IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහයා පෘථිවිය පමණක් නොවේ

ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසුව දිලිසෙන ආලෝකයක් මෙන්ම දීප්තිමත් විද්‍යුත් වායුගොලීය සංසිද්ධියක් හේතුකොටගෙන අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහවස්තුව පෘතුවිය පමණක් නොවන බව සොයාගෙන තිබේ.මෙය පෘතුවියේ පවතින අවුරෝරා තීව්‍රතාවයට වඩා දහස් ගුණනකින් වැඩි බව නාසා ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ සංයුක්ත වීඩියෝවක පැහැදිළිව දර්ශනය වනුයේ මෙම යෝධ බ්‍රහස්පතී ග්‍රහ වස්තුවේ උත්තරධ්‍රැවයේ දක්නට හැකි නිල්වන් පැහැති ආලෝක වළල්ලක් චලනය වන ආකාරයයි.

මෙම ආලෝක ප්‍රතිබිම්බයෙන් පෙන්නුම් කරනුයේ මේ හා සමාන ප්‍රපංච පෘතුවියේද සිදුවන බවයි. මෙම ආලෝක තරංග උත්පාදනය වනනේ ග්‍රහයාගේ චුම්භක ක්ෂේත්‍රය සමග අවට වායුගෝලයේ ඇතිවන අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස යැයි විද්‍යාඥයෝ කියති.

පෘතුවිය අවුරෝරාවය නිපද වන්නේ හිරුගෙන් නිකුත් වෙන ඉහළ ආරෝපණයකින් යුතු පරමාණු අංශු වලින් හටගත් බොහෝ ශක්තිමත් ප්ලාස්මීය කුණාටු වලිනි. මෙම අංශු පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය දැඩි කම්පනයක් ඇති කරන අතර එය ජෙලි වලට සමාන බව විද්‍යාඥයෝ කියති.

එහෙත් ජුපිටර් ග්‍රහවස්තුවේ මෙම දෑ උත්පාදනය වයන්නේ පරමාණු අංශු ග්‍රහවස්තුවේ ඇති ගිනි කඳු සහිත චන්ද්‍රයන්හිහි ඇතිවන විශාල පිපිරීම් ඉහළට නැඟීමෙන් අති වන සංඝඨක වලිනි. බ්‍රහස්පතී ග්‍රහවස්තුව වටා විශාල ප්‍රමාණයේ චන්ද්‍රයන් හතරක් පවතී. ඒවා ලෝ, යුරෝපා, ගැනිමේඩ් සහ කැලිස්ටෝ නම් වේ.

Jupiter_and_the_Galilean_Satellites jupiter-blue-aurora



අදහස් (0)

අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහයා පෘථිවිය පමණක් නොවේ

ජයා Saturday, 02 July 2016 02:58 AM

බුදුන් වහන්සේගේ ධර්මයේ මේ බව දේශනා කර ඇත. ගුනේ හරි. (ර)

:       0       0

කල්ප Monday, 04 July 2016 02:24 AM

හොඳ සොයාගැනීමක්

:       0       0

ලංකාසිරි Wednesday, 06 July 2016 10:41 AM

අනේ ඇත්තට කෙතරම් විශ්මිත වූ සත්‍යවුත් දේ බුදු දහමේ විස්තර කර ඇත්ද ඇයි මේ පිරිසට බුදු දහමේ සදහන් දෑ කියවා බලා සැක දුරු නොකරගන්නේ.මේ සියලු දේ බුදුන්ගේ සම්බුද්ධ ඥානයෙන් පවසා මොනවට පැහැදිලි කර දී ඇත.එය නොවටහාගන්නා අඥානයෙකි. (බ)

:       0       0

රාමනායක Monday, 04 July 2016 04:09 AM

ඉන්දික, බුදුන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර පිටකයේ සුත්‍ර 21000 පමණ ඇත. සුත්‍ර 35 පමණ ලෝක විෂය පිළිබඳව දේශනා කර තිබේ. ඔබම කියවා බලන්න.

