වඳුරන්ට ගණන් කළ නොහැකි නමුත් ඔවුන්ට දළ වශයෙන් එක්වරකට යම්කිසි ප්‍රමාණාත්මක අගයක් මතකයේ තබාගැනීමට හැකිබව නවතම පර්යේෂණයකින් හෙළිදරව් කරගැනීමට ඇමරිකාවේ මනෝවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.

පර්යේෂණයට යොදාගත් බැබූන් දෙදෙනකු බලාගෙන සිටියදී කජු ඇට 8 ක් භාජනයකට දමා බාධකයක් පිටුපස තැබූ අතර පිළිවෙළින් පර්යේෂකයෝ තවත් භාජනයකට කජු ඇට එකින් එක දැමූහ. බැබුන්ලා වෙනස්වන කජු ප්‍රමාණය සංසන්දනය කරමින් වැඩි කජු ඇට ප්‍රමාණයක් සහිත භාජනය තෝරා ගැනීමේ සම්භාවිතාවය 68%ක් වූ බව පර්යේෂණය සිදුකළ නිව්යෝක් නුවර රෝචෙස්ටර් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ ජෙසිකා කැන්ට්ලන් සඳහන් කළාය.