ඈතින් ඇති ශබ්දයක් ශ්‍රවණය කළ හැකි අපූරු උපකරණයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ ආගෝඩිසයින් ආයතනය සමත්ව සිටියි. එහි විද්‍යාඥ මාර්ක් රොල්ස්ටන් පවසන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට ඇහුම්කම් දීමේ සුපිරි බලයක් මේ උපකරණය සතුව ඇති බවයි.
සෙනඟ සිටින ඝෝෂාකාරී පරිසරයක වුව ද ඈත සිට කතාකරණ අයකුගේ කටහඩ අනෙක් හඬ අතරින් තෝරා නිවැරදිව ඇසෙන්නට සැළැස්වීමට මේ අපූරු උපකරණයට හැකියාව ඇති බව ද නිර්මාණකරුවෝ කියති. නිෂ්පාදකයන් පවසන්නේ මේ උපකරණය තවත් වසරකින් පමණ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරණ බවයි.
මෙය රහස් ඔත්තු සේවා නිලධාරීන්ට ඉතා වැදගත්වනු ඇතැයි ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් හොරෙන් ආදරය කරලත් ඉවරයි (නි)
ඒ කියන්නේ දිව්‍යසෝත ශක්තියත් දැන් මෙවලම් මඟින් එළියට එනවා?? (නි)
මේක ලංකාවට ආවොත් අපේ තරුණ තරුණියන්ට විශාල පාඩුවක්. හොරරහසේ මුහුදු තීරයේ කරන කතා, සිනමා ශාලා වල කරන කතා, තම කාමරයේ හොරෙන් කරන කතා සියල්ල එළියට එනවා (නි)
මේ වගේ තාක්ෂනය අයහපතට බර වැඩි. (ර)
මිනිසුන්ට දෙයියන්ගේම පිහිටයි.(හේ)
එතකොට මේකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා.ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන්න පුළුවන්,හොරකම්/මැරකම්/වංචා/දුෂණ/අකටයුතුකම් නවත්වන්න පුලුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්ත. ඇමරිකාව වගේ රටවල් අනෙක් රටවල් වල රහස්‍ය තොරතුරු සොරකම් කිරීම, ත්‍රස්තවාදීන් රට රට වල හමුදාවන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීම වගේ භයානක දේවල් සිදුවිය හැකියි. (නි)