පසතුල ජීවත්වන අරුම පුදුම උභයජීවී විශේෂයක් සොයාගත් බව කාම්බෝජියාවේ සත්ත්ව විද්‍යාඥ නියැන් තයි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කැර ඇත. මේ සත්ත්වයා බැලූ බැල්මට පෙනෙන්නේ සර්පයකු ලෙසිනි. මීටර 1.5ක් හෙවත් අඩි පහක් පමණ විශාලත්වයෙන් යුතු මේ සත්ත්වයාට හිස් කබලක් සහ ඇට සැකිල්ලක් පිහිටා ඇත. පනුවන්ට වඩා වෙනස්වන මොවුන්ගේ සම උභයජීවියකුගේ සමක් බව ද තයි පවසයි.
කාම්බෝජියාවේ නිරිතදිග කාර්ඩමම් කඳුකරයේ තෙත් වනාන්තර ප්‍රදේශයේ සිටිය දී සොයාගෙන ඇති මේ උභය ජීවියා ඉච්තොපිස් කාර්ඩමොමෙන්සිසි නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වා තිබේ.
පාද රහිත අළුවන් දුඹුරු පැහැයක් ගන්නා මේ සත්ත්වයා මෙතෙක් ලොව හමුවූ ඇදහිය නොහැකි ආකාරයේ උභයජීවියකු බව ද විද්‍යාඥයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඉක්තියෝපිස් විශේෂය පිළිබඳව මම වැඩිදුර කරුණු නොදනිමි. එහෙත් ලංකාවේ හමුවන ඉක්තියෝපිස් විශේෂ තුන විෂ රහිත තරමක් විශාල ගැඩවිලන් වැනි සතුන් වේ. පාංශු ජීවීන් වන මොවුන් ගැඩවිලන් යැයි වරදවා වටහා ගැනීමද බොහෝවිට සිදුවේ. කාබනික ද්‍රව්‍ය බහුල කුඹුරු ආශ්‍රිත පාංශු පරිසරවල දැකිය හැක. ඇතැම් විශේෂ බිත්තර රැකීම සිදුකරයි. (නි)
මෙිකා මෙි ගැඩවිලෙක් නේද ? (නදී)
මහනුවර අම්පිටිය පැත්තේ ඕනේ තරම් මේ සර්පයෝ ඉන්නවා. පොඩ්ඩක් වැහපු දවස්වලට පොලව ඉරිතලාගෙන උඩට එනවා. අඩියකට වඩා දිග අයත් ඉන්නවා (නදී)
සර්පයෙකුයි පණුවෙකුයි කලවම්වෙලා ලැබුණ පැටියෙක් වගේ පෙනෙන්නේ මට නම් (නි)
දෙපත් නයා කියන්නෙත් පශු ශර්පයෙක්. කිසිම විෂක් නෑ. ඉතියොපිස් කියන උභය ජීවියත් විෂ රහිතයි. සමහර පලාත් වල දිය ගෙම්බා කියන නමින් හඳුන්වන්නේ මේ ඉතියොපිස්ම තමා. වැඩි විස්තර දැන ගන්න ඕන නම් වෛද්‍ය ඇන්ස්ලම් ද සිල්වා මහතා සම්බන්ධ කර ගන්න (නදී)
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ (දිල්)
මම ඉන්නේ කොලොම්බියාවේ. මේ සතා මෙහේ නිතරම දැකගන්න පුලුවන් (නදී)
සාමන්‍යයෙන් නුවරඑළිය ප්‍රදේශයේ සර්ප විශේෂ දැකගන්න නැතිවුණත් මේ වගේ සතෙක් පොළොව යට ජීවත්වෙනවා. වගාවන් වලට පොළොව කොටද්දී මේ සතුන් පොළොව මතුපිටට එනවා. නුවරඑළියේ අය මේ සතාට කියන්නේ 'පොලගුල්ලා' කියලා. නමුත් මේ සතා ගැන වැඩි අවධානයකින් කතා කරනවා අපි අහලා නැහැ. යම් පාරිසරික වැදගත්කමක් තිබෙන සත්වයෙක් වෙන්න බැරි නැහැ. (නි)
ලංකාවෙ ඉන්නවා. තෙත් කලාපයේ දියළු පස් සහික පරිසරවලත් වෙල් ආශ්‍රිතවත් මම දැකල තියෙනවා කුඩා ගැඩවිලෙකුට සමාන වුවත් පැහැදිලි හිසක් සහිතයි. (නදී)
ලංකාවෙත් තෙත් කලාපයේ සමහර තැන්වල පස් යට මීට සමාන වර්ග සිටිනවා. අඟල් 6 කට වඩා ලොකු නැහැ (නි)
මේ වගේ එකෙක් නම් දැකලා තියෙනවා අඩියක් විතර දිග එකෙක්.(හේ)
මෙවැනි අඟල් 2-3 පමණ දිග ජීවීන්, පස තුල ඉන්නවා මමද දැක ඇත්තෙමි (නදී)
පෙතන්ගොඩ උයන, අවිස්සාවෙල්ල යන ස්ථානෙය් ද මෙවැනිම ජීවියෙක් සිටියා. උගේ දිග අඩි එකහමාරකට වැඩියි. පසුගිය වසරේ අගෝස්තු මාසේ 21 දින හිටියේ (නදී)
ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වටිනා තොරතුරු අප වෙත ලබාදීම ගැන. ආචාර්ය වසන්ත ලියනගේ ඔබටත් තුති අපේ දැනුම තවත් වර්ධනය කිරීම ගැන.. (දිල්)
ආචාර්ය වසන්ත ලියනගේ මහතා හරි. අපි කුඹුරු කොටන විට මෙබඳු සතුන් හමු වී තියනවා. හිසත් වලිගයත් දෙකම එක වගේ නිසා අපි උන්ට දෙපත්නයා කියලත් කිව්වා. (බ)
නවලොව නව තොරතුරු පුවත් දෙන ලංකාදීපයට ස්තුතියි (නදී)
නියමයි.(හේ)
ආචාර්ය ලියනගේ මහතාට ස්තුතිය. (නදී)
මිනිස්සු මේ සතාවවත් ඉතුරු කළොත් ඇති (නි)
මෙම සත්ත්වයා විකෘති උපතක් විය නොහැකිද? (නි)
අනේ මන්දන්නේ නැහැ සංසාරේ (නදී)
මේ වගේම සතෙක් අපේ ගමේත් ඉන්නවා.හැබැයි මේ කියන තරම් ලොකු නැහැ. අපි කියන්නේ දෙපත් නයා කියලා (නි)
ලංකාවේද ඉක්තියෝපිස් විශේෂ 3ක් සිටිනවා. කිහිරි දණ්ඩා කියලා සිංහල නමකුත් තිබෙනවා. (නි)
ආචාර්ය වසන්ත ලියනගේට ස්තූතියි. මේ සතුන් විෂද නැද්ද කියලත් කියන්න පුුලුවන්ද? (නි)
අපේ වත්තේත් මේ සතා ඉන්නවා. අහිංසක සතෙක් (නි)
මොවුන් විශේෂ රහිතය. ප්‍රාථමික ඝණයේ සර්පයින් වේ. ලංකාවේ වසන දෙපත් නයා මීට වඩා තරමක් වර්ධනීය අවස්ථාවකි. ඇස තිබුනද අන්ධ බව විශ්වාස කරයි. (නි)