IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ඉන්දියන් සාගරයේ දූපතක ගල් යුගයේ මිනිස්සු

ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. කොරල්පරවලින් වටවූ මේ දූපත යාත්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60,000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ කියති.

වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝත්‍රිකයන් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි. නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝත්‍රිකයන් 400ක් පමණ සිටින බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නෝ කියති.

ඔවුන් බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පවත්වන්නේ නැත. මාධ්‍ය වාර්තා අනුව 2006 ජනවාරි මස 26 දින සෙන්ටිනල් දූපත අසළ කකුළුන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසක් ගෝත්‍රිකයන්ට කොටුවූ බවට ලැබුණු තොරතුරකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හෙලිකොප්ටරයක් එහි ගියේය.

හෙලිකොප්ටරය පහතින් පියාසර කරමින් ගෝත්‍රිකයන්ට හසු වූ ධීවරයන් සොයා ගැනීමට උත්සාහ ගන්නා විට හෙලිකොප්ටරයට ඊතල හා හිරිගල් කැට ප්‍රහාරයක් එල්ල විය. එදා ධීවරයන් බේරාගැනීමට ගිය වෙරළාරක්ෂකයන් පසුව දැනුම් දී ඇත්තේ ධීවරයන් මේ ගෝත්‍රික පිරිමි ජනයාගේ කුසට ආහාරයක් වන්නට ඇති බවයි.

අතීතයේ පැවති ගල් යුගයේ මිනිසුන් වැනි ගෝත්‍රිකයන් දැක බලා ගැනීමට සංචාරකයන් එහි යාමට උනන්දුවක් දැක්වුව ද ආගන්තුකයන්ට ගල් ගසා හෝ ඊතලයෙන් විද මරා දැමීමට උත්සාහ ගන්නා මේ හුදකලා ගෝත්‍රිකයන්  දක්නට යාම පවා බිහිසුණු බව ඉන්දීය වෙරළාරක්ෂකයෝ කියති.

27CB4A8000000578-3049022-This_satellite_image_shows_the_untouched_North_Sentinel_Island_w-a-21_1429631756822 27D8D2B200000578-3049022-image-a-5_1429687103227 27D0056500000578-3049022-Sentinelese_tribespeople_gather_on_the_shore_of_North_Sentinel_I-a-20_1429631756805 89209338



අදහස් (0)

ඉන්දියන් සාගරයේ දූපතක ගල් යුගයේ මිනිස්සු

නිශාන්ත Sunday, 07 June 2015 03:52 AM

හොයලා බැලුවට කමක් නැහැ. ඒ මිනිසුන්ට ඒ අයගේ නිදහස දීලා..... (නි)

:       0       1

වසන්ත Friday, 24 April 2015 02:24 AM

මෙවැනි ජනකොටස් ගෙන තවදුරටත් සොයාබලන්නට ඕනෑ (නි)

:       1       0

සූ Monday, 27 April 2015 12:08 PM

අවුරුදු දෙසිය ගානකට කලින් සුද්දා ගොඩ බැස්සේ නැත්නම් අද ඔස්ට්‍රේලියාවත් ඔය වගේ තමයි. අබෝරිජින්ලට කරපු දේ මේ මිනිස්සුන්ටත් කරන්න එපා. (ස)

:       0       0

ලලිත් Friday, 24 April 2015 03:16 PM

හරි. දැන් ඉතින් ඒ අයටත් ඉන්ටෙර්නෙට් එකයි, සෙල් ෆොනේ පිස්සුවයි, හෙළුව වන්න රුපවාහිනී වීඩියෝ පටියි දීල උන්වත් කාල දමපල්ලා. තව මදිනම් ක්‍රෙඩිට් කාඩ් දීල ණය ගන්නත් පුරුදුකලා නම් ආතල් තමයි. උන්ට රජෙක් නායකයෙක් එහෙම ඉන්නවනම් එක ඒකාධිපති ක්‍රමයක් කියල කට්ටිය දෙපැත්තකට බෙදල පක්ෂ දෙකක් හඳුන්වල දීල කෙලගන්න පුරුදු කලේ නැතිනම් එකත් ලොකු අඩුපාඩුවක්. (අ)

:       0       0

කුරුවිට Friday, 24 April 2015 03:21 PM

ගොඩක් අය හොයන්නේ අඟහරු ලෝකේ හඳට යන්න මේ මහපොළොවේ තියන දේවල් ඔක්කොම හැංගිලා (අ)

:       0       0

මැද්දේගම Tuesday, 28 April 2015 03:31 AM

තවත් ඔය වගේ තැන් මේ ලෝකේ තියෙනවද දන්නේ නැ. පිටසක්වල දේවල් හොයන්න කලින් මෙහෙ තියෙන ඒවා හොයා ගත්තනම් තමයි නේද හොද. (බ)

