වර්තමානයේ සර්පයන්ට පාද නැතත් අදින් වසර කෝටි 11.3ට පෙර මිහිමත විසූ සර්පයන්ට පාද හතරක් තිබූ බව බ්‍රසීලයෙන් හමුවූ පොසිලයක් පරීක්ෂාකළ විද්‍යාඥයෝ කියති.
එය මෙතෙක් ලෝකයේ හමුවූ මේ වර්ගයේ එකම ෆොසිලයයි. එහි කකුල් හතර පැහැදිලිවම දක්නට ලැබීම විශේෂත්වයකි. එම ෆොසිලය හමුවීමට පෙර පසුපස ගාත්‍රා සහිත ෆොසිල කිහිපයක් කලින් හමුවී ඇතත් ඒවායේ ඉදිරි ගාත්‍රා දක්නට ලැබුණේ නැත.
විද්‍යාඥයන් පවසන්නේ මේ ෆොසිලය නාගයාගේ සැබෑ පූර්වජයා බවයි. පාද හතරක් සහිත අතීත සර්පයන්ගේ ගාත්‍රා හතරම ගමන් කිරීමට නොව ගොදුරු අල්ලා ගැනීමට යොදා ගන්නට ඇති බව ද විද්‍යාඥයෝ කියති. එමෙන් ම ඔවුන් පිහිනීමට හැකියාවක් නොදැක්වූ බව ද පