සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වූ බවත් එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති.
මෙම අලුත් ලෝකය බ්රහස්පති ග්‍රහයාට සමාන විශාලත්වයකින් යුත් බව සදහන් වේ. එමෙන්ම පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,700 ක දුරින් පිහිට ඇත. නාසා ආයතනය සහ සැන් ඩියාගෝ හි රාජ්ය විශ්ව විද්‍යාලය එක්ව කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
"ප්ලැනට් හන්ටින්ග්" කෙප්ලර් දුරේක්ෂය භාවිතා කරගනිමින් එම සොයාගැනීම සිදු කර තිබෙන බව ඔවුහු පවසති. සැන් ඩියාගෝහි ඇමරිකා තාරකා විද්යා සංගමයේ මාධ්‍ය හමුවකදී මෙම නව සොයා ගැනීම ප්රකාශයට පත් කරන ලදී.
එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ වාසයට සුදුසු කලාපයක් තුළ වුවද එය ඉතා විශාල ග්‍රහ ලෝකයක් හේතුවෙන් ජ්වින් අපේක්ෂා කළ නොහැකි බව ඔවුහු පවසති. සූර්යයන් යුගලයක් වටේ ගමන් කරන ග්‍රහ ලෝක "ස්ටාර් වෝස් " චිත්‍රපටයෙන් පසු 'ටැටුයින්' යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබීය.
විද්යාඥයන් පළමු ටැටුයින් ග්‍රහයා සොයා ගනු ලබන්නේ 2011 වසරේදීය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් දුරින් සෙනසුරු ග්‍රහයාගේ විශාලත්වයට සමාන ග්‍රහයෙක් එලෙස සොයා ගැනිණි. ප්‍රධාන වශයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන ග්‍රහ ලෝක සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක ගවේශනය කිරීම 2009 දී කෙප්ලර් දුරේක්ෂ භාවිතයෙන් ආරම්භ කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් අවුරුදු තිහක් ඇමරිකාවේ ඉන්න මට එවන් ග්‍රහයෝ හමුවෙලා නැහැ ඔබ මොනවහරි පාවිච්චි කරලා වෙන්නැති ඒ වෙලාවට ග්‍රහයෝ පේනවා (බ)
පුදුමයි එ්කත් රාජපක්ෂ පවුලේ වැඩක් බව ප්‍රකාශ නොකරන එක.
ඇමරිකාවේ ඉන්න අය ගැන තියෙන ඊර්සියාව දමා ඇති අදහස් වලින් මොනවට පිළිබිමු වේ. (ර)
මාතෘකාව නව සොයාගැනීම්, ග්‍රහ ලෝක. නමුත් සමහරු කතාකරන්නේ අැමරිකාවේ ඉන්න මනුස්සයෙක් ගැන. මේක තමයි අපේ මිනිසුන්ගේ හැටි. ඉතින් කොහොමද ජාතියක් හැටියට අපි ඉදිරියට යන්නේ? හරිනම් අපි සතුටු වෙන්න ඕනෑ අපේ තවත් එකෙක් ඇමරිකා ඉන්නවා එහෙනම් කියලා. (නි)
බුදුබණ සත්‍ය බව නාසා එකෙන්ද තහවුරු කරන බව හැමවිටම අප දැනගත යුතුය. (නි)
මේ ඉර, සඳ, තාරකා මැව්වේ දෙවියන් වහන්සේය. (නි)
දැන් ග්‍රහයෝ ගැන නොවෙයි මාතෘකාව. ඇමරිකාවේ අවරුදු තිහක් ඉන්න එක ප්‍රශ්නයක් වෙලා කට්ටියකට. හේවා මහත්තයෝ ඔව්වා ගණන් ගන්න එපා. අර කව්දෝ කීවාලු නේ මිදී තිත්තයි කියා. (ර)
නන්දලාල්, මාත් ලලිත්ට ස්තුති කරනවා. ඒ අනුව මේ ප්‍රවෘත්තිය විශ්ව හඳුන්වාදීම් දෙකකින් යුක්තයි නේද? අර ග්‍රහලෝකෙත් එයා තරු දෙකක් අස්සෙ ඉන්න බව කියාගන්න විදිහක් නැතුව මෙච්චරකල් හරි දුකෙන් ඉන්න ඇති නේද, පවු. (නි)
වසන්ත රත්නායක උන්නැහේ, දෙවියන්ට ඔය වගේ දේවල් මවන්න බලයක් ලැබුනේ කාගෙන්ද? අනිත් එක ඔය වගේ දේවල් මැවුවේ මොනවටද? මොන ජොලියකටද? දැන් කාලේ දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? (බ)
දැන් ඉතින් කවුරුහරි උඩ පැනලා කියයි ඕකත් මීට අවුරුදු දහස් ගණනකට පෙර කියලා තියෙනවා කියලා. (නි)
