වැඩෙමින් පවතින තරුණ තරුවක් වටා පිහිටි දූවිලි වළාවන් වර්ධනය වන ආකාරයෙන් නව ග්‍රහ මණ්ඩලයක් නිර්මාණය වන ආකාරය හොදින් අධ්‍යයනය කිරිමට හැකියාව ලැබී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් පෙන්වාදෙන්නේ මෙය අධ්‍යයනය හේතුවෙන් සෞරග්‍රහ මණ්ඩලය බිහිවීම පිළිබද මෙතෙක් පැවති මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.
තාරුකාව වටා තැටියක් මෙන් පාවෙමින් පවතින දුහුවිලි හා වායු අංශු සිසිල් වෙමින් නව ග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙමින් පවතින බව ඔවුහු කියති. මේ සූර්යයා වටා නිර්මාණය වෙමින් පවතින ග්‍රහක තැටිය තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියේය.
මෙය විද්‍යාඥයන් විසින් 2MASS J16281370-2431391 ලෙස නම් කර තිබේ. එහි ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක සිට සෙල්සියස් අංශක 266ක් දක්වා විචල්‍යය වන බව විද්‍යාඥයන් විසින් ගණනය කැර ඇත.
අලෝක වර්ෂ 400ක් පමණ ඈතින් පිහිටා ඇති නිර්මාණය වෙමින් පවතින මේ නව ග්‍රහ මණ්ඩලය මුලින් ම නිරීක්ෂණය කර ඇත්තේ ස්පාඤ්ඤයේ පිහිටි ඉරාම් දුරේක්ෂයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ, මෝඩ ඇයි මෙතරම්? කාටවත් ලොවක් මවන්න බැහැ. (නි)
අනේ අනේ ඉන්දිකට හැම දෙයක්ම අමතකයි.... මතක නැද්ද අපි එපා කියද්දිනේ දෙයියෝ ඕක කරේ..... (ම)
ආගම යනු උගතුන් විසින් නුගතුන්ව පාලනය කිරීමට යොදාගත් මෙවලමකි (ම)
බුදු හාමුදුරුවෝ මේ බව දෙශනා කරලා තියෙන්නේ. සමහරුන්ට තේරෙන්නේ නෑ එහි සත්‍ය බව එකක් නොවේ තව එනවා (රේ)
එක තම වසන්ත මේ දවස්වල පෙන්න නැත්තේ.... බරටම වැඩ ඇති මගේ හිතේ...(අ)
මමත් බෞද්ධයෙක් ඒත් විශ්වය ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන සූත්‍රය හෝ දේශනාව කුමක්ද යන්න කවුරු හරි මෙහි පළ කරානම් පින් අයිති වෙනවා ..(කෞ)
වසන්ත,දෙවියන් වහන්සේට යාඥා කරන්න ඉක්මනට වැඞේ ඉවරකරන්න කියලා. (කෞ)
විද්‍යාවෙන් වෙන්නේ බලශක්තිය ප්‍රයෝජනයට ගෙන ලෝකය සහ මිනිසා නැසීමක්. මේ කතාකරන නවීන යැයි කියන දියුණුව රැඳී ඇත්තේ බලශක්තිය මත (නි)
නිකන් කාලේ කනවා අපි ඉන්න පෘථිවියේ මිනිසුන්ට මිලියන 200 විතර කන්න නැහැ නිකරුනේ මුදල් නාස්ති කරමින් තරු ගැන හිතනවා බුදුන් වහන්සේ එක තමයි විශ්වය ගැන කතා කිරීම සිමා කරේ මොකද ජීවත් වෙන කෙටි කාලේ බොරු වැඩවලට කාලේ කාලා මැරිලා යන හින්දා ජීවිතේ යථාර්ත නොදත් මිනිසා නැවත නිරයට ගමන් කරයි ඕකට කියන්නේ ඇවිද්දව හැමෝම විද්‍යාව කියා හිතා ඉන්නේ මුලාවකට.(හේ)
දෙවියන් වහන්සේගේ මාධය ප්‍රකාශක වසන්ත ද ? (කෞ)
දුරේක්ෂයකින් ඔතැන පෙනෙන්නට අවුරුදු හාරසියයක් ගතවෙනවා, හේතුව ආලෝක වර්ෂ 400ක් දුරින් තියෙන දෙය පෙනෙන්නට වර්ෂ 400ක් ගතවෙන නිසා. එහෙනම් මේ දේ දකින්නට ඉරාම් දුරේක්ෂය වසර හාරසියයකට පෙර සිට ක්‍රියාත්මක වී තිබෙන්න ඕනෑ. එසේ නම් මෙහි ඇති සත්‍යතාවය ගැන මට පොඩි සැකයක් තිබෙනවා. (නි)
