයෙක් නම් ඔබට එම ඉලක්කයට යාමට බුදු පිහිටා ලැබෙනු ඇත. සියලු ආරක්ෂාව ඔබ සතුවේ.(බ)
විමලසේන මහතාණෙනි ,ඔබට ස්තුතියි . (ර)
අප කවුදයි නොදැන ගුණසිරි ඔබගේ අපහාස කිරීම ඉල්ලා අස්කරගැනීම කාලෝචි යයි සිතමි. මා සිහල ජාතියට කළ දේ නිර්නාමිකව පෙන්නුවත් එය සාක්කි සමග ඉදිරි පත් කිරීමට ඕනෑම වෙලාවක ලෑස්ති. (බ)
බුද්ධාගම යනු සසරෙන් එතෙරවීමට මිනිසා විසින් උපයෝගී කරගන්නා පාරුවකි. එය උපයෝගී කරගෙන සසරෙන් එතරවෙනවා මිස එය කරගසාගෙන නොයන ලෙසට බුදුන් දේශනා කළා. මේ සසරේ අපි සැරිසරන තාක්කල් අපිට ගිහියන් හැටියට අපේ එදිනෙද පැවැත්මට නවීන විද්‍යාව අවශ්‍ය වෙනවා. එය ප්‍රායෝගිකව මිනිසා ලබන දියුණුවක්. නමුත් බුදුන් සොයාගත් ධර්මය යනු ඉතා විශිෂ්ටව මනස දියුණු කර සත්වයාගේ නැවත නැවතත් සිදුවන උපත නැතිකීරීමේ ක්‍රමවේදයයි. සංසාරයේ සැරිසැරීම මහත් වූ දුකකි. නවීන විද්‍යාවෙන් පෙන්වා දෙන්නේ ජීවත්වීම සැපයක් ලෙසයි. එහෙයින් තවත් තත්පරයක් හෝ වැඩිපුර ජීවත්වෙන ක්‍රම විද්‍යාවෙන් සොයාබැලෙයි. අද පවතින විද්‍යාවෙන් නාසා ආයතන වැන්නන් මුදල් කෝටි ගණනක් වියදම් කර ග්‍රහලෝකයකට චන්ද්‍රිකාවක් යවන්න අවුරුදු ගණන් කාලය මිඩංගු කරන අතර රහතුන් වහන්සේ කෙනෙකුන් අතක් දිග හැර නවන තරම් වූ කුඩා කලකින් විශ්වයේ සැරිසැරූහ. මෙවැනි දේ බොරු යැයි සිතා සිටින්නවුන් ප්‍රමාදවුවෝ වෙත්. (නි)
මේ දේ අපි දන්නවා.(හේ)
විද්‍යාව හා ආගම (බුදුදහම සමග) එකතුකරන්න ගියාම අපි මන්මුලවෙනවා. විද්‍යාව හැමව්ටම යම්සිදුවීම් තුලින් තවදුරටත් එහාට පසුපසට හෝ ඉදිරියට ගවේශනය කිරීම. මේ සදහා භෞතික දේවල් උපයෝග කරගන්නවා. නොදැන දේ විස්වාස්කරන්න එපා. (කෞ)
විදර්ශනා භාවනාව හොඳට ඉගැන්නුවොත් පාසල් සිසුන්ට, ලොව මෙතෙක් බිහිනොවුණ අග්‍රගණ්‍ය විද්‍යාඥයින් ඒ තුළින් බිහිවෙනවා ඒකාන්තයි. මේ කියන කතාවට පුදුමවෙන්න එපා. (නි)
ගුණසිරි ඔබ හරියටම හරි. (කෞ)
කරු මහතා ගැනත් එවන් සිංහලයෝ ගැනත් මට ලැජ්ජයි. (නි)
ඔව් අතුල ඔබ එක්තරා ආකාරයකදී නිවැරදියි ,මම භෞතික විද්‍යා ගුරුවරයෙකුවත් ,විද්‍යාඥයෙක් වත් නොවන නිසා, එහෙත් මේ විශ්වයේ ඇතිතාක් දේ පස්, වාතය ,වතුර , ගින්දර යන මේ මුල දේවල් වලින් හටගෙන ඇති බව දැන ඒ දේ භෞතික විද්‍යාව විවිධ නම් වලින් විෂයන් ලෙස උගන්වනවා; ඒ විෂය ධාරාවෝ මම නොදනිමි . බුදු දහම යොදාගන්නෙත් ඔය මුල ද්‍රව්‍ය සතරමයි එහි අග නිවැරදිව දන්නා නිසා බුදුදහම භෞතික විද්‍යාවෙන් ඔබ්බට ගිය දෙයක් බව මම අවධාරනය කරමි. (හේ)
වික්‍රම,බුදුවරු සිවු දෙනෙකුගෙන් පසු මේ පෘථිවිය විනාශ වෙනවා. ගෞතම බුදුන් තෙවෙනියා. මෛත්‍රී බුදුන් මේ මහා භද්‍රකල්පයේ සිවුවෙනියා. අවුරුදු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර තිබුනු මනුස්ස ලෝකය පිහිටියේ පෘථිවිය කියන මේ ග්‍රහලෝකයේ නෙමෙයි කියලයි මම නම් කියන්නේ (නි)
බුදු දහම අනුව තමා තුලින් දැනගැනීමට ගන්න උත්සහයක් බවත් අනෙක් ආගම් කුමන බාහිර බලවේගයක් හිතට ගෙන ඒ තුලින් හිතට සතුටක් සමග ජීවිතයට දියුණුවක් බලාපොරොත්තු වීමක් කරනවා කියල හිතෙනවා. මේවා කුමක් කළත් කාටවත් කරදරයක් නැතිනම් කොතරම් හොදද. (බ)
කරු, නොකියන්න නම් හේතුවක් නැහැ, රහත් වුන කෙනාට කෝකත් එකයි, හිතෙන් ගැලවෙනවා කියන්නේ අතීතයෙනුත්, අනාගතයෙනුත්, සම්ප්‍රදායෙනුත් ගැලවිලා. එ්ත් අනිත් අය ඒක මනින්නේ කොහොමද? එයාල ඒක සසදන්න නම් හිතේ එම ස්බාවය දැනගන්න ඕන. කෙනෙකුට බොරු කියන්නත් පුළුවන්, ඇත්ත කියන්නත් පුළුවන්. හැබැයි ඔය උත්තර දෙකෙන්ම ඔයාට වැඩක් නැහැ, වැදගත් වෙන්නේ ක්‍රමය දැනගෙන තමන් එතනට යාමයි. හැබැයි හිත එම තත්වයට පුරුදු කරහම කිසිම දුකක් නැහැ. (බ)
අපේ ආයු කාලය වසර 10 ට ඇවිල්ල මුරුගසම් වරුසාව තුලින් ලෝකේ විනාශ වෙනවා එතකොට ඔක්කොම පාපකාරින් මැරිලා ඉතිරිවෙන්නේ පින් කරපු කට්ටිය විතරයි මෛත්‍රී බුදුන් වනසේ ලොව පහල වෙන්නේ එවිට උන්වහන්සේ වසර 80000 ක් ජීවත් වෙනවා මනුස්සයන්ගේ ආයු කාලේ වසර දහස් ගානකින් වැඩිවෙනවා. (බ)
ගුණසිරි, සිංහලයෙකු වීමට සිංහල ජාතියට කර ඇති සේවාවත් දැනගන්න හරිම කැමතියි. අඩුම ගණනේ පසුගිය යුද්ධ කාලේ කොහේද හිටියේ? (නි)
බුද්ධාගම යනු අදහන ආගමක් නොවේ. එය වනාහි අර්යාෂ්ටාංගික මාර්ගය අවබෝධ කර සසරෙන් එතෙර වීමයි. බුදුන්ට යඤා කිරීමෙන් කිසිවක් ලබාගත නොහැක කළ යුත්තේ අනුගමනය කිරීමයි. බුදුන් දවස අන්‍ය ආගම 92ක් පමණ තිබු බවත් ඒ සියලු ආගම අතහැර පිරිස් බුධාගම වැළද ගත් බවත් කියවේ. එහි සත්‍යතාවය අවබෝධ කරගන්නා ප්‍රඥා ඇස පාදාගත් අයෙකි. (බ)
ලියන්න බැරි හේතුවක් ඇති බව ඔබ සැම දන්නවා ඇතැයි සිතමි.(කෞ)
කෘතහස්ත බුද්ධිමතෙක් පරම ගාම්භීර පැනයක් යොමුකරලා තියෙනවා. පින්වතුනි, පැනයක් නගන්න හේතු කිහිපයක් තිබෙනවා. එකක් නොදන්නාකම නිසා දැනගන්න, දන්නා දේ කියාදෙන්න, දන්නවාදැයි පරික්ෂා කරන්න. මෙය කුමකටද අයත්? (නි)
අපි සැවොම ස්වභාව ධර්මයේ කොටසක් කියා තේරුම් ගන්න. අපිට සතුන්ට වඩා ගොඩක් දේ කරන්න පුළුවන්. එහෙත් සමහර සතුන්ටත් අපට වඩා සමහර දේ කරන්න පුළුවන්. අපිට හැකියාවක් තිබෙනවා ස්වභාව ධර්මය තුළ ඇති දේවල් තුළින් අපිට උචිත දේ තෝරාගන්නට. ඒත් ස්වභාව ධර්මයේ කොටසක් වන අපට ස්වභාව ධර්මයේ දේ තේරුම් ගන්න පුලුවන්ද? (නි)
පින්වත් මිතුරනි, පටන්ගත්තේ යම්සේද ඒ තැනටම ආපසු විත් සියල්ල අවසන් වෙනවා. හරි පුදුමයි (නි)
ඕක තමයි අප රටට වුණ විශාල පාඩුව. උගතුන් හා අත්දැකීම් වැඩි අය වෙනත් රටවලට ගොසිනුයි සේවය කරන්නේ. (නි)
දිව්‍යානි ඔබ කියන්නේ නිවන ගැනයි. මේ ලෝකෙන් නෙමේ සියලු ලෝක වලින් ඈත් වෙන්න තියෙන එකම මග නිවන. (කෞ)
හැප්පි , හැප්පි ගග ගලනකොට හරි සුන්දරයි කරු මහතාණෙනි , සිංහලයෙකු වීමට සිංහල ජාතියට යම් සේවයක් කලයුතුම නැහැ ,සිංහල දෙමව්පියන්ට දාව උපන්න පමණින්ම සිංහල වෙනවා අධ , ගොළු ,බිහිරි වුවත් , ඒ සිංහලයා රග දක්වන රැගුමට අනුව ඔහුගේ උසස් පහත් බව තිර්ණය වෙනවා , යම් දේශයක යුද්ධයක් හටගත්තාම, ඒ දේශයේ සියලු ජාතින් සියලු තරාතිරමේ , ඒ පිඩනයට විවිධ ආකාරයට ගොදුරුවෙනවා විතරක් නෙමෙයි දායකත්වය සපයනවා . යුද්ධයට සභාගිවූ පිරිස කියන්නේ අවි දරපු පිරිස විතරක් නෙමෙයි ,අවිදැරූ පමණින්ම සිංහල වෙන්නෙත් නැහැ. (ර)
මා පිරිසිදු සිංහලයකු වීමට ගුණසිරිට තවත් උදාහරණ ඕනෑද? (නි)
පින්වත් මිතුරනි, හරි පුදුමයි. මේ සියල්ලන්ගේම ප්‍රශ්න වලට උත්තර බුදු දහම තුළ තිබෙනවා. බුදු දහම විශ්මිතයි. (නි)
කරුනාකර පැහැදිලි කර දෙන්න (අ)
විශ්වය ඝන, වායු, ද්‍රව හා පලාස්ම වලින් සැදුම් බව විද්‍යා වෙන් උගන්නනවා. මට ඕන මෙය කුමන සුත්‍රය තුළද හරිහැටි ලියා තිබෙන්නේ, කොතැනක හා කාට දෙසන ලද්දේද ? (බ)
කරු මහත්මය බුද්ධාගම ගැන හරි හැටි නොදන්නා නිසා විශ්වාස නොකරන බවයි හැගෙන්නේ. භාවනාව වඩා ප්‍රඥා ඇස පාදාගත් බෞද්ධයා නුතන විද්‍යාවේ අද පවතින බාලාංශ තත්වයත් බුදු ඇසින් දැක දේශනා කළ ලෝක සත්‍යත් අතර වෙනස හොදින් දනී. ලෝකය පවතින්නේ තමා තුළයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ලොව ජයගත හැකියි. එයයි රහස (බ)
