වත්මන් ජිරාෆයන්ට බොහෝ සෙයින් සමාන ස්වරූපයක් සහිත අං තුනක් ඇති සත්ත්ව ෆොසිලයක් මධ්‍යම ස්පාඤ්ඤයෙන් හමුවී ඇතැයි පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. මේ ෆොසිලය ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ බවත් එහි දත් සහ හිසෙයි අං තුනක් දක්නට ලැබෙන බවත් ඔවුන් පවසයි. ඉන් එක් අඟක් ටී හැඩයෙන් යුක්තය. විද්‍යාඥයෝ මේ පුරාණ ජිරාෆයා ක්සෙනොකෙරික්ස් ඇමිඩාලේ ලෙස නම්කැර ඇත.
අසාමාන්‍ය පෙනුමකින් යුතු මේ සත්ත්වයා උතුරු ඇමෙරිකාවේ විසූ අතීත ජිරාෆයන්ට වඩා වෙනස් බවත් එය පරික්ෂණවල දී යම් පමණක අභියෝගයක් බවත් විද්‍යාඥයෝ කියති. පරිසර සාධක මත මේ සත්ත්වයා වෙනස් ලෙස පරිනාමය වන්නට ඇතැයි ඔවුහු සැකපළ කරති.
අවසන් වසර ලක්ෂ 400 දී මිහිතලය මත ශාකභක්ෂකයන්ගේ විවිධත්වය අති විශාල වූ බව ද ඔවුන් පෙන්වා දෙයි. අං තුනක් සහිත ජිරාෆයන් මයෝසින යුගයේ දි ස්පාඤ්ඤයේ සහ චිනය දක්වා විවිධ ප්‍රදේශයන්හි පැතිර සිටින්නට ඇතැයි ද ඔවුහු කියති.
පර්යේෂණ කණ්ඩායමේ නායක ආචාර්ය ඊශ්‍රායෙල් සන්චෙස් සහ මැඩ්රිඩ් පවසන්නේ මේ ජිරාෆයාගේ ෆොසිලය ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ බවයි. එය හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණු බව ද ඔවුහු කියති.
‘‘හිස් කබල ඉතා හොඳ තත්ත්වයේ තිබුණා. එහි දත් මෙන්ම අං තුනක් දක්නට ලැබුණා. ඉන් එක් අඟක් ටී හැඩය ගත්තා. මයොසීන යුගයේ මොවුන් යුරෝ ඒෂියා පුරා පැතිර සිටින්නට ඇත. ඔවුන් ආසියාවේ පකිස්ථානයට දක්වාම පැතිර සිටින්නට ඇති. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ඇත්තටම පුදුම හිතුනා (නි)
ඔන්න පිටිගල මිලානෝ කිවුවා කතාවක්. කොහෙන්ද අප්පා මේවා එන්නේ ඔලුවට? (නි)
පිටිගල මිලානෝ මහත්තයාගේ මුළු ශරීරයේම මොළේ තිබෙනවා. අපේ ලංකාවෙත් ඔය වාගේ අං තිබෙන කට්ටිය ඕනෑතරම් ඉන්නේ. (නි)
හිරු, වැරදි වැටහීමක් ගන්න එපා. (නි)
කකුල් පහක් තියෙන අලිත් ලංකාවේ ඉන්න එකේ ඕකත් පුදුමයක්ද? (බ)
ඒක මොකක්ද? අං තට්ටු පිටින් තිබෙන අය ඔය ඕනෑතරම් මෙහේ ඉන්නේ. (නි)
ගිය පාර ජන්දේ දාපු මටත් හිතෙනවා මගේ ඔලුවත් මෙවගේද කියල (ම)
ඒ විදියත් ඒ සතාට ලස්සනයි.(හේ)
ඔය අං තුනක් තිබෙන කෙනා ලංකාවෙන් හොයාගත්තා නම් ජිරාෆයෙක් නොවෙන්න තිබුනා (නි)
හරි පුදුමයි නේද? (නි)