මේ අලුත් ග්‍රහ මණ්ඩලය හෝ ග්‍රහයා මහින්ද රාජපක්ෂට කොහොම බලපානවද දන්නේ නැහැ , ග්‍රහයා නීච වෙයිද දන්නෙත් නැහැ (කෞ)
මේ ග්‍රහයන් සියල්ල මැව්වේ හෝ සේදුවේ අල්ලාහ් දෙවියන් වහන්න්සේ , ඔහු ඔහුගේ දෙවදුතයන් මාර්ගයෙන් ලෝකයේ සියල්ල නිර්මාණය කලේ මිනිසා වෙනුවෙන් , මේවා හරියට දෙන ගන්නට ශුද්ධ වූ කුරානය කියවන්න , මේවා අපිට නම් පුදුම නෙමේ (කෞ)
දෙවියන් වහන්සේට අපේ ලෝකේ වැඩ කරලා එපා වෙලා තමා එහෙ ගිහින් ඇත්තේ මොකදා මෙහෙ වෙන දේවල් අහල දෙවියන්ට එපා වෙලා මොකද ගල් ගහල මිනිස්සු මරනවා දෙවියන්ගේ කැමැත්ත කියල දැන් දෙවියෝ එහෙ බරටම වැඩ යනකොට වසන්ත මහත්තයට විතරක් කියල යන්න ඇති එයා එහම කියන්නේ එ්ක හින්ද (බ)
දෙවියන් වහන්සේ කරන දේවල් තේරුම් ගන්න ගොඩක් අයට තවම දැනුම් තේරුම් නැහැ (කෞ)
මහින්ද රාජපක්ෂට කේන්දර බලපු සුමනේට වැරදුනේ මේ අලුත් ග්‍රහයා නොදැන සිටීම නිසා වෙන්න පුළුවන් (නි)
වසන්ත මහත්තයා කියන්නේ ඇත්ත. (නි)
මේවාට ආගම් සහ දර්ශන ඈඳාගැනීම වැරදිය. ඕනෑම එකක් තමන් උපන් ආගමට හෝ දර්ශනයට එකඟයි හෝ ඒවායේ කියා තියෙනවා කියා පුහු කතා කියන්නේ තමන් තම ආගම ධර්මය හෝ දර්ශනය හරිහැටි නොදන්නා නිසාය (නි)
හොඳ ආරංචියක්.(හේ)
දෙවියෝ තමයි ලෝකය මැව්වේ ඒක හොදටම විස්වාසයි. (ර)
මිනිසුනේ, ආදම් ව මැවුව දෙවියන්ට ඕවා මැවීම සුළු දෙයක්. (බ)
දින කිහිපයක් බලා හිටියා කාගෙන් හෝ උත්තරයක් ලැබේවි කියා. ඒ නිසා මට හිතෙන්නේ මේවට බුදු දහම ගාව ගත්තට ඒ හැමෝම කිසි දෙයක් නොදැනයි එහෙම ලියලා තියෙන්නේ. ගොඩාක් විවිධ ආගම් අදහන්නන් තමාගේ ආගමික නායකයා සහ ආගම ගාවා ගෙන මෙවැනි දේ ගැන කතා කලාට ඒවායෙහි කිසිම සම්බන්ධයක් නැති බවයි මගේ හැගීම . ආගම් වගේම විද්‍යාවද මිනිසා විසින් ලොවට එලි පෙහෙළි කරන ලද යම් කිසි ආකාරයක සිතුවිලි ක්‍රියාවට නැගීමකි. ආගමෙන් සහ විද්‍යාවෙන් කෙරෙනුයේ කාර්යයන් දෙකකි (හේ)
මේ දවස් වල දෙවියෝ ගල් ,පස් , එකතුකර කර ග්‍රහලෝකේ හදනවා ...(හේ)
නීල, කොහොමද දන්නේ මේ ලෝකේ දෙවියෝ මැව්වා කියලා? (ර)
හොඳ පුවතක් (නි)
අපි ධනාත්මකව සිතමු (බ)
ෆාරුක්, කට වහගෙන ඉන්නකෝ. අපි යන්න හදන්නේ එතනින් එහාට. (නි)
කවුරු හරි දන්නවද දෙයියෝ මැව්වේ කවුද කියලා? (හේ)
දෙවියෝ තමි ලෝකය මැවුවේ.උවමන නැති දේවල් හිතල ඔයාලට පිස්සු හදි (කෞ)
හැබැයි මේ සිදුවීම වෙලා තියෙන්න ඕන මීට අවුරුදු 400 කට කලින් වෙන්න ඕනේ. මොකද ඒ සුර්යයා තියෙන්නේ ආලෝක වර්ෂ 400 ක් ඈතින්. (අ)
ගුරුත්ව කිරණ සහ "කළු වල" නැත්නම් බ්ලැක් හෝල් ගැන විද්‍යාවට උනන්දු අය දැනගත්තොත් හොඳයි (නි)
සනත් කිසිම මනුස්සයෙක් උපතින් ආගමක් වත් දර්ශනයක්වත් අරන් එන්නේ නැහැ. ඒවා බාහිර සමාජයෙන් ලැබිච්ච තත්වාරෝපණ. අනික දැන් මිනිස්සු ආගම දර්ශනය කියල හිතාගෙන ඉන්නේ හුදු ඇදහිලි වලට. හුදු ඇදහිලි වලින් සත්‍ය දකින්න බැහැ. (බ)