චාමර, මේ කියන දේවල් හරියට තමන්ගේම සිත දැකලා එහි ස්වරුපය අන් අයට පෙන්වාදෙනවා වගෙයි. ඔය උපදේශයෙන් නම් අන් අයට තියා ඔබටවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. සැකය නිවනට විතරක් නොවෙයි දියුණුවට විශාල බාධාවක්. ඔබට යම් දෙයක් ගැන සැක නම් ඒ ගැන ගවේෂණය කරන්න. (නි)
අතුල, ඉන්දිකට දෙන මේ උපදේශය ඉතාම හොඳ එකක්. මම මේ ආරාධනා කරන්නෙත් ඒකටම තමයි. කවුරුහරි කියපු පමණින් අතහැරීම නොවෙයි කළයුත්තේ. එය අවබෝධ කරගෙන අතහැරීම කළයුතුයි. (නි)
ඔක්සිජන් ගිහින් තිබෙන දුරක්...? (නි)
හොඳ ලිපියක් (නි)
කෙනෙකු තම මතය පිළිගන්නේ නැත්නම් ඔහු ගැන කෙන්ති ගැනීම හරි නැහැ. උදාහරණයක් වශයෙන් තමන් අදහන ආගමේ ඒ ඒ අය හිතන්නේ හරියටම හරි කියා. (නි)
මහා පිපුරුම් වාදය පිළිබදව බුදුන් වහන්සේ දේශනාකර තිබේද? පැහැදිලි කරදෙන ලෙස ගුණසිරි මහතාගෙන් ඉල්ලමි. (ර)
ලේ වලට ඔක්සිජන් නැතිවුණාම සියලු ඉන්ද්‍රියන් මැරී ඒවා එකතුවෙන් හැදුනු ලේ ඇති හිතක් නැතිවෙනවා නම් කුමන කතාද? (නි)
පින්වතුනී , එක් ජාතක කතාවක මෙහෙම කතාවක් තියෙනවා, සිංහ සමක් පොරවාගත් කැනහිලෙක් සිංහයෙක් මෙන් ගර්ජනා කරන්නට ගොසින් තමාගේ යතා ස්වභාවය එළිකර ගත්‍තාලු , (අ)
අතුල ඔබ භෞතික විද්‍යාව හදාරලා බලන්න හිග් බොසෝනය දක්වාම. ඔබ දැනුම පුළුල් වෙනකොට තේරේවි එනන එන්නම ඔබ විශ්වය ගැන නොදන්නා බව. හැබැයි ඔය පරමානුවත් , ඉලෙක්ට්‍රොනවත්, හිග් බෝසෝන වත් අපිට කවදාවත් ඇසින් දකින්න බැහැ.අපේ ඉන්ද්‍රියන් 5 ට ඒවා ග්‍රහණය කරගන්න බැහැ. නවීන විද්‍යාව දැන් පෙන්වා දෙනවා හැමදෙයක්ම ඇති වෙන්නේ එකම ශක්තියෙන් කියල. කොන්ටුම් විද්‍යාව තවත් එහාට ගිහින් පදාර්ථය කෙරෙහි විඥානයේ ඇති බලපෑම හෙළිකර දී තිබෙනවා.(බ)
පින්වත් වීරසිංහ මහතාණෙනි, කොහොමද මේක කරන්නේ ලියනදේ සම්පුර්ණයෙන් නැහැ, එකට දොස්නැගිමත් නොකලයුතුයි , සියල්ල දරාගෙන , මේ කියන්නේ සිංහලයනි බුදු දහම බුල්ඩෝසරයක් වගේ එකට සියලු විද්‍යාවන් සමතලා වෙනවා , ඒ මනරම් දහම හරියට දු දරුවන්ටවත් උගන්වන්න.(අ)
මේ කතා කරන්නේ අපි ජීවත්වන ලෝකය ගැන පමණි. නමුත් විශ්වයේ කෙළවරක් නැත (නි)
