IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


අරුම පුදුම උභය ජීවියෙක් සොයාගනී

පසතුල ජීවත්වන අරුම පුදුම උභයජීවී විශේෂයක් සොයාගත් බව කාම්බෝජියාවේ සත්ත්ව විද්‍යාඥ නියැන් තයි  පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කැර ඇත. මේ සත්ත්වයා බැලූ බැල්මට පෙනෙන්නේ සර්පයකු ලෙසිනි. මීටර 1.5ක් හෙවත් අඩි පහක් පමණ විශාලත්වයෙන් යුතු මේ සත්ත්වයාට හිස් කබලක් සහ ඇට සැකිල්ලක් පිහිටා ඇත. පනුවන්ට වඩා වෙනස්වන මොවුන්ගේ සම උභයජීවියකුගේ සමක් බව ද තයි පවසයි.

කාම්බෝජියාවේ නිරිතදිග කාර්ඩමම් කඳුකරයේ තෙත් වනාන්තර ප්‍රදේශයේ සිටිය දී සොයාගෙන ඇති මේ උභය ජීවියා ඉච්තොපිස් කාර්ඩමොමෙන්සිසි නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වා තිබේ.

පාද රහිත අළුවන් දුඹුරු පැහැයක් ගන්නා මේ සත්ත්වයා මෙතෙක් ලොව හමුවූ ඇදහිය නොහැකි ආකාරයේ උභයජීවියකු බව ද විද්‍යාඥයෝ කියති.

1.cambodia 3.Cambodia



අදහස් (0)

අරුම පුදුම උභය ජීවියෙක් සොයාගනී

ආචාර්ය වසන්ත ලියනගේ Thursday, 29 January 2015 04:09 AM

මෙම ඉක්තියෝපිස් විශේෂය පිළිබඳව මම වැඩිදුර කරුණු නොදනිමි. එහෙත් ලංකාවේ හමුවන ඉක්තියෝපිස් විශේෂ තුන විෂ රහිත තරමක් විශාල ගැඩවිලන් වැනි සතුන් වේ. පාංශු ජීවීන් වන මොවුන් ගැඩවිලන් යැයි වරදවා වටහා ගැනීමද බොහෝවිට සිදුවේ. කාබනික ද්‍රව්‍ය බහුල කුඹුරු ආශ්‍රිත පාංශු පරිසරවල දැකිය හැක. ඇතැම් විශේෂ බිත්තර රැකීම සිදුකරයි. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 04 February 2015 05:00 AM

මෙිකා මෙි ගැඩවිලෙක් නේද ? (නදී)

:       0       0

ජීවා Sunday, 08 February 2015 07:21 PM

මහනුවර අම්පිටිය පැත්තේ ඕනේ තරම් මේ සර්පයෝ ඉන්නවා. පොඩ්ඩක් වැහපු දවස්වලට පොලව ඉරිතලාගෙන උඩට එනවා. අඩියකට වඩා දිග අයත් ඉන්නවා (නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 28 January 2015 01:43 PM

සර්පයෙකුයි පණුවෙකුයි කලවම්වෙලා ලැබුණ පැටියෙක් වගේ පෙනෙන්නේ මට නම් (නි)

:       0       0

අතුල බණ්ඩාර Monday, 02 February 2015 02:08 PM

දෙපත් නයා කියන්නෙත් පශු ශර්පයෙක්. කිසිම විෂක් නෑ. ඉතියොපිස් කියන උභය ජීවියත් විෂ රහිතයි. සමහර පලාත් වල දිය ගෙම්බා කියන නමින් හඳුන්වන්නේ මේ ඉතියොපිස්ම තමා. වැඩි විස්තර දැන ගන්න ඕන නම් වෛද්‍ය ඇන්ස්ලම් ද සිල්වා මහතා සම්බන්ධ කර ගන්න (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 29 January 2015 06:00 AM

මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ (දිල්)

:       0       0

මහේන් Tuesday, 10 February 2015 01:44 AM

මම ඉන්නේ කොලොම්බියාවේ. මේ සතා මෙහේ නිතරම දැකගන්න පුලුවන් (නදී)

:       0       0

සුජාන් Wednesday, 28 January 2015 07:01 AM

සාමන්‍යයෙන් නුවරඑළිය ප්‍රදේශයේ සර්ප විශේෂ දැකගන්න නැතිවුණත් මේ වගේ සතෙක් පොළොව යට ජීවත්වෙනවා. වගාවන් වලට පොළොව කොටද්දී මේ සතුන් පොළොව මතුපිටට එනවා. නුවරඑළියේ අය මේ සතාට කියන්නේ 'පොලගුල්ලා' කියලා. නමුත් මේ සතා ගැන වැඩි අවධානයකින් කතා කරනවා අපි අහලා නැහැ. යම් පාරිසරික වැදගත්කමක් තිබෙන සත්වයෙක් වෙන්න බැරි නැහැ. (නි)

