ගොඩබිම මාර්ග මෙන්ම ගුවන ද ජයගත් නව මෝටර් රථයක් නිපදවීමට ස්ලෝවැකියානු සමාගමක් සමත්ව සිටියි. ගොඩබිම මාර්ගයක ගමන් කරමින් සිටිය දී අවශ්‍යනම් ගුවන්ගත වී ගුවනේ යා හැකි මේ රථය නම්කැර ඇත්තේ ඒරෝ මොබිල් නමිනි.
නිෂ්පාදකයන් පවසන්නේ එක් වරක් ඉන්ධන ටැංකිය පුරවා ගැනීමෙන් පසු රථය සැතපුම් 430ක් ධාවනය කළ හැකි බවයි. තටු හකුලාගත් පසු සාමාන්‍ය කාරයක් මෙන් දිස්වන අතර එය ඕනෑම රථ ගාලක පහසුවෙන් ගාල් කැර තැබීමේ හැකියාව ද ඇත.
නිෂ්පාදන සමාගම පවසන්නේ මේ රථය 2017 වර්ෂයේ දී වෙළඳ පොළට නිකුත් කිරීමට අපේක්ෂා කරණ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා උනත් මෙය ගුවන්ගත කිරීමට සහ ගොඩ බෑමට දිගු ගුවන් පථයක් අවශ්‍යයි. එමෙන්ම අවසරයක් ද අවශ්‍යයි. (නදී)
මේ කාර් එකෙන් මටත් රවුමක් යන්න ඇත්නම් !(දිල්)
මුලින්ම මොබයිල් ෆෝන් එක එනකොට 1,50,000/= යි. මම රැකියාවට ගිය මුල්ම කාලේ මම හිතුවා අපිට නම් කවදාවත් ගන්න වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ ගෙයක් හදා ගන්න සිහිනය ඊට පස්සේ කාර් එකක් ගන්න සිහිනය. දැන් මම මේ සිහින ඔක්කොම ජය අරගෙන සමහර විට ඕකකුත් ගන්න පුළුවන් වෙයි (නදී)
ගණන කීයද දන්නේ නැහැ (නි)
අපේ ඇමති පුත්තුන්ට හොඳයි (නි)
රාජිතගේ පුතාට එකක් අරන් දෙමු. එතකොට ත්‍රිවිල් ඕනෑ වෙන්නේ නැහැ (නදී)
ලංකාවේ තියෙන මාර්ග තදබදයට හොඳ පිලියමක් වෙයි කියා හිතනවා (නදී)
මේ වාහනය ලංකාවට ආපු හැටියෙම මුලින්ම ගන්නේ අපේ ලංකාවේ පොල් කඩන අය තමයි (නි)
පුද්ගලික බස් දැනුත් උඩින් යන්නේ. (නදී)
එහෙනම් 2017 දි අපේ රියදුරු බලපත්‍ර අලුත් කරගන්න වෙයි වගේ!! (නි)
වාහන තදබද තිබෙන නගර වලට කියාපු කාරයක්.නමුත් මෙවැනි කාර් කිහිපයක් එකවිට ගුවන්ගත වුණොත් යන්න වෙන්නේ රෝහලට මිස, යන්න ගිය තැනට නෙමෙයි! (නි)
තටු නැතිවුණත් අපේ රටේ සමහර හදිසිකාරයෝ, කාර් එකට නැග්ගහම උඩින් යන්න බලන නිසා මෙවැනි කාර් ශ්‍රී ලංකාවට ඕනෑවෙන එකක් නැහැ. (නි)
මෙය නිර්මාණය කළ අයට ස්තුතියි. (නි)
තව අවුරුදු 5 කින් කොහොමත් උඩින් තමයි යන්න වෙන්නේ (නි)
ලංකාවේ නම් මන්ත්‍රී පර්මිටි වලට විතරයි (නදී)
පොල් කඩන්න මරු .(හේ)
ළිඳේ ඉන්න ගෙම්බෝ ටිකගේ අදහස් නම් මරු (නි)
සිග්නල් ලයිට් තියෙන තැනකදි උඩින් යනවා (නදී)
මේ කාරයේ උඩදි එන්ජිම හිටලා අපේ ඔලුවලට කඩා වැටෙනකොට මොකද කරන්නේ. (නි)
ලංකාවේ පාරවල් වල උඩින් යන ඒවා දැනටමත් තියෙනවා (නදී)
අපේ කරුමෙට මේ වාහනය ලංකාවේ බලන්න වෙන්නේ නැහැ. (නදී)