ලංකාසිරි, ඔබව කියන දේ මා යුද්ධයේදී පිළිගන්නේ නැහැ. රට දැය වෙනුවෙන් ජීවිත පුජාකළ රණවිරුවන්ට ඔබගේ ආගමෙන් උත්තර දීම හරිම කණගාටුයි. (නි)
ලංකාසිරි,නිවැරදි දෙයක් සමාජ ගත කරන්න හරිම අමාරුයි , රාගය ද්වේශය ,මෝහය වැනි කුනුහරුපයක් නම් සමාජ ගත වෙන්නේ නිරායාසයෙන් , අධෛර්යමත් වෙන්න එපා. (ස)
කරු ජයසුන්දර වෙත,දැන් වෙලා තියෙන්නේ පණ්ඩිතයෝ නොවෙයි "මහා පණ්ඩිතයන්"ටිකක් ගොඩ බැහැලා.ඒකයි යන්නේ කොහෙද?මල්ලේ පොල් වෙලා තියෙන්නේ. (කෞ)
මෙලොව බුද්ධාගම ඇති නැතිවීමත්, මෙලොව ඔක්සිජන් ඇති නැතිවීමත් ගැන තවත් මොන කතාද? (නි)
කාන්ත් ගේ අදහස කාලෝචිතයි. ආගම් වලට ගරු කිරීමෙන් සමගියක් ඇතිවේ .අපිට බැහැනේ කෙනෙකු කුමන දෙයක් කුමන විදියට හෝ ප්‍රගුණ කළාම එය වැරදි කියන්න. එසේනම් හොදම දේ එය කාටවත් කරදරයක් නොවන ලෙස කිරීම (බ)
බුදුන් වාහන්සේ නම් වූ ලෝකවිදූ ගුණයෙන් යුත් , ඒ සොදුරු ආඥාදායකයා සොයාගත් ලෝක ධර්මතා නම් විෂයට ගුරුමුෂ්ටියක් නැහැ පින්වතුනි සගවන්න දෙයක් නැහැ , විවර කරන්න, කරන්න බබලනවා. දහම් ගුණ හත පිරික්‍සන්න (බ)
පින්වත් මිතුරනි , හරි පුදුමයි! නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අරහත් සුගත තථාගත සර්වඥ රාජෝත්තමයාණන් වාහන්සේට! (නි)
ජීවයේ පැවැත්මට පෘතුවියේ ඔක්සිජන් ඇතිවූ සැටි විග්‍රහ කරන අතරේදී බුදු හිමියන් ගැනත් බොහෝ කරුණු දැන ගත්තා.විශ්වයේ කිසිම බලවේගයකට සම කල නොහැකි,බුදු පියාණන්ගේ අපිරිමිත වූ,කරුණා, මුදිතා ගුණ සිහිකරමින් මා සුවපත් වූ වාර අපමණයි.ගුණසිරි මහතා මෙන්ම මමද හදපිරි බැතියෙන් නමස්කාර කරමි භාග්‍යවතුන් වහන්සේට....! (ස)
ගල් යුගයට නොගියට අපිට අපේ කියල සරල ගහට කොළට සතා සීපාවට අසල්වැසියාට පවා මෛත්‍රී කරපු තරගයක් නැති සාමකාමී කෘෂිකාර්මික ජිවන රටාවක් තිබුන , එයින් පිට පැනල අපේ දේවල් වලට ගරහල පරිබව කරලා වලනදගත්තේ මොකක්ද කියල දැන් දැන් අපට වැටහෙනවා නේද ? (අ)
පින්වත් මිතුරනි මේ වාග් හරබයෙන් නම් අපට ලැබෙන කිසිම දෙයක් නැහැ , සිත් රිදුම හැරුනුකොට, අපට අඩු වැඩි වශයෙන් තිබෙන උගත්කම්, බුද්ධිමත්කම් අරකම් මෙකම් ,ඔක්කොම සපිරෙන දෙයක් මේ විදර්ශනා ව කියන්නේ එනිසා ඒ ගැන පුළුල් ගවේෂණයක යෙදෙන්න මහන්සි ගන්න , සිත මෙහෙයවන්න ඒ යයි සැබෑම බුද්ධිමත්කම. (ර)
හොඳ ලිපියක් (නි)
