නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති.

මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත.

කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි.

මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.

පර්යේෂණ ප්‍ර‍ධානී මහාචාර්ය ජීලින් එබර්ල් පවසන්නේ මොවුන්ගේ ෆොසිල් පරීක්ෂාවේ දී පෙනි ගියේ ඔවුන්ට යෝද පිහාටු ද පිහිටි බවයි. 3124C5E100000578-0-image-a-51_1455315190544 - Copy