ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබී ජීවී ප්ලවාංග හා ක්ෂුද්‍රජීවී විශේෂ හමුවී ඇතැයි රුසියානු අභ්‍යාවකාශ නිලධාරීන් පවසයි. ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තම රටට අයත් කොටසේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ඔලෙක් අර්ටෙම්යෙව් සහ ඇලෙක්සැන්ඩර් ස්කෝවර්ට්සෝව් යන දෙදෙනා විසින් මේ ජිවීන් සොයාගෙන ඇති බවයි.
අධික ශීතලක්, සහ විකිරණශීලීත්වයක් දක්නට ලැබෙන අභ්‍යාවකාශයේ ඔක්සිජන් නොමැති පරිසරයක මේ ජීවීන් සිටීම විශේෂත්වයක් බව ද පර්යේෂකයෝ කියති. රොකට්ටුවක් පෘථිවියේ සිට නිකුත් කිරීමේ දී මේ ජීවීන් ඒ මත තැන්පත් වූවන් නොවන බව ද ඔවුහු කියති. වෙනත් වායු ප්‍රවාහයක් උපයෝගීකරගෙන මේ ජීවී විශේෂ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පැමිණෙන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
රුසියාව පවසන්නේ මේ ප්ලවාංග හා ක්ෂුද්‍රජීවීන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි. විදෙස් මාධ්‍ය පවසන්නේ පෘථිවියෙන් පිටත වාසය කිරීම සම්බන්ධයෙන් මිනිසා අවධානය යොමු කරන්නේ නම් මෙවැනි ප්ලවාංග හා ක්ෂුද්‍රජීවීන්ගේ උපකාරයෙන් ආහාර නිපදවීම පිළිබඳව ද රුසියානු පර්යේෂකයන් පර්යේෂණ ආරම්භකැර තිබෙනව බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ෂුද්‍ර ජීවින්ගෙන් නම් අපිට ඇති වැඩක් නැහැ. අපි වගේ මිනිස් රූපයක්, සත්ත්ව රූපයක්, ඇහැට කණට පෙනෙන ගැහැණු රූපයක් වගේ දෙයක් සොයාගත්තොත් තමයි හොඳ (නි)
ඉතා වටිනා පුවතක් (දී)
නියමයිනේ (නදී)
තාක්ෂණයේ දියුණුව තමයි අපි මේ දකින්නේ (නි)
ඕකත් හඳට ගියා වගේ ඇස් බැන්දුමක්ද (නදී)
අර පරීක්ෂණ නලයේ ඒ ශුද්‍ර ජීවීයා පැලවෙලා නේද ? කොලත් ඇවිල්ලා. අනේ සතුටු දායක පුවතක්. ඇමරිකාව "ඒ ලියන්" පැල විකුනාවී අද හෙටම (නදී)