IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉගිලෙන කාරයක් 2017 දී

ගොඩබිම මාර්ග මෙන්ම ගුවන ද ජයගත් නව මෝටර් රථයක් නිපදවීමට ස්ලෝවැකියානු සමාගමක් සමත්ව සිටියි. ගොඩබිම මාර්ගයක ගමන් කරමින් සිටිය දී අවශ්‍යනම් ගුවන්ගත වී ගුවනේ යා හැකි මේ රථය නම්කැර ඇත්තේ ඒරෝ මොබිල් නමිනි.

නිෂ්පාදකයන් පවසන්නේ එක් වරක් ඉන්ධන ටැංකිය පුරවා ගැනීමෙන් පසු රථය සැතපුම් 430ක් ධාවනය කළ හැකි බවයි. තටු හකුලාගත් පසු සාමාන්‍ය කාරයක් මෙන් දිස්වන අතර එය ඕනෑම රථ ගාලක පහසුවෙන් ගාල් කැර තැබීමේ හැකියාව ද ඇත.

නිෂ්පාදන සමාගම පවසන්නේ මේ රථය 2017 වර්ෂයේ දී වෙළඳ පොළට නිකුත් කිරීමට අපේක්ෂා කරණ බවයි.

The self driving 2 The self driving 3 The self driving 4 The self driving 5



අදහස් (0)

ඉගිලෙන කාරයක් 2017 දී

ප්‍රියා Saturday, 21 March 2015 08:33 AM

මොනා උනත් මෙය ගුවන්ගත කිරීමට සහ ගොඩ බෑමට දිගු ගුවන් පථයක් අවශ්‍යයි. එමෙන්ම අවසරයක් ද අවශ්‍යයි. (නදී)

:       0       0

සොපී Friday, 20 March 2015 03:41 AM

මේ කාර් එකෙන් මටත් රවුමක් යන්න ඇත්නම් !(දිල්‍)

:       0       0

අභය Saturday, 21 March 2015 08:50 AM

මුලින්ම මොබයිල් ෆෝන් එක එනකොට 1,50,000/= යි. මම රැකියාවට ගිය මුල්ම කාලේ මම හිතුවා අපිට නම් කවදාවත් ගන්න වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ ගෙයක් හදා ගන්න සිහිනය ඊට පස්සේ කාර් එකක් ගන්න සිහිනය. දැන් මම මේ සිහින ඔක්කොම ජය අරගෙන සමහර විට ඕකකුත් ගන්න පුළුවන් වෙයි (නදී)

:       0       0

සුදත් Thursday, 19 March 2015 07:01 AM

ගණන කීයද දන්නේ නැහැ (නි)

:       0       0

සුදත් Thursday, 19 March 2015 07:03 AM

අපේ ඇමති පුත්තුන්ට හොඳයි (නි)

:       0       0

කුමා Saturday, 21 March 2015 09:06 AM

රාජිතගේ පුතාට එකක් අරන් දෙමු. එතකොට ත්‍රිවිල් ඕනෑ වෙන්නේ නැහැ (නදී)

:       0       0

දිනුත් මධුෂංක Friday, 08 May 2015 10:00 AM

ලංකාවේ තියෙන මාර්ග තදබදයට හොඳ පිලියමක් වෙයි කියා හිතනවා (නදී)

:       0       0

ගුණවර්ධන Friday, 20 March 2015 05:17 PM

මේ වාහනය ලංකාවට ආපු හැටියෙම මුලින්ම ගන්නේ අපේ ලංකාවේ පොල් කඩන අය තමයි (නි)

:       0       0

සම්පත් Thursday, 19 March 2015 07:34 AM

පුද්ගලික බස් දැනුත් උඩින් යන්නේ. (නදී)

:       0       0

ලලිත් Wednesday, 18 March 2015 10:36 PM

එහෙනම් 2017 දි අපේ රියදුරු බලපත්‍ර අලුත් කරගන්න වෙයි වගේ!! (නි)

:       0       0

නන්දලාල් Wednesday, 18 March 2015 11:53 PM

වාහන තදබද තිබෙන නගර වලට කියාපු කාරයක්.නමුත් මෙවැනි කාර් කිහිපයක් එකවිට ගුවන්ගත වුණොත් යන්න වෙන්නේ රෝහලට මිස, යන්න ගිය තැනට නෙමෙයි! (නි)

:       0       0

නන්දලාල් Thursday, 19 March 2015 12:00 AM

තටු නැතිවුණත් අපේ රටේ සමහර හදිසිකාරයෝ, කාර් එකට නැග්ගහම උඩින් යන්න බලන නිසා මෙවැනි කාර් ශ්‍රී ලංකාවට ඕනෑවෙන එකක් නැහැ. (නි)

:       0       0

වජිර Friday, 20 March 2015 09:10 PM

මෙය නිර්මාණය කළ අය‍ට ස්තුතියි. (නි)

:       0       0

සනත් Friday, 20 March 2015 09:23 PM

තව අවුරුදු 5 කින් කොහොමත් උඩින් තමයි යන්න වෙන්නේ (නි)

:       0       0

දම් Saturday, 21 March 2015 02:55 PM

ලංකාවේ නම් මන්ත්‍රී පර්මිටි වලට විතරයි (නදී)

:       0       0

ධනුෂ්ක Thursday, 19 March 2015 09:53 AM

පොල් කඩන්න මරු .(හේ)

:       0       0

කරුණාරත්න Thursday, 19 March 2015 06:56 PM

ළිඳේ ඉන්න ගෙම්බෝ ටිකගේ අදහස් නම් මරු (නි)

:       0       0

ඉන්දික Thursday, 19 March 2015 03:49 AM

සිග්නල් ලයිට් තියෙන තැනකදි උඩින් යනවා (නදී)

:       0       0

තිලක් Thursday, 19 March 2015 07:09 PM

මේ කාරයේ උඩදි එන්ජිම හිටලා අපේ ඔලුවලට කඩා වැටෙනකොට මොකද කරන්නේ. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 March 2015 05:25 AM

ලංකාවේ පාරවල් වල උඩින් යන ඒවා දැනටමත් තියෙනවා (නදී)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනවිරත්න Friday, 20 March 2015 01:47 AM

අපේ කරුමෙට මේ වාහනය ලංකාවේ බලන්න වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site