ටයිටේනියම් සහ රත්‍රන් යන ලෝහ දෙක මිශ්‍ර කිරීමෙන් ඉතාමත් තද බවින් යුතු සුපිරි ලෝහයක් නිපදවීමට ඇමරිකාවේ හූස්ටන්හි රයිස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි සයන්ස් ඇඩ්වාන්ස් සඟරාව වාර්තා කර තිබේ.
ඇමරිකා භෞතික විද්‍යාඥයින් පවසන්නේ මෙම ද්‍රව්‍ය ටයිටේනියම් වලට වඩා හතර ගුණයක දැඩි බවකින් යුක්ත බවයි. මෙය ජීවී පටක වලට ඉතා හොඳින් ගැලපෙන ලෝහයක් නිසා වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී යොදා ගැනීමට සුදුසු බවද ඔවුන්ගේ මතයයි.
දණහිස් හා උකුල් සන්ධි සැත්කම් සඳහා මෙතෙක් යොදාගත් ලෝහ කොටස් අවුරුදු දහයකට වරක් මාරු කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය. ඒ සඳහා රත්‍රන් ඇලුමීනියම් මිශ්‍ර ලෝහය යොදාගතහොත් ජීවිතාන්තය දක්වා දිරාපත් නොවී පවතිනු ඇති බව පරීක්ෂණය සිදු කළ කණ්ඩායමේ මහාචාර්ය එමීලියා මොරොසන් පවසයි. එසේම ඇය පවසන්නේ දන්ත වෛද්‍ය කටයුතු වලදී ද විදීමේ යන්ත්‍ර සඳහා ද ක්‍රීඩා උපකරණ සඳහා ද මෙම නව ලෝහය ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිටේනියම් වලින් හදලා තියෙන කෑම උයන භාජන වෙළඳ පොලේ ගන්න තියෙනවා.නමුත් මිල ඉතාම අධිකයි (ම)
මේක හොද සොයා ගැනීමක් ලෝහ තාක්ෂණයේ අලුත් පියවරක්.........(ම)
ඔය කියන ලෝහයටත් වඩා තද ගෝදම්බ රොටි කළුතර පැත්තේ හන්දියෙක චයිනිස් හෝටලයක තිබෙනවා (නි)
මේ රොකීලා රන්ජිත්ලා වගේ අයත් ඉන්නවානේ අපි අතර (නි)
හප්පේ මේ උකුල් අැට දැම්මොත් නම් හොරු කකුල් කපන් යයි. (බ)
මේක ඉතාමත් හොඳ සොයා ගැනිමක්, මේක භාවිතා කරලා මිනිසාගේ සම්පුර්ණ ඇටසැකිල්ලම මෙයින් සාදා මිනිසා තවත් අවුරුදු 1000 දක්වා ආයුෂ වැඩිකරගත හැකි වෙනවා ඇති (බ)
මේවායේ මිල ගැන සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි වෙයි. (නි)
ඔය කිවුවේ අශිකා හොඳ නුවණක්කාර කතාවක් (නි)
ටයිටේනියම් සහ රත්‍රන් මිශ්‍ර නම් ග්‍රෑමයක් කොපමණ වටිනවා ඇද්ද? (නි)
අජිත්, මේකෙන් ඔයාගේ ආයුෂ දික්කර ගන්න බැහැ. අනේ මෝඩ මිනිස්සු! (නි)
ඇලුමිනියම් හා ටයිටේනියම් වෙනස් ලෝහ දෙකකි (බ)
කල්පනාවෙන්, අපේ අයියලා පොලේ මාල වළලු විකුණන්න පටන්ගනියි මේ ලෝහයෙන් හදපුව කියලා. (නි)
සියලු දෙනාටම සුබපැතුම්.! (ර)
මේක නම් මරු,මට ඕනේ අවුරුදු 1000 වත් ඉන්න,මේක දිරන්නේ නෑ නේ (බ)
රංජිත් නැවත පාසල් යන්න කාලය ඇවිල්ල වගේ. රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කළේම නැද්ද? මෙම ලෝහ දෙක ගැන වෙන වෙන වෙනම පොත් ලිවිය හැකිය. (බ)
ඉතාමත් හොඳ සොයාගැනීමක් (නි)
බමුණු, රංජිත් වැරදි නැහැ. (ර)
ඇත්තටම ඇලුමීනියම් හා ටයිටේනියම් යනු ලෝහ එකක්ද? දෙකක්ද? (නි)