:       0       0

කුමුදික Monday, 27 April 2015 06:40 AM

එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දීලා හිටියානම් ඉවරයි. එතකොට ඒ මිනිස්සුත් මනුස්සකම කියන දේ ආරක්ෂා කරගෙන ඉදිරි පාර රැකගනී (බ)

:       0       0

ඉන්දිකා Sunday, 26 April 2015 07:01 PM

එයාලට ඔහොම ඉන්න දෙන්න. එක තමා හොදම දෙය. (අ)

:       0       0

කවින්ද Saturday, 25 April 2015 04:38 AM

තව ටික දවසකින් එයාලගේ ජීවිතත් වෙනස්වෙයි.පව්! (නි)

:       0       0

රනිල් Monday, 27 April 2015 07:13 AM

එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න (දිල්)

:       0       0

සරත් Friday, 24 April 2015 03:33 AM

17 වසන ශතවර්ෂයේ නම් ඉතින් එංගලන්තෙන් ගිහින් මේ මිනිස්සු ඔක්කොම විනාශ කරලා අලුත් රටක් හදල. රටේ පරිසරයේ තියෙන්න නැවුම් බව රැකිලා තියෙන එකත් ලොකු දෙයක් .එයාල එයාලගේ පාඩුවේ හිටපුවාවේ (ස)

:       0       0

අමිල-ඩුබායි Friday, 24 April 2015 04:58 PM

තව ටික දවසකින් ඔය දුපතටත් යයි කට්ටිය... (ස)

:       0       0

ෂෙහාන් Sunday, 26 April 2015 11:23 PM

ගිය ගිය රටේ බින්න බහින අල්ලපු රටේ උන් අල්ලන් කාපු එක නම් ඉතාම හොඳ වැඩක්. අනේ මේ ගෝත්‍රිකයෝ කිහිප දෙනෙක් අල්ලපු රටේ මැද හරියට ගිහින් දමන්න බැරිද හතර වටේටම කාගෙන කාගෙන යන්න. (අ)

:       0       0

තිස්ස Friday, 24 April 2015 03:48 AM

අපි එයාල ලෝකයට සම්බන්ද කරන්න වයි ෆයි දෙමු. (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 25 April 2015 05:20 AM

ඔයව‍ගේ සැඟවුණ තැන් තවත් ඇති (නි)

:       0       0

අසේල Monday, 27 April 2015 08:30 AM

මේ අපේ රටේ අය ගැන නෙවෙයි නේද කියලා තියෙන්නේ (දිල්)

:       0       0

බණ්ඩාර Wednesday, 29 April 2015 09:20 AM

ලලිත්, සත්‍යපාල මමත් ඔබලගේ අදහස අනුමත කරනවා අපට කළෙත් මෙයම තමා, අපේ උන්ට නොතේරුනාට (බ)

:       0       0

දේශප්‍රිය Tuesday, 28 April 2015 06:47 PM

මම හිතුවේ මේ කියන්නේ ලංකාව ගැන කියලා. (නි)

:       0       0

ඩේවිඩ් Friday, 24 April 2015 05:35 PM

අර මැලේසියානු ගුවන් යානය මේ දූපතටවත් හදිසියේ ගොඩබෑවද දන්නෙ නැහැ (නි)

:       0       0

ඇසළ Monday, 27 April 2015 02:07 PM

ඔය කියන දුපතේ අපේ දුපතේ වගේ මහ බැංකුවක් එහෙම නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

පිටිගල Monday, 27 April 2015 02:31 PM

ඒ රටේ තෙල් තියෙනවද දන්නේ නැහැ? (අ)

:       0       0

නාලනී Friday, 24 April 2015 04:51 AM

දැන් ඉතින් ඒ මිනිස්සුත් ඉවරයි. විකාර අදහස් හඳුන්වලා දීලා ඒ මිනිස්සුත් නැතිකරයි (නි)

:       0       0

මහින්ද Friday, 24 April 2015 06:40 PM

අපෙත් ඉන්නවා. කවුද දන්නවද?? (නි)

:       0       0

සමන්ත Monday, 27 April 2015 03:20 PM

ලංකාවේ මහජන මුදල් හොරකම් කරපු දේශපාලුවෝ ඔක්කොම මේ දුපතට වහාම යවන්න ඒ අයට හරියන්නේ මේවගේ ගොතිරිකයෝ තමා !!! (අ)

:       0       0

උපුල් Wednesday, 29 April 2015 10:41 AM

මේ වගේ නොඉඳුල් පැති වීරකැටිය පැත්තෙත් තියනව. (බ)

