ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසුව දිලිසෙන ආලෝකයක් මෙන්ම දීප්තිමත් විද්‍යුත් වායුගොලීය සංසිද්ධියක් හේතුකොටගෙන අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහවස්තුව පෘතුවිය පමණක් නොවන බව සොයාගෙන තිබේ.මෙය පෘතුවියේ පවතින අවුරෝරා තීව්‍රතාවයට වඩා දහස් ගුණනකින් වැඩි බව නාසා ආයතනය පවසයි.
මේ සම්බන්ධයෙන් යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ සංයුක්ත වීඩියෝවක පැහැදිළිව දර්ශනය වනුයේ මෙම යෝධ බ්‍රහස්පතී ග්‍රහ වස්තුවේ උත්තරධ්‍රැවයේ දක්නට හැකි නිල්වන් පැහැති ආලෝක වළල්ලක් චලනය වන ආකාරයයි.
මෙම ආලෝක ප්‍රතිබිම්බයෙන් පෙන්නුම් කරනුයේ මේ හා සමාන ප්‍රපංච පෘතුවියේද සිදුවන බවයි. මෙම ආලෝක තරංග උත්පාදනය වනනේ ග්‍රහයාගේ චුම්භක ක්ෂේත්‍රය සමග අවට වායුගෝලයේ ඇතිවන අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස යැයි විද්‍යාඥයෝ කියති.
පෘතුවිය අවුරෝරාවය නිපද වන්නේ හිරුගෙන් නිකුත් වෙන ඉහළ ආරෝපණයකින් යුතු පරමාණු අංශු වලින් හටගත් බොහෝ ශක්තිමත් ප්ලාස්මීය කුණාටු වලිනි. මෙම අංශු පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය දැඩි කම්පනයක් ඇති කරන අතර එය ජෙලි වලට සමාන බව විද්‍යාඥයෝ කියති.
එහෙත් ජුපිටර් ග්‍රහවස්තුවේ මෙම දෑ උත්පාදනය වයන්නේ පරමාණු අංශු ග්‍රහවස්තුවේ ඇති ගිනි කඳු සහිත චන්ද්‍රයන්හිහි ඇතිවන විශාල පිපිරීම් ඉහළට නැඟීමෙන් අති වන සංඝඨක වලිනි. බ්‍රහස්පතී ග්‍රහවස්තුව වටා විශාල ප්‍රමාණයේ චන්ද්‍රයන් හතරක් පවතී. ඒවා ලෝ, යුරෝපා, ගැනිමේඩ් සහ කැලිස්ටෝ නම් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේගේ ධර්මයේ මේ බව දේශනා කර ඇත. ගුනේ හරි. (ර)
හොඳ සොයාගැනීමක්
අනේ ඇත්තට කෙතරම් විශ්මිත වූ සත්‍යවුත් දේ බුදු දහමේ විස්තර කර ඇත්ද ඇයි මේ පිරිසට බුදු දහමේ සදහන් දෑ කියවා බලා සැක දුරු නොකරගන්නේ.මේ සියලු දේ බුදුන්ගේ සම්බුද්ධ ඥානයෙන් පවසා මොනවට පැහැදිලි කර දී ඇත.එය නොවටහාගන්නා අඥානයෙකි. (බ)
ඉන්දික, බුදුන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර පිටකයේ සුත්‍ර 21000 පමණ ඇත. සුත්‍ර 35 පමණ ලෝක විෂය පිළිබඳව දේශනා කර තිබේ. ඔබම කියවා බලන්න.
සුපුන් ඔයා සිතන දේ වැරදි. විද්‍යාව වෙනස් කියල කිවම පසුව එ්ක හරි කියනවා.(බ)
ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය ගැන සෙවීමට යාමෙහි කෙළවරක් නැති බැවින් හා සොයන්න උන්මත්තක භාවයට පත්විය හැකි බව බුදුන් වහන්සේ දේශනා කල බව සදහන් (හේ)
හොද සොයා ගැනීමක්.(හේ)
අනේ! හැම දෙයකටම බුදුන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා කියලා කියන්න එපා. විද්‍යාවෙන් අද හොයාගන්න දේ හෙට වෙනස් වෙනවා. අද විද්‍යාවෙන් හොයාගත්ත දේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියනවා. හෙට එ්ක වෙනස් කියලා විද්‍යාවෙන්ම කිව්වම බුදුන් වහන්සේගේ ධර්මයත් බොරු කියලා කියන්න වෙනවා. එනිසා විද්‍යාව බුද්ධාගම එක්ක හැම දෙයකටම සමාන කරන්න එපා.. (නි)
ඉතා හොඳ ලිපියක්
විශ්වය දැනගන්න මේ වගේ දේවල් තව පළකරන්න (බ)
කළ දේ අගයන්න. විවේචන එපා (නි)
මේ නව සොයාගැනීමෙන් සැබෑලෙසම උද්දාමයට පත් වී සිටින සියලු දෙනාගෙන්ම එක ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබේ රට ජාතිය ආගම කුමක්ද? (නි)
අප පිටුපසින් සමාන්තරව ගමන් කරන අය ගැන දන්නේ හොඳට විමර්ශනය කළොත් පමණි. (නි)
සුපුන් ඔබගේ අදහස 100% නිවැරදිය.බුද්ධ දර්ශනයට විද්‍යාවෙන් හොයා ගන්නා දේ අභියෝගයක් නොවේ. සමහර අයගේ අදහස් නිසා මෙසේ ලිවීමට සිදුවීම පිලිබදව කණගාටු වෙමි. (බ)
නාසා දැන් තමයි ඕවා දන්නේ (නි)
සුපුන්, තාත්තා උපදින්නේ පුතාට කලින්, ධර්මතා හටගත්තේ විද්‍යාවට පෙර, විද්‍යාව වෙනස් වුණාට, වෙනස් කරන්න පුළුවන් වුණාට ධර්මතා බොරු කරන්න වෙනස් කරන්න කිසිදාක බැහැ. කාහටත් බැහැ. බුදු දහම කියන්නේ ධර්මතා වලට කියන නම (නි)
ලසිත, ගුණේ දන්නේ ඔය ආකාරයේ හිස් පුස් දේවල් නෙමෙයි. ඔයාට වඩා අතිශයින්ම ඵලදායි, මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස පවතින උත්කෘෂ්ට කාරණා දන්නවා. (නි)
හිටපු ජනාධිපති වටා හිටපු ග්‍රහයනුත් ඉස්සර කාලේ අරුණාලෝකය සමග වාතයත් මුදා හැරිය කියනවා නේද? එලිය කොහොම වුනත් සැර අපටත් දැනුන! (බ)
ගුණේ, මේ විශ්වය මෙබඳුයි කියා කාටවත් කලින් කියන්න බැහැත බුදුදහම මේකට පටළවාගන්න එපා (නි)
බුදුන් වහන්සේගේ ධර්මයේ කොයවිදියටද මේක දේශනා කරලා තියෙන්නේ. ජයා, පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද. (නි)
ඇයි ගුණේ, ඔයා මීටකලින් මේ සිද්ධිය දන්නවාද? (නි)