පහන්, විද්‍යාවෙන් කරන්නේ විශ්වයේ යම් යම් නිර්මාණ මිනිසුන්ගේ දැනගැනීම සඳහා සොයා ගැනීම පමණි. විශ්වයේ සිදුවන මේ විශ්මිත ක්‍රියාවලිය කා විසින් කරනු ලබන දෙයක්ද යන්න තවමත් අබිරහසකි. මිනිසුන් වන අප විසින්ම ඒ පිළිබඳව නොයෙකුත් මත පළකිරීමක් පමණි තවමත් කරගෙන යන්නේ. එහෙත් සත්‍යය යනු කුමක්දැයි අපි කිසි කෙනෙක් හරි හැටි නොදනිමු. දැනට දින කිහිපයකට කලින් මිය ගිය ඇපොලෝ 14 න් ගොස් සඳ මතට පා තැබූ "එඩ්ගා මිචෙල්" කියුවේ විශ්වය යනු අහම්බයක් නොව යම් බුද්ධිමත් අයෙකුගේ ක්‍රියාවලියක් බවයි. (නි)
ලෝකයේ නිදහස් චින්තකයින් නැතිවෙලා. එකමදේ කියවන ගිරව් ටිකක් ඇතිවෙන්න හේතුව පැහැදිලියි. සමහරු හිතන්නේ හැමෝම එකම දේ විශ්වාස කරන්න ඕනෑ කියලා. (නි)
හොඳ සොයාගැනීමක් (නි)
හිතේ බය පිරුණ, නිද්‍රාගත අනුවණ පුද්ගලයෝ ඉන්නාතුරු මේ ලෝකේ අවිද්‍යාව පවතිනවා. (නි)
අයියෝ සල්ලි.. ග්‍රහලෝක වලටත් දෙවියන් ගාවගෙන (කෞ)
ලංකාවේ පස්කැපීම හා ප්‍රවහනය සීමා කරන්න ජනාධිපතිතුමා තීරණය කරනකොටම මම හිතුවා විශ්වයේ කොහේ හරි ලොකු පොජෙක්ට් එකකට ලංකාවේ පොරක් කොන්ත්‍රාත් එක අරං කියල. හරියට හරි. දැක්ක නේද?(කෞ)
මේක සත්ත්‍ය කතාවක් . බුදු බණ තහවුරු වනු ඇත .(කෞ)
මම හිතන්නේ චීනුන්ගේ වැඩක් කියලා. යහපාලනේ ඇවිල්ලා පෝට් සිටි එකේ වැඩෙත් නැවතුණාට පස්සේ අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්න එහෙ යන්න ඇති (නි)
අසිතගේ කතාව ඇත්ත. අපි අද ඒක දකින්නේ මීට අවුරුදු හාරසීයකට කලින් තිබුණ විදිය. අද තත්වය බලාගන්න තව අවුරුදු හාරසීයක් ඉන්න වෙනවා. මොකද එතන තියන ආලෝක කිරණ මෙහාට එන්න අවුරුදු හාරසීයක් යන නිසා. (නි)
ආලෝකයේ වේගයෙන් වසර 400 ගිය තැන මෙය පිහිටා ඇත්නම්, අප දැන් දකින දෙයට වැඩ වෙනසක් එහි තිබෙනවා වෙන්නට පුළුවන. (හේ)
කවුද එතකොට මේ අලුත් වැඩේ පටන් ගත්තේ? මේ වගේ අලුත් දේවල් සොයා ගන්න එකෙන් වෙන්නේ (විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව) ආගම් සියල්ල අභියෝගයට ලක් වීමයි. (කෞ)
මෙය නිර්මාණය කරමින් සිටින්නේ දෙවියන් වහන්සේය (හේ)
අනේ වසන්ත, දෙවියන් වහන්සේ කියන්නේ විශ්වයේ මැවුම්කරු, උන්වහන්සේ යමක් හිතුවද ඒ දේ ඒ මොහොතේම මැවෙනවා, නැතුව අවුරුදු කෝටි බිලියන ගණන් ගන්නේ නැහැ ග්‍රහලෝක මවන්න, නිර්මාණයයි මැවිමයි කියන්නේ දෙකක්..(හේ)
හොඳ සොයාගැනීමක්. කවදාහරි දවසක විශ්වයේ අනෙකුත් ජීවින් සමඟ අපේ පෘථිවියේ අය සම්බන්ධතා පවත්තන දිනයකුත් උදාවේවි. (නි)
අනුර, ඒ මුලාවේ උපකාරයෙන් තමයි ඔයා මෙතන කොමෙන්ට්ස් දමන්නේ.!!!!! (රේ)
අසිත, දැනට අපි දකින්නේ අවරුදු 400 කට කලින් තිබුණු තත්වය, අවරුදු 400ක් කියන්නේ ග්‍රහ ලෝක නිර්මාණයේදී සැලකිය යුතු කාලයක් නොවන නිසා අපිට පුළුවන් දැනටත් එම තත්වයේ තියෙනවා කියල අනුමාන කරන්න. (බ)
මෙය කිසිවෙකුගේ මැවීමක් නොව ලෝක ස්වභාවයයි (නි)