ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබී ජීවී ප්ලවාංග හා ක්ෂුද්‍රජීවී විශේෂ හමුවී ඇතැයි රුසියානු අභ්‍යාවකාශ නිලධාරීන් පවසයි. ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තම රටට අයත් කොටසේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ඔලෙක් අර්ටෙම්යෙව් සහ ඇලෙක්සැන්ඩර් ස්කෝවර්ට්සෝව් යන දෙදෙනා විසින් මේ ජිවීන් සොයාගෙන ඇති බවයි.
අධික ශීතලක්, සහ විකිරණශීලීත්වයක් දක්නට ලැබෙන අභ්‍යාවකාශයේ ඔක්සිජන් නොමැති පරිසරයක මේ ජීවීන් සිටීම විශේෂත්වයක් බව ද පර්යේෂකයෝ කියති. රොකට්ටුවක් පෘථිවියේ සිට නිකුත් කිරීමේ දී මේ ජීවීන් ඒ මත තැන්පත් වූවන් නොවන බව ද ඔවුහු කියති. වෙනත් වායු ප්‍රවාහයක් උපයෝගීකරගෙන මේ ජීවී විශේෂ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පැමිණෙන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
රුසියාව පවසන්නේ මේ ප්ලවාංග හා ක්ෂුද්‍රජීවීන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි. විදෙස් මාධ්‍ය පවසන්නේ පෘථිවියෙන් පිටත වාසය කිරීම සම්බන්ධයෙන් මිනිසා අවධානය යොමු කරන්නේ නම් මෙවැනි ප්ලවාංග හා ක්ෂුද්‍රජීවීන්ගේ උපකාරයෙන් ආහාර නිපදවීම පිළිබඳව ද රුසියානු පර්යේෂකයන් පර්යේෂණ ආරම්භකැර තිබෙනව බවයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අභ්‍යාවකාශ ජීවීන් හමුවෙයි
දයා අළහකෝන් Tuesday, 07 October 2014 11:35 AM
ක්ෂුද්‍ර ජීවින්ගෙන් නම් අපිට ඇති වැඩක් නැහැ. අපි වගේ මිනිස් රූපයක්, සත්ත්ව රූපයක්, ඇහැට කණට පෙනෙන ගැහැණු රූපයක් වගේ දෙයක් සොයාගත්තොත් තමයි හොඳ (නි)
රුවන් Tuesday, 30 September 2014 04:23 PM
ඉතා වටිනා පුවතක් (දී)
සඳුන් මල්වත්ත Sunday, 07 September 2014 02:57 PM
නියමයිනේ (නදී)
ගිහාන් Wednesday, 20 April 2016 04:55 PM
තාක්ෂණයේ දියුණුව තමයි අපි මේ දකින්නේ (නි)
අම්පාරේ දුමිත Friday, 12 September 2014 03:17 PM
ඕකත් හඳට ගියා වගේ ඇස් බැන්දුමක්ද (නදී)
රූපවතී Tuesday, 07 October 2014 09:59 AM
අර පරීක්ෂණ නලයේ ඒ ශුද්‍ර ජීවීයා පැලවෙලා නේද ? කොලත් ඇවිල්ලා. අනේ සතුටු දායක පුවතක්. ඇමරිකාව "ඒ ලියන්" පැල විකුනාවී අද හෙටම (නදී)