හරියට හරි පින්වතුනි , අපි ඔක්කොම වීරයෝ, එක පැතිකඩක් කතා කළේම නැහැ අදාල නොමැති නිසා ,ඒ මේක සමාජ ප්‍රශ්න කියන මාතෘකාව ,මේ විදසුන් භාවනාව හරියට වැඩුවොත් ඒ පිරිස අතර වාද විවාද නැහැ ඒ කුමක් නිසාද යත් මේ විශ්වයේම ඇතිවීමේ, පැවතීමේ නැතිවීමේ ඇත්තේ ඇති සැටිය ඔවුන් අවබෝධ කරනවා , මේ භාවනාව සදහා අවශ්‍ය ප්‍රධාන සුදුසුකම , උගන්වන ආකාරයට නුවනින් විමසා බැලීමේ හැකියාව පමණයි පින්වතුනි (බ)
අපේ සිතේ සිතුවිලි අනුව ගැමා තරංග ආකාරය වෙනස් වෙනවා. භාවනාවේ නොයෙකුත් අවදි වලදී ගැමා තරංග ආකාරය වෙනස් වෙන බවත් ගැඹුරු අවස්ථාවල එය වෙනස්ම තත්වයට ළඟාවෙන බවත් ඇමෙරිකානු විද්‍යාඥයන් හෙළි කර තිබුණා. ඔවුන් එය මොලය සම්පුර්ණයෙන් නැවතුනු ලෙස නිගමනය කළත්, යෝගියා සම්පුර්ණ හොද තත්වයෙන් සිටිනු ඔවුන් අත්දැක තිබුණා. තවත් වරෙක මෙම කිරණ පරීක්ෂණ වලින් ඔවුන් ප්‍රකාස කලා ලෝකයේ වැඩියෙන්ම සතුටෙන් ඉන්නේ ටිබෙට් භික්ෂුන් බව. ඉතින් රහතුන් සොයාගන්නත් මොලයේ ගැමා කිරණ පරීක්ෂණය උදව් වේවි. (බ)
ශෂී කුමාර්, හැබැයි ඔයා විදර්ශනා භාවනාව ඉගෙනගත්තොත් මේ මුළු විශ්වයේම ක්‍රියාකාරීත්වය එකවර ඉගෙනගත්තා වෙනවා (නි)
කුමන විෂයක් හෝ හරිහැටි ප්‍රගුණ කල අයට අනෙක් විෂයක් ඇති ගැඹුර තේරුම් ගත හැක. අපි දැන් අපගේ සාකච්චා මාතෘකාවෙන් පිටට ගිහිල්ල. වාතය තුල ඇති ඔක්සිජන් අඩු වැඩි වීම් කලින් කලට වෙනස්වේ. වාතයේ ඇති ඔක්සිජන් පාෂාණ වලට සංයෝග වෙනවා. එම වෙනස්වීම් කොපමණ කාලයෙන් සිදුවුනාදැයි දැනගන්න පුළුවනි. (ස)
ඉන්දික ඔබ හරි. (ස)
මින්ස කියන්නේ ළිදෙන් ඉන්න ගෙම්බෝ ගානයි. පෘථිවිය හැර අනෙක් තල 30 ක ඉන්න සත්වයන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍යය දේ පෘථිවියේ ඉන්න සත්වයන්ට වඩා වෙනස්. අපේ සමහර දොස්තරලා අැල්බර්ට් අයිස්ටයින්ටත් වඩා පදාර්ථයේ ස්වභාවයන් ගැන දන්නවා වගේ කතාකරන්නේ. (බ)
විමලසේන මහතාණෙනි, භෞතික විද්‍යාවේ මුලධර්මයට අනුව භෞතික විද්‍යාඥයින් සළකන්නේ පස් , වතුර උණුසුම සහ සුළඟ යන මූල අංශුන්ගෙන් සියලු භෞතික වස්තුන් සැදුන බවයි. ඔහුන් එහි කුඩාම සාධකය ලෙස සොයාගෙන ඇත්තේ පරමාණුවයි. එහෙත් මේ විශ්වය කැළඹූ අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයා වු අප මහා බුදුන්, පරමාණුවෙන් ඔබ්බට ගවු දහස් ගණනක් ගොස් කෙළවර සොයාගත්තේ කිසිදූ තාක්ෂණයක් නැති යුගයකය. (නි)
