IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අං තුනක් සහිත පැරණි ජිරාෆයෙක් ස්පාඤ්ඤයෙන්

වත්මන් ජිරාෆයන්ට බොහෝ සෙයින් සමාන ස්වරූපයක් සහිත අං තුනක් ඇති සත්ත්ව ෆොසිලයක් මධ්‍යම ස්පාඤ්ඤයෙන් හමුවී ඇතැයි පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. මේ ෆොසිලය ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ බවත් එහි දත් සහ හිසෙයි අං තුනක් දක්නට ලැබෙන බවත් ඔවුන් පවසයි. ඉන් එක් අඟක් ටී හැඩයෙන් යුක්තය. විද්‍යාඥයෝ මේ පුරාණ ජිරාෆයා ක්සෙනොකෙරික්ස් ඇමිඩාලේ ලෙස නම්කැර ඇත.

අසාමාන්‍ය පෙනුමකින් යුතු මේ සත්ත්වයා උතුරු ඇමෙරිකාවේ විසූ අතීත ජිරාෆයන්ට වඩා වෙනස් බවත් එය පරික්ෂණවල දී යම් පමණක අභියෝගයක් බවත් විද්‍යාඥයෝ කියති. පරිසර සාධක මත මේ සත්ත්වයා වෙනස් ලෙස පරිනාමය වන්නට ඇතැයි ඔවුහු සැකපළ කරති.

අවසන් වසර ලක්ෂ 400 දී මිහිතලය මත ශාකභක්ෂකයන්ගේ විවිධත්වය අති විශාල වූ බව ද ඔවුන් පෙන්වා දෙයි. අං තුනක් සහිත ජිරාෆයන් මයෝසින යුගයේ දි ස්පාඤ්ඤයේ සහ චිනය දක්වා විවිධ ප්‍රදේශයන්හි පැතිර සිටින්නට ඇතැයි ද ඔවුහු කියති.

පර්යේෂණ කණ්ඩායමේ නායක ආචාර්ය ඊශ්‍රායෙල් සන්චෙස් සහ මැඩ්රිඩ් පවසන්නේ මේ ජිරාෆයාගේ ෆොසිලය ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ බවයි. එය හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණු බව ද ඔවුහු කියති.

‘‘හිස් කබල ඉතා හොඳ තත්ත්වයේ තිබුණා. එහි දත් මෙන්ම අං තුනක් දක්නට ලැබුණා. ඉන් එක් අඟක් ටී හැඩය ගත්තා. මයොසීන යුගයේ මොවුන් යුරෝ ඒෂියා පුරා පැතිර සිටින්නට ඇත. ඔවුන් ආසියාවේ පකිස්ථානයට දක්වාම පැතිර සිටින්නට ඇති. “

_87039529_87039528 - Copy



අදහස් (0)

අං තුනක් සහිත පැරණි ජිරාෆයෙක් ස්පාඤ්ඤයෙන්

ඔෂාන් Monday, 07 December 2015 03:08 PM

මටත් ඇත්තටම පුදුම හිතුනා (නි)

:       0       0

හිරු Monday, 07 December 2015 03:08 PM

ඔන්න පිටිගල මිලානෝ කිවුවා කතාවක්. කොහෙන්ද අප්පා මේවා එන්නේ ඔලුවට? (නි)

:       0       0

ජනක Wednesday, 09 December 2015 06:11 AM

පිටිගල මිලානෝ මහත්තයාගේ මුළු ශරීරයේම මොළේ තිබෙනවා. අපේ ලංකාවෙත් ඔය වාගේ අං තිබෙන කට්ටිය ඕනෑතරම් ඉන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 December 2015 07:34 PM

හිරු, වැරදි වැටහීමක් ගන්න එපා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 December 2015 12:59 PM

කකුල් පහක් තියෙන අලිත් ලංකාවේ ඉන්න එකේ ඕකත් පුදුමයක්ද? (බ)

:       0       0

විදානේ Wednesday, 16 December 2015 06:53 PM

ඒක මොකක්ද? අං තට්ටු පිටින් තිබෙන අය ඔය ඕනෑතරම් මෙහේ ඉන්නේ. (නි)

:       0       0

රුවන් Friday, 11 December 2015 04:06 AM

ගිය පාර ජන්දේ දාපු මටත් හිතෙනවා මගේ ඔලුවත් මෙවගේද කියල (ම)

:       0       0

ලක්සිරි Sunday, 06 December 2015 12:00 PM

ඒ විදියත් ඒ සතාට ලස්සනයි.(හේ)

:       0       0

හේවා Tuesday, 22 December 2015 06:30 PM

ඔය අං තුනක් තිබෙන කෙනා ලංකාවෙන් හොයාගත්තා නම් ජිරාෆයෙක් නොවෙන්න තිබුනා (නි)

:       0       0

යසිරු Monday, 07 December 2015 02:17 PM

හරි පුදුමයි ‍නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site