:       0       0

සුසිල් Monday, 04 July 2016 01:16 PM

සුපුන් ඔයා සිතන දේ වැරදි. විද්‍යාව වෙනස් කියල කිවම පසුව එ්ක හරි කියනවා.(බ)

:       0       0

නුවන් Sunday, 03 July 2016 07:01 AM

ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය ගැන සෙවීමට යාමෙහි කෙළවරක් නැති බැවින් හා සොයන්න උන්මත්තක භාවයට පත්විය හැකි බව බුදුන් වහන්සේ දේශනා කල බව සදහන් (හේ)

:       0       0

ගුණසිරි Sunday, 03 July 2016 07:45 AM

හොද සොයා ගැනීමක්.(හේ)

:       0       0

සුපුන් Monday, 04 July 2016 05:41 AM

අනේ! හැම දෙයකටම බුදුන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා කියලා කියන්න එපා. විද්‍යාවෙන් අද හොයාගන්න දේ හෙට වෙනස් වෙනවා. අද විද්‍යාවෙන් හොයාගත්ත දේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියනවා. හෙට එ්ක වෙනස් කියලා විද්‍යාවෙන්ම කිව්වම බුදුන් වහන්සේගේ ධර්මයත් බොරු කියලා කියන්න වෙනවා. එනිසා විද්‍යාව බුද්ධාගම එක්ක හැම දෙයකටම සමාන කරන්න එපා.. (නි)

:       0       0

උපසේන Tuesday, 12 July 2016 07:42 PM

ඉතා හොඳ ලිපියක්

:       0       0

සරත් සමරනායක Sunday, 03 July 2016 09:46 AM

විශ්වය දැනගන්න මේ වගේ දේවල් තව පළකරන්න (බ)

:       0       0

අසේල Saturday, 02 July 2016 09:10 AM

කළ දේ අගයන්න. විවේචන එපා (නි)

:       0       0

ගුණේ Thursday, 07 July 2016 04:25 PM

මේ නව සොයාගැනීමෙන් සැබෑලෙසම උද්දාමයට පත් වී සිටින සියලු දෙනාගෙන්ම එක ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබේ රට ජාතිය ආගම කුමක්ද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 05 July 2016 03:04 PM

අප පිටුපසින් සමාන්තරව ගමන් කරන අය ගැන දන්නේ හොඳට විමර්ශනය කළොත් පමණි. (නි)

:       0       0

රාමනායක Monday, 04 July 2016 08:01 AM

සුපුන් ඔබගේ අදහස 100% නිවැරදිය.බුද්ධ දර්ශනයට විද්‍යාවෙන් හොයා ගන්නා දේ අභියෝගයක් නොවේ. සමහර අයගේ අදහස් නිසා මෙසේ ලිවීමට සිදුවීම පිලිබදව කණගාටු වෙමි. (බ)

:       0       0

ගුණේ Friday, 01 July 2016 06:05 PM

නාසා දැන් තමයි ඕවා දන්නේ (නි)

:       0       0

ගුණේ Monday, 04 July 2016 08:22 PM

සුපුන්, තාත්තා උපදින්නේ පුතාට කලින්, ධර්මතා හටගත්තේ විද්‍යාවට පෙර, විද්‍යාව වෙනස් වුණාට, වෙනස් කරන්න පුළුවන් වුණාට ධර්මතා බොරු කරන්න වෙනස් කරන්න කිසිදාක බැහැ. කාහටත් බැහැ. බුදු දහම කියන්නේ ධර්මතා වලට කියන නම (නි)

:       0       0

ගුණසිරි Saturday, 02 July 2016 04:27 PM

ලසිත, ගුණේ දන්නේ ඔය ආකාරයේ හිස් පුස් දේවල් නෙමෙයි. ඔයාට වඩා අතිශයින්ම ඵලදායි, මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස පවතින උත්කෘෂ්ට කාරණා දන්නවා. (නි)

:       0       0

රොකී Monday, 04 July 2016 09:26 AM

හිටපු ජනාධිපති වටා හිටපු ග්‍රහයනුත් ඉස්සර කාලේ අරුණාලෝකය සමග වාතයත් මුදා හැරිය කියනවා නේද? එලිය කොහොම වුනත් සැර අපටත් දැනුන! (බ)

:       0       0

කුරේ Tuesday, 05 July 2016 11:15 PM

ගුණේ, මේ විශ්වය මෙබඳුයි කියා කාටවත් කලින් කියන්න බැහැත බුදුදහම මේකට පටළවාගන්න එපා (නි)

:       0       0

ඉන්දික Saturday, 02 July 2016 08:30 PM

බුදුන් වහන්සේගේ ධර්මයේ කොයවිදියටද මේක දේශනා කරලා තියෙන්නේ. ජයා, පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද. (නි)

:       0       0

ලසිත Saturday, 02 July 2016 02:37 AM

ඇයි ගුණේ, ඔයා මීටකලින් මේ සිද්ධිය දන්නවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1977 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1548 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site