:       0       0

සත්‍යපාල Saturday, 25 April 2015 06:32 AM

ලලිත්, ඔබ කියා තිබෙන දෙය තේරුම්ගන්න පුළුවන් අය තව හාර පන්සියයක් අපේ රටේ හිටියා නම්.... මේකේ ළඟදීම අධිවේගී පාරවල්, තරුපහේ හෝටල් කිහිපයක් ඉදිවෙන බව නියතයි. (නි)

:       0       0

චමින්ද Saturday, 04 July 2015 10:10 AM

දැන් ඉතින් උනුත් ඉඳලා හමාරයි (නදී)

:       0       0

දීලීප Friday, 24 April 2015 06:18 AM

අපේ අය මේ දුපතට ගියේ නැද්ද දන්නේ නැහැ. මොකද ඒ කාලේ නම් ඔක්කොම ගෝත්‍රික රට වලට ගියානේ. (නි)

:       0       0

මිහිරාන් Thursday, 25 June 2015 06:28 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ආරච්චි Tuesday, 28 April 2015 07:45 AM

මේකනම් ලෝක පුදුමයක්,සිංහලයෝ මුළු ලෝකෙම හැමරටකම,හැම දුපතකම වාසය කොරද්දී,මේ දුපත පමණක් එහෙට නොපෙනුණු එකාගෙන මට නම් ඇතිවෙන්නේ හරිම වේදනාවක්.(අ)

:       0       0

දුමින්ද Friday, 24 April 2015 06:45 AM

සොබාදම් මවගේ නොඉඳුල් කන්‍යා දූපතක් (නි)

:       0       0

යසරත්න Monday, 27 April 2015 10:24 AM

මට හිතෙන්නේ ඒ දුපතේ මිනිස්සු වෙන රටවල ඉන්න මිනිස්සුන්ට වඩා ඔවුන් එකෙනිකා බොහොම එකමුතුවෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා ඇති (බ)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 25 April 2015 09:50 PM

ශාන් සෞදී, නියම කතාව. (නි)

:       0       0

දිනේෂ් Saturday, 25 April 2015 01:09 AM

ලලිත්ගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)

:       0       0

කමල් Friday, 24 April 2015 12:40 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

මුදියන්සේ Sunday, 26 April 2015 02:08 PM

ඔහේප් පලයන් ..විස්තරේ කියවගෙන ගීයා එක හුස්මට ලියන්න හිතුවා විතරයි ලලිත් කොලුවා දීලා ඇට්ටි හැලෙන්න (බ)

:       0       0

යසිරු Sunday, 26 April 2015 12:50 AM

දැන් මේ දුපත සල්ලි වලට ගන්න අපේ උදවිය උඩ පැනගෙන යාවිද දන්නේ නැහැ. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 26 April 2015 02:32 PM

ලලිත්,සත්‍ය පාල ,ශාන් ලගේ අදහස් හරි ,ඇත්ත එ්කතමා .(බ)

:       0       0

දයාරත්න Tuesday, 28 April 2015 02:04 AM

ඒ දූපතේ පමණයි නිදහස් වාසනාවන්ත මිනිසුන් ඉන්නේ.අන් සෑම රටවලම සිටින පාතාල යුගයේ මිනිසුන් එම දූපත ගැන කතාකරනවා සේම ඔවුන් විනාශයට ගෙනයාමද වැඩි ඈතක නොවේ.දියුණුයි කියන පාතාල යුගයේ මිනිසුන්ගෙන් මෙන් ගල් යුගයේ මිනිසුන් ගෙන් කිසිවකුට කරදරයක් නැහැ.එසේ නම් ඇයි නොමිනිසුන් ඔවුන් ගැන සොයන්නේ ඔවුන්ට කරදර කරන්නේ. (නි)

:       0       0

සුදත් Friday, 24 April 2015 02:01 AM

ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් තමයි හොඳ. (නි)

:       0       0

ජයසිරි Wednesday, 29 April 2015 06:07 AM

දැන් එම මිනිසුන්නේ නිදසත් ඉවර වේගන යන්නේ. (ර)

:       0       0

විජිත Friday, 24 April 2015 02:17 AM

මමත් කියන්නේ එයාලට පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳ (නි)

:       0       0

ශාන් සෞදි Saturday, 25 April 2015 10:36 AM

රජකමම හොයන අපේ පරණ රජතුමා යවමුද එහෙ රජ කමට පණ තියනකල් එන්න පුළුවන් රජ වෙලා බේබිලට ඇතිතරම් රතීකෙලියේ යෙදන්නත් පුළුවන් උසාවි පොලිසිත් නැහැනේ (බ)

:       0       0

සොපී Friday, 24 April 2015 02:17 AM

අපේ රටෙත් ඔය වගේ වටවුණ දුපතක ඔහොම කට්ටියක් ඉන්නවනේ. දෙගොල්ලෝ ළඟම ඥාති වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2157 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6061 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3523 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 740 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2276 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1954 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site