එක් සියදිවි නසා ගැනිමකින් තවත් පුද්ගලයින් විසි දෙනෙක් සියදිවි නසා ගැනීමට පොළඹවන බව සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇති බව ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ සභාපති කුමුදුනී ද සිල්වා මහත්මිය පවසන්නීය.
මේ මස 10 දා ට යෙදෙන ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනය වෙනුවෙන් කොළඹ හෝටන් පෙදෙස ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මුලස්ථානයේ පැවති වැඩමුළුවකට එක්වෙමන් කුමුදුනී මහත්මිය මේබව ප්‍රකාශ කළාය.
‘ඔබේ දිවියේ වෙනසක් දකින්න - මිනිත්කුවක් වෙන් කරන්න‘ මෙවර ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනයේ තේමාව වී ඇත.
සැම වසරකම සිය දිවි හානිකරගැනීම හේතුවෙන් ලෝකය තුළ ලක්ෂ 08 – 10 අතර පිරිසක් ජීවිතය අහිමිකරගන්නා අතර සැම තත්පර 40 ට වරක්ම ලෝකයේ කොතැනක හෝ එක් සිය දිවි හානිකරගැනීමක් සිදුවන බවද කුමුදුනී මහත්මිය ප්‍රකාශ කළාය.
1995 වන විට ශ්‍රීලංකාව සිය දිවි නසා ගැනීම අතින් ලොව ප්‍රථම ස්ථානයේ සිටි අතර මේවනවිට ශ්‍රී ලංකාව 04 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එසේවුවද එය සතුටුවිය හැකි මට්ටමක් නොවන බවත් සභාපතිවරිය කීවාය.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම සිදුවන්නේ එල්ලෙන්න යන මිනිහ 20 දෙනෙකුට විතර අත වනල ඒ අයට එල්ලෙන හැටි කියා දීල එල්ලෙන එක පැත්තකට දාල අනික් අයට කඹය දීල යන එක. මෙහෙම පැනල ගිය අය තමයි රට "හදන" තැන වැඩි හරියක් ඉන්නේ.
එදා 80 - 90 දශකවල වැඩිම සියදිවි නසාගැනීම් තිබුනේ මහවැලි C කලාපයේ, ඒ බොහෝදෙනා ගොවියෝ, ඔවුන්ට ගොවි ණය ගෙවාගැනීමට බැරිව ජීවිත අතහැරියා, ඒ සියල්ලට වගකිවයුත්තේ ව්‍යාපාර සැලසුම් කළවුන් හා ව්‍යාපාරවල රාජකාරිකල රජයේ නිලධාරීන්.
රටක අධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහීම , ආර්ථිකය කඩා වැටීම , මානසික ආතතිය , යුධ මානසිකත්වය , දේශපාලන උපක්‍රම සදහා ජිවිත භාවිතා කිරීමට පුහුණුකිරිම සහ ආර්ථික ශක්තියකින් තොරව විවිධ උපකරණ භාවිතයආදී වශයෙන් තවත් බොහෝ පැතිකඩ දැක්වීමට කරුණු ඇතත් , මේවා යම් කිසි ආකාරයකට අවම කර ගැනීමට කටයුතු සම්පාදනය කිරීම අප සැමගේ යුතුකමක් . කළා නිර්මාණ ගීත ආදියත් , ධර්ම දේශනා ආදියත්, මගින් මනුසතුන්ගේ වටිනා කම පෙන්වාදීම ආදී පුළුල් ක්‍රමවේදයන් විවිද ආකාරයෙන් සිදුවේනම් යහපත් ප්‍රතිපල ලැබෙනු ඇති. ඉහත දැක්වූ කරුණු සියල්ලටම වඩා ප්‍රබල වන්නේ පවුල් සංස්ථාව කඩා නොවැටී පවත්වා ගැනීමට එම රටේ කරුණු කාරණා කොපමණ දුරට ඉවහල් වී ඇතිදැයි යන්න මත බව වැඩිදුරටත් පෙන්වා දීමට කැමති.
