IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ආදී මානවයන්ගේ නිර්මාණ ආහාර බලංගොඩ වවුල් ගුහාවෙන් සොයාගනී

(රාසස්ගල සම්පත් ප‍්‍රියනන්දන)

මීට වසර 4000-6000 ක් අතර යුගයේදී මෙරට ජීවත් වූ පරිණත මානවයින් විසින් නිර්මාණය කරන ලද දඩයක්කාර තරු වළල්ලක් සහ ඔවුන් ආහාරයට ගත් බවට සැලකෙන පිළිස්සී ගිය ධාන්‍යය ඇට වර්ග 35 ක් බලංගොඩ පරිගහමඩිත්ත වවුල් ගුහාවෙන් සොයා ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝම දේව මහකතා පැවසීය.

මහාචාර්යවරයා මෙසේ ප‍්‍රකාශ කළේ බලංගොඩ ඉලූක්කුඹුර (වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්) පරගහමඩිත්ත වවුල් ගුහාවේ මේ දිනවල සිදුකෙරෙන පුරාවිද්‍යා කැණීම්වල තොරතුරු සොයා බැලීම සඳහා (06) පෙරේදා අප එහි ගිය අවස්ථාවේදීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.

මෙරට අභ්‍යන්තරයේ ජීවත් වූ ආදි මානවයන්ගේ වර්ධනය පිළිබඳ අවුරුදු 9 කට ආසන්න කාලයක් බලංගොඩ හා අවට ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කර තිබෙනවා.

අප මේ දිනවල පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කරන්නේ පරගහමඩිත්ත වවුල් ගුහාවේ.

මේ ගල්ලෙන පුරා විද්‍යා කැණීම් කරන්න හේතුව මීට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ බලංගොඩ මානවයින් ඉදිරියට ගමන් කරලා ඒ කොයි විදිහට වර්ධනය වුණේද යන්න සොයා බැලීම මෙහි අරමුණයි.

මේ පුරාවිද්‍යා කැණීම් සිදු කරන වවුල් ගුහාවේ කැණීම්වලින් මුදු ලෙස පහර දිය හැකි ගල් මෙවලමක් හමු වුණා.

මේ වනවිට ගල් මෙවලම් 10 කට ආසන්න ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. ඒ වගේම මීට අවුරුදු 4000- 6000 ක් අතර ජීවත් වූ මානවයින් ආහාරයට ගන්නා බවට සැලකෙන ධාන්‍ය ඇට වර්ග 35 ක් සොයාගෙන තිබෙනවා.

මේ සාධකවලින් පෙන්නුම් කෙරෙන්නේ ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගෙන තිබෙන බවත් ආදි මානවයින් දඩයමින් ඈත්වී කෘෂි කාර්මික යුගයකට ක‍්‍රමක‍්‍රමයෙන් පරිවර්ථනය වී තිබෙන බවයි.

අප මේ ප‍්‍රදේශයේ ලූණුගල්ගේ පුරා විද්‍යා කැණීම් කළා. එම කැණීම්වල ලැබුණු තොරතුරු අනුව වසර 6500 කට පෙර ජනාවාස වෙලා තිබෙන තොරතුරු තහවුරු වෙලා තිබෙනවා. මීට අමතරව මැද්දෙකන්ද ගුහාවෙත් කළු ගල්ගේ ගුහාවෙත් වසර 5000 කට පෙර ජනාවාසවෙලා තියෙනවා. මේ ගල් ගුහා අතර බෙදා හදා ගත් සංස්කෘතික පුරුදු තිබෙනවා.

තරු වලල්ලකට සමාන කරන සිදුරු කළ ගලක් අපට හමු වුණා. මේවා පිටරටවල්වළ දඩයක්කාර තරු වලල්ලක් ලෙයසි මෙවැනි සිදුරු කළ තරු වලල්ලක් තමයි අපට හමු වුණේ.



අදහස් (0)

ආදී මානවයන්ගේ නිර්මාණ ආහාර බලංගොඩ වවුල් ගුහාවෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site