හොඳ ලිපියක් (නි)
"යථාර්ථවාදියෝ" බුදුදහම ගැන අහන ප්‍රශ්න වලට මීට අවුරුදු 2000කට විතර එහා නාගසේන මහා රහතන් වහන්සේ උත්තර දීලා තිබෙනවා. ඒවා කියවන්න. විද්‍යාවට අනුව නිගමන වලට එන්නේ පරීක්ෂණ අනුවයි. (නි)
දන්නවා නම් දැනගන්න කැමතියි. මෙය මම හොයනවා මිතුරනි. (නි)
ධර්මයේ හැසිරෙන්න නියම සිංහලයෙකි. (ම)
රට කරවන පාලකයන් දැහැමිව රට පාලනයකරනවානම් රටවසියාත් දැහැමි වෙනවා.පව්කාර ශරීරයන්ගෙන් විහිදෙන කළු කිරනයන්ගෙන් මිදී පරිසරයම ආලෝකමත් වෙනවා.රජු දැහැමිව රට පාලනය කරත් නම් රාජ්‍යද දැහැමි වෙන බව බුදුන් දේශනා කර තිබෙනවා. නොවේද ? (ස)
ඔතරම් කේන්ති ගන්න ඕන නැහැ ."ඔක්සිජන් ආවේ වසර ලක්ෂ 1000කින්" මාතෘකාව ගැන වැඩියෙන් කතා කළ යුත්තේ. කමක් නැහැ සමහර අයටත් කේන්ති යනවා කියල අහල තියෙනවා. (බ)
ගුණසිරි මහතාගේ දහම් දැනුම ඉහලින් අගය කරමි. ඔබගේ සේවය රටට දෙන්න.(අ)
අවුරුදු 80,000ක් ආයුෂ ඇති විට මිනිසා උසස් බුධිමත් පින්වත් මිනිස් කොට්ටශයකි. මෛත්‍රී බුදුන් මෙකල බිහි වෙත්. දැන් පවතිනේ ආයුෂ පහල බැසගෙන යන අධර්මිෂ්ට මිනිසත් කාලයකි. තවත් අවුරුදු 2400න් පමණ අබුධෝපද කාලය ලබයි. එවිට බුදු දහම ගැන අසන්නට නොලැබේවි සංසාරයේ කැකෑරෙමින් කල්ප ගණන් දුක් විදීමට සිදුවේවි. අප්‍රමාදීව වහ වහා භාවනාව වඩා සෝවාන් පල නොලැබේනම් අඩු තරමින් දෙව්ලොවවත් උපතක් ඇති කර ගැනීමට අපි දක්ෂ විය යුතුයි. බුදුන් පළමු නියත විවරණ ලැබුවේ දීපංකර බුදුන් ගෙනි ඉන් පසු අඩු තරමින් ලෝක විනාස 5ක් වත් සින්දුවී ඇත. එනම් පෘතුවි තලයේ ඔක්සිජන් ඇති නැති වීමත් 5ස් වතාවක්වත් සිදුව ඇති බව මගේ විශ්වාසයයි. (කෞ)
ආගම් වලට ගරුකරන්න. කාටවත් කරදරයක් නොකර හෝ තමන් කරන දේ හරිහැටි හිතා කරන්න. බලකරන්න එපා කාටවත්. විද්‍යාවට වෙනම යන්න ඉඩදෙන්න. (නි)
වික්‍රම, මා අසා දන්නා තරමින් බුදුන් දේශනාකර ඇත්තේ උන් වහන්සේට ප්‍රථම තව බුදුවරු පන්ලක්ෂ විසිතිස් දහස් ගණනක් බිහි වී ඇති බවයි. එසේනම් මේ දක්වා කෙතරම් ලෝක ගණනක් බිහිවී විනාශවී ඇද්ද? (නි)