:       0       2

අසංග Monday, 02 February 2015 03:06 AM

ලංකාවෙ ඉන්නවා. තෙත් කලාපයේ දියළු පස් සහික පරිසරවලත් වෙල් ආශ්‍රිතවත් මම දැකල තියෙනවා කුඩා ගැඩවිලෙකුට සමාන වුවත් පැහැදිලි හිසක් සහිතයි. (නදී)

:       0       0

ප්‍රසංග Saturday, 31 January 2015 01:04 AM

ලංකාවෙත් තෙත් කලාපයේ සමහර තැන්වල පස් යට මීට සමාන වර්ග සිටිනවා. අඟල් 6 කට වඩා ලොකු නැහැ (නි)

:       0       0

ලහිරු Friday, 06 February 2015 06:30 AM

මේ වගේ එකෙක් නම් දැකලා තියෙනවා අඩියක් විතර දිග එකෙක්.(හේ)

:       0       0

පුර්ණ Monday, 02 February 2015 10:15 AM

මෙවැනි අඟල් 2-3 පමණ දිග ජීවීන්, පස තුල ඉන්නවා මමද දැක ඇත්තෙමි (නදී)

:       0       0

සුසන්ත Monday, 02 February 2015 03:49 AM

පෙතන්ගොඩ උයන, අවිස්සාවෙල්ල යන ස්ථානෙය් ද මෙවැනිම ජීවියෙක් සිටියා. උගේ දිග අඩි එකහමාරකට වැඩියි. පසුගිය වසරේ අගෝස්තු මාසේ 21 දින හිටියේ (නදී)

:       0       0

චතුර Friday, 30 January 2015 04:59 AM

ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වටිනා තොරතුරු අප වෙත ලබාදීම ගැන. ආචාර්ය වසන්ත ලියනගේ ඔබටත් තුති අපේ දැනුම තවත් වර්ධනය කිරීම ගැන.. (දිල්)

:       0       0

සම්පත් වන්නිආරච්චි Friday, 30 January 2015 05:51 AM

ආචාර්ය වසන්ත ලියනගේ මහතා හරි. අපි කුඹුරු කොටන විට මෙබඳු සතුන් හමු වී තියනවා. හිසත් වලිගයත් දෙකම එක වගේ නිසා අපි උන්ට දෙපත්නයා කියලත් කිව්වා. (බ)

:       0       0

වී.බී රාමවික්‍රම Saturday, 07 February 2015 08:55 AM

නවලොව නව තොරතුරු පුවත් දෙන ලංකාදීපයට ස්තුතියි (නදී)

:       0       0

අමිල Tuesday, 03 February 2015 10:46 AM

නියමයි.(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 29 January 2015 02:19 PM

ආචාර්ය ලියනගේ මහතාට ස්තුතිය. (නදී)

:       0       0

වාසනා Wednesday, 28 January 2015 10:21 AM

මිනිස්සු මේ සතාවවත් ඉතුරු කළොත් ඇති (නි)

:       0       0

එරංග Thursday, 29 January 2015 02:48 AM

මෙම සත්ත්වයා විකෘති උපතක් විය නොහැකිද? (නි)

:       0       0

නැනී Thursday, 29 January 2015 02:57 PM

අනේ මන්දන්නේ නැහැ සංසාරේ (නදී)

:       0       0

විපුල Wednesday, 28 January 2015 10:52 AM

මේ වගේම සතෙක් අපේ ගමේත් ඉන්නවා.හැබැයි මේ කියන තරම් ලොකු නැහැ. අපි කියන්නේ දෙපත් නයා කියලා (නි)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Tuesday, 27 January 2015 07:18 AM

ලංකාවේද ඉක්තියෝපිස් විශේෂ 3ක් සිටිනවා. කිහිරි දණ්ඩා කියලා සිංහල නමකුත් තිබෙනවා. (නි)

:       0       0

දිසානායක Wednesday, 28 January 2015 03:48 AM

ආචාර්ය වසන්ත ලියනගේට ස්තූතියි. මේ සතුන් විෂද නැද්ද කියලත් කියන්න පුුලුවන්ද? (නි)

:       0       0

විකුම් Friday, 06 February 2015 05:30 PM

අපේ වත්තේත් මේ සතා ඉන්නවා. අහිංසක සතෙක් (නි)

:       0       0

විමල් Monday, 02 February 2015 07:22 AM

මොවුන් විශේෂ රහිතය. ප්‍රාථමික ඝණයේ සර්පයින් වේ. ලංකාවේ වසන දෙපත් නයා මීට වඩා තරමක් වර්ධනීය අවස්ථාවකි. ඇස තිබුනද අන්ධ බව විශ්වාස කරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2157 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6061 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3523 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4214 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site