අයිස් යුගයේ මිහිමත වාසය කළ ඉතා විශාල මුව විශේෂයක් ලෙස සැළකෙන අයිරිෂ් ගෝනා අදින් වසර 2000ක් තරම් මෑත යුගය දක්වා ම වාසය කැර ඇතැයි විද්‍යාඥයෝ කියති.
ඔවුන් මේ බව පවසන්නේ සයිබීරියාවෙන් ලැබුණු ෆොසිලමය අස්ථි කොටස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. මෙතෙක් විශ්වාස කළේ අයිරිෂ් ගෝනා අයිස් යුගයේ දී වඳ වී යන්නට ඇති බවයි.
මේ සුවිසල් සත්ත්ව විශේෂය අඩි පහකට වඩා උසැති බවත් එම සත්ත්වයාගේ අං තට්ටුව මිටර තුනක් හෙවත් අඩි දහයක් පමණ පුළුල්ව පැතිර ගිය බවත් ෆොසිල සාක්ෂි අනුව තහවුරු වී ඇත.
අයිස් යුගයේ දී මිහිතලයේ අයිස් සහිත බොහෝ ප්‍රදේශවල පැතිර සිටින්නට ඇතැයි විශ්වාස කරණ මේ ගෝනා අයිස් යුගය අවසන් වී ක්‍රමයෙන් මිහිතලය උණුසුම් වෙද්දී ක්‍රිස්තු පූර්ව 8800 සිට ක්‍රිස්තු පූර්ව 6800 පමණ කාලයේ දී රුසියාව සයිබීරියාව වැනි ප්‍රදේශයන්හි අයිස් සහිත ස්ථානයන්ට කොටු වී සිටින්නට ඇති බවත් විද්‍යාඥයෝ විශ්වාස කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රමිකව උණුසුම් පරිසරයට හැඩ ගැසී පරිනාමය වූ අයිරිෂ් ගෝනා සිය වර්ගයාගේ අවසන් කාලයේ දී බටහිර හා උතුරු යුරෝපයටත්, ස්කැන්ඩිනේවියා ප්‍රදේශයටත් සීමා වී සිටින්නට ඇති බවයි. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී භූ විද්‍යා හා ඛණිජ විද්‍යා ආචාර්ය යාරොස්ලෝ කුස්මින් මහතා පවසන්නේ මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් බවයි.
‘‘ අයිස් යුගයේ දී පෘතිවියේ ජීවත් වී පසුව වඳවී යන්නට ඇතැයි සිතූ අයිරිෂ් ගෝනා අයිස් යුගය පසුකරමින් වසර දහස් ගණනක් මිහිමත දිවි ගෙවූ බව සොයා ගැනීම ඉතා වැදගත් සිදුවීමක්. මොවුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා වඳවී යාම ඉක්මන් වන්නට ඇති. නමුත් අදින් වසර 2000කට පෙර කාලය දක්වා ම මේ සතුන් මනුෂ්‍ය වාසයෙන් තොර ප්‍රදේශවල ජීවත්ව සිටි බවට දැන් පැහැදිලි සාක්ෂි තිබෙනවා. “





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නේ.. (ම)
හොඳ වැදගත් සොයාගැනීමක් (නදී)
මිනිසා කිම මෙතරම් හතුරු සොබාදහමට මනරම්... (නි)
මටනම් හිතෙන්නේ අයිස් යුගයේ හිටපු සතා ලෝකේ උණුසුම් වෙනකොට පරිණාමය වෙලා දැන් ඉන්න ගෝනා වෙන්න ඇති කියල ..(ම)