කෙටේරියක් බදු කට වසාගෙන ඉන්න තරමට නුවන මද අයෙක් වුවත් බුද්ධිමතෙක් ලෙස ගණන් ගැනෙනවා, එහෙත් කට අරින්න, අරින්න ඔහුගේ සැබෑ ස්වභාවය එලියට එනවා . පැරණි වීර ගුණයෙන් හෙබි රජ දරුවෝත් මෑත යුගයේ රට ,ජාතිය ,ආගම වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටත් අපගේ සංවේග ජනක ප්‍රණාමය හිමිවන්නේ නිරායාසයෙන්, එහෙත් මහා රණවිරුවෙකු ගේ සිතින් ආගම ගිලිහීම ඛේදනීයයි . (හේ)
ඉන්දික, මේ මුළු විශ්වයම මේ ක්‍රියාදාමයට යටයි යැයි අපිට කියාදුන් භාග්‍යවතුන් වහන්සේ නමස්කාර වේවා! (නි)
පින්වත් මිතුරනි, හංසයෝ වගේ වෙන්න. දියෙන් කිරි වෙන්කර ගන්න (නි)
විද්‍යාව කියන්නෙ අද ජනජීවිතයෙන් වෙන්කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ජනජීවිතය දියුණු වෙලා තියෙන්නෙ විද්‍යාවේ පිහිටෙන්. අන්තර්ජාල සන්නිවේදනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණව සහ ආයුකාලය වැඩිවීම මේවා විද්‍යාව නිසාමයි ලැබුනෙ. (නි)
නුදුරු අනාගතයේදී රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර ,රෙදිසෝදන යන්ත්‍ර, යාන වාහන මනසින් දෙන අණට අනුව ක්‍රියා කරාවි. (නි)
ගුණසිරි මහතාණෙනි, ඔබගේ පැහැදිලි කිරීම් අගයමි.භෞතික විද්‍යාඥයෝ දැනට සොයාගෙන ඇති කුඩාම අංශුවටත් වඩා බුදුන් වහන්සේ විසින් සොයාගත් කුඩාම අංශු පිළිබදව පැහැදිලි කළහොත් නොදන්නා අපිට එය ලොකු දෙයක්. එවිට ඒ සිද්ධාන්තයන් හරහා නවින විද්‍යාඥයින්ටත් ඉදිරියට ගිය හැකි බව මම විශ්වාස කරමි. (නි)
ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ. (ම)
ගුණසිරි මහතානෙනි අපට දැනගන්න පුලුවන්ද විදර්ශනාව කරන විදිහ සරල භාෂාවෙන්. ගොඩක් මිනිස්සු මේවා අපබ්‍රංස කරගෙන ඉන්නේ සරලව තේරුම් ගන්න බැරි නිසා. අපි කැමතියි මේ තත්ත්ව දකින්න පුළුවන් ප්‍රයෝගික ක්‍රමය සරලව මිනිසුන් අතරට යනවට. විද්‍යාවට කොන්ටම් භෞතිකයට එන්න කොච්චර කල් ගියද, ඉතින් එකට නිවන ගැන දැනගන්න තව ගොඩක් කල් යාවි. (ර)
කරු එ්ක වෙන්න විය යුතු සහ වෙන්න පුළුවන් දෙයක්. (බ)
මම කීවේ එක දෙයක් ප්‍රගුණ යනු උගත් අධ්‍යාපනයක් හා හොද අත්දැකීම් ලද බොහෝ අය. (ම)
ගුණසිරිගේ ප්‍රකාශයන් එකින් එකට පටහැනියි. ගැළපුමක් නැහැ. (නි)
ගුණසිරි ඔබ භෞතික විද්‍යාවේ මුලධර්ම නොදනී ... එසේම නොදන්නා විෂයක් කතා නොකලානම් හොදයි. එහෙත් ඔබ භාවනාව සහ බුද්ධ දේශනාවන ගැන තියෙන දැනුම සහ උනන්දුව අගයකරමි. (කෞ)