ලලිත්, ඔයාගේ අදහස නිසා, හේවාවිතාරණ මහත්තයා අවුරුදු 30ක් ඇමරිකාවේ පරිභ්‍රමණය වෙන බව මුළු විශ්වයටම හඳුන්වා දීම ගැන ඔයාට අපි කොහොම ස්තුති කරන්නද මන්දා (නි)
ලෝකය තාක්ෂණ දියුණුව අතින් දිනෙන් දින ඉදිරියට යනවා (නි)
හොඳ සොයාගැනීමක් (නි)
ෂා මරුනේ.(හේ)
හේවා, ඔයා ලංකාවට ඇවිල්ලා බලන්න ග්‍රහයෝ කැරකෙන හැටි කොහොමද කියලා (නි)
මේ ඉර, සඳ, තාරකා මැව්වේ දෙවියන්! (නි)
ඔය විදියට මේ ලෝකය ගැන දැනගන්න බැහැ. බුදු දහම අනුව, තමාගේ ශරීරය තුලින්ම තමා දැනගන්න පුළුවන්. නැත්තම්, තව ටික දවසක් යනකොට තව ඉරවල් හම්බ වේවි. ඉවරවෙන එකක් නැතිවේවි. බුද්ධ දර්ශනය ඉගෙනගන්න, ද්‍රව්‍යවාදය පැත්තකින් තියලා (නි)
බුදුරජාණන් වහන්සේ මේ දේවල් දැක්කේ දුරේක්ෂවලින් නෙමෙයි. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රග්ඥාවෙන් සිත දියුණු කරලා. දිවැස් නුවණින්. අංගුත්තර නිකායේ 'සහස්ස ලෝකදාතු සුත්‍රය' කියවන්න. එක පාරක් නෙමෙයි දහපාරක් උඩපැනලා ඒ බව ප්‍රකාශ කරන්න සතුටුයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය මනාකොට අවබෝධ කළා. ස්වභාවික හේතුන්ගෙන් හටගන්නා දෙයක්, හටගත් දේ වැනසී යනවා. ලෝකයේ තිබෙන මෙම ස්භාවය කිසිකෙනෙකුට තමාට රිසි සේ පවත්වන්න බැහැ. (නි)
අන්න හරි සුමේධ. (නි)
අලුත් සොයා ගැනීමක්. හරි වටිනවා (නි)
අවුරුදු දහස් ගණනකට පෙර හරි සත්‍ය කියලා තියෙනවා නම් එය පිළිගැනිමයි කාරණය වන්නේ. රාජුන්ලා වගේ අය නොදන්නා බොහෝ දේවල් ඇත. (නි)
හේවාවිතාරණ ගැන කෙනෙකුට පැහැදිලි ඊර්ෂ්‍යාවක් ඇතිවෙලා කියලා පේනවා (නි)
බුදු දහමේ කියා ඇති පන්සිල් පද පහ නොරකින අපි නිකායවල් සහ සූත්‍ර පස්සෙයි දුවනවා. ධර්මය කටපාඩමින් කිවහැකි අය හිටියාට පිළිපදින්නේ නැති නිසා අනෙකුත් උදවියට විශ්වාසය නැතුව යනවා. ධර්මය දන්නා උදවිය ආදර්ශමත් වුණොත් අවවාදයට වඩා උතුම් වේවි. මිනිස්සු ද්‍රව්‍යවාදය පස්සේ දුවන්නේ ඒ නිසයි. (නි)
අලුත් දේවල් සොයා ගන්නවා අපේ රටේ මිනිස්සු අවුරුදු 68 කුණු ගඳ ගහන පක්ෂ දෙක බලයට ගේන්න හදනවා (බ)
අවුරුදු 30ක් ඇමරිකා වල ඉන්න මේ අප්පුහාමිට දැන් පුත්තලම් බුරුවෝ 10 ක වයස ඇති නේද? මේ වගේ මෝඩ කතා කියන්නේ. (බ)
ඉස්කෝල ඇරෙන වෙලාවට බස් නැවතුම්පොලකට ගියානම් ඉරවල් දෙකක් නෙවේ හත අටක්ම වටේට කැරකෙන ග්‍රහයෝ කප්පරක් හොයාගන්න පුළුවන්. (බ)
හේවාවිතාරණ අවුරුදු 30 ඇමරිකාවේ ඉන්න එක කියාගන්න මේක අවස්ථාවක් කරගෙන. අපි නොදන්නා ඇමෙරිකාව කියුවලු. ගොඩක්කල් ඔහේ හිටියාම මොනවා හරි අලුත් අවයව එනවද ? මම මේ ඇහුවේ අං වගේ දේවල් ? (අ)
මේවට සල්ලි වියදම් කරන වෙලාවේ වැදගත් දෙයක් කළා නම් නරකද? මෙච්චර දුර තියන ග්‍රහලෝක වලට යන්න තියා හිතන්නවත් බැහැනේ (නි)
සමහරු හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි බුද්ධිමත් කියලා. මේ ලියවිලා තියෙන අදහස් කියෙවුවහම අනේ අපේ ජාතියට අබ සරණයි! (නි)
හොඳ සොයාගැනීමක්. සුබ පැතුම්! (නි)
අබයගේ ප්‍රතිචාරයේ යම් යම් දේ වැරදියි. පන්සිල් පද රකින අයත් සිටින නිසා අපි කියන වචනය භාවිතා කරන්න බැහැ. නිකායවල් කෙසේ වෙතත් සුත්‍ර පස්සේ නොදිවූවොත් ශුද්ධ වූ බුද්ධ වචනය දැනගන්නේ කෙසේද? බුදු දහම අනුන් කරන දේ බලලා අනුකරණයෙන් අවබෝධ කරන එකක් නෙමෙයි (නි)