තෙරක් නොපෙනෙන අභ්‍යාවකාශයේ වඩාත් ඈතට ගමන් කිරීමේ සිහිනය නුදුරු අනාගතයේ ම යතාර්ථයක් වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පලකරයි. ඉන්ධන බාවිතා නොකර ක්ෂුද්‍ර‍ තරංග තාක්ෂණය භාවිතයෙන් අභ්‍යාවකාශයේ ගමන් කිරීමේ හැකියාව පිළිබද සිදුකළ පර්යේෂණ පදනම් කරගනිමින් නාසා පර්යේෂකයෝ මේ බව කියති.

ඔවුන් පවසන්නේ තමන් පර්යේෂණ කළ අභ්‍යාවකාශ එන්ජිම දැන් සාර්ථක වී ඇති බවයි. එය සවිකර සාදන නව අභ්‍යාවකාශ යානයකට සති 10ක කාලයකින්  අගහරු ග්‍ර‍හයා වෙත ළගා විමට හැකියාව ලැබෙන බව ද නාසා පර්යේෂකයන්ගේ විශ්වාසයයි.

එසේ වුව ද ඔවුන් පවසන්නේ ක්ෂුද්‍ර‍ තරංග උදුනක ඇති තෙරපුම් තාක්ෂණය භාවිතා කරමින් සාදන ලද මෙම එන්ජිම භෞතික විද්‍යාවේ න්‍යායන්ට අනුව කොතෙක් ප්‍රායෝගිකව යොදාගත හැකි ද යන්න ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතු බවයි. එය ඉතා නුදුරු අනාගතයේ දී වඩාත් දියුණු කර අභ්‍යාවකාශ කටයුතු සදහා යොදා ගැනීමට හැකි වුවහොත් මිනිසාට විශ්වය ජය ගැනීම පහසුවක් වනු ඇති බව ද පර්යේෂකයන්ගේ මතය වී ඇත.