මේවා දැන ගන්න ඕනෑ සාමාන්‍ය ජනතාවට වඩා මාධ්‍ය ආයතනවල වැඩ කරන අයයි. පහුගිය දවස්වල අනුරාධපුරේ ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා දිවි නසා ගත්තු එකට දීපු ප්‍රචාරය නිසා ඊට පස්සේ තව දෙනෙක් ඒ විදියට දිවි නසා ගත්තද? මොනවා හරි ප්‍රවෘත්තියක් දෙනවට වඩා ඒ ප්‍රවෘත්තියෙන් ලැබෙන ප්‍රතිඵලය බලලා වාර්තාකරණයේ යෙදීම තමයි කරන්න ඕනෑ.
අප මෙන්ම ලොව සියලුදෙනා ලෝකයට අයිති අය මිස තමතමන්ට අයිති අය නොවේ. කෙනෙකු ලොවට බිහිවීමට පිළිසිඳ ගැනීමේ සිට මිය යනතෙක් ලොවේ අනෙක් සියලුම දෙනාගේ ආධාර උපකාර කැපවීම් මත දිවි රැක ගනිති. සියල්ලන්ම ලෝකයේ අන් අය වෙනුවෙන්ම වැඩ කරන්නෝ වෙති. කොපමණ ධනවතකු, බලවතකු වුවත් අන් අයගේ සහ සතා සිව්පාවාගේ උදව් උපකාර නොමැතිව ජීවිතය ගෙනයාමට නොහැකිය. සරල උදාහරණයක් ගතහොත් මී මැස්සන් ඇතුලු පරාග පෝෂණය කරන සතුන් වඳවී ගියහොත් සියලු සත්ව ලෝකයාම වසර සිය ගණනක් ඇතුලත වඳවීයනු ඇත. ඔබත් මමත් වැඩ කරන්නේ අනුන් වෙනුවෙනි. ලෝකය වෙනුවෙනි. අපව ඇතිදඩි කරන්නට ලෝකයම වෙහෙසී ඇත. දහඩිය ශ්‍රමය වැයකොට ඇත. එසේ වූවිට අප අනිවාර්යයෙන්ම ලෝකයේ අන් අයගේ යහපත සඳහා වැඩ කලයුතුව ඇත. එසේ තිබියදී, අප ලොව වෙනුවෙන් කලයුතු යුතුකම් කරන්නට තිබියදී ඒවා අතහැර ලෝකයෙන් ඉවත් වන්නේ නම් එවැන්නකු ලෝකයට ණය කාරයකු අපරාධ කාරයකු මිස ගරුකල යුතු අයකු නොවේ. එවැන්නකු සිය පන නසා ගතහොත් එවැන්නෙකුට අවසන් ගෞරව දැක්වීමක් කල යුතුදැයි සිතා බලන්න. මා රටේ නායකයා නම්, සියදිවි නසාගන්නා ඕනෑම කෙනෙකු මිනී මැරූ අපරාධකාරයකු ලෙස හඳුන්වා මරණ දඬුවමට ලක්වූ අයෙකුට මෙන් පොළවේ වලලා දැමීමට නීති ක්‍රියාත්මක කළ යුතුය.
එහෙත් සුවකල නොහැකි වේදනාකාරී බරපතල අසනීපයක්... අධික වයස් ගතවීම නිසා ලෝකයාට සේවයක් කිරීමට නොහැකි වීම වැනි සාධාරණ හේතුවකට දිවි තොරකර ගැනීමකදී පමණක් එවැනි අගරු කිරීමක් කලයුතු නැත. අලි ඇතුන් පවා වයස්ගත වී කිසිවක් කරකියාගත නොහැකි වූ විට කන්දකින් පහලට පැන දිවිනසාගන්නා බව ස්පිටල් ගේ පොතක සඳහන්ව තිබිණි. එල්ලා මැරූවෙකුට අවසන් බුහුමන් දැක්වීමක් සිදු නොවේ. ගුණකථන පිංපැමිණවීම් සිහිපත් කිරීම් ඔවුනට හිමි නොවේ. ඔවුනට සොහොනක් හිමි නොවේ. නිවසට ගෙනයාමක් නැත.. වැලලූ තැන පස් පොළව මට්ටමට තබනු මිස ගොඩගැසීමක් සිදු නොකෙරේ.. සියදවි නසාගන්නා අය මුළු ලොවටම කරන්නේ ද්‍රෝහී කමකි.