IMG-LOGO

උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ

ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුනදී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
 
දැඩි උණුසුම, දිගු නියඟයන් හා වේගවත් කුණාටු  ලොවපුරා ජීවී විශේෂයන්ට අහිතකර  බලපෑම  ඇතිකිරීමට හේතුවී ඇතැයි ලන්ඩනයේ දේශගුනික විශේෂඥවරයෙකු වන නිකිල් අද්වානි එම වාර්තාව ගැන විස්තර කරමින් පවසයි.
 
ඔහු තවදුරටත් පවසන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ඇමසන් වැසි වනාන්තර, ගැලපගස් දූපත්, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයෙන් ඉහල ප්‍රදේශ වල ජීවී විශේෂ 80000ක් පමණ මෙසේ තර්ජනයට ලක්ව ඇති බවයි.
 
විද්‍යා ජර්නලයේ පල කර ඇති මෙම වාර්තාවේ අවධාරණය කර ඇත්තේ දේශගුණික වෙනස්කම් අවම කිරීම සම්බන්දව ඉතා ඉක්මන් ක්‍රියාකාරකම් ලොව පුරා සිදුකල යුතු බවයි.
 
මෙය සුවිශේෂී ස්ථාන වල ජීවින් වඳවීම සම්බන්ධ සරල කාරණාවක් පමණක් නොව මනුෂ්‍ය වර්ගයාට අත්‍යාවශ්‍ය සේවා සපයන පරිසර පද්ධතීන්ගේ වෙනස්වීම සම්බන්ධ කාරණාවක් බව ද මෙම වාර්තාව සඳහන් කරයි.
 
ලන්ඩනයේ ක්‍රියාත්මක ලෝක වනසත්ව අරමුදල සහ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලය එක්ව මෙම වාර්තාව නිකුත් කර ඇත.
 
(සී එන් එන් ඇසුරිණි - 085)



අදහස් (1)

උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ

lalith Wednesday, 21 March 2018 09:46 PM

අපේ ආර්ථිකය ගිලගන්න අර ඩියුටි ෆ්‍රී කාර්වල එහෙමෙහෙ යන බුවල්ලන්ට හානියක් වෙන්න තව කොච්චර උස්ණත්වය ඉහල යන්න වෙයිද?

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1481 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 537 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 605 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site