නාසා ආයතනය විසින් අඟහරුවෙත පසුගිය දා යවන ලද මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ ප්‍රථම ඡායාරූප එකතුව පෘථිවියට එවා ඇත. අඟහරු වායුගෝලයේ ඉතා විරලව පවතින ඔක්සිජන් හයිඩ්‍රජන් හා කාබන් අංශුවල අධෝරක්ත ඡායාරූප මාවෙන් විසින් එවා ඇත. අඟහරුගේ වායුගෝලයේ ඕසෝන් ස්ථරය සම්බන්ධයෙන් විස්තරාත්මක සිතියමක් ද මේ ඡායාරූප අතර වෙයි.

පසුගිය සැප්තැම්බර් 21 වැනි දා අඟහරු වටා කක්ෂගත වූ මාවෙන් යානයේ උකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි තවමත් පරීක්ෂා කරමින් තිබෙන බව නාසා ආයතනයේ පර්යේෂකයෝ කියති. එම පිරික්සුම් කටයුතු සම්පූර්ණ වී සියළු උපකරණ නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ යැයි තහවුරු කැර ගැනීමෙන් පසු මාවෙන් අභ්‍යාවකාශය යානය මගින් අඟහරුගේ වායුගෝලයේ වඩාත් පරිපූර්ණ ඡායාරූප හා දත්ත එවනු ඇතැයි නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තුවෙන් සිටිති.

මාවෙන් යානය යැවීමේ අපේක්ෂාව වූයේ අඟහරු ග්‍රහයා අතීතයේ සිට අද පවතින අජීවී තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න එහි වායුගෝලය පරීක්ෂා කිරීමෙන් සොයා ගැනීමයි.

1413323358831_wps_6_NASA_s_Mars_Atmosphere_an 1413323589766_Image_galleryImage_Three_views_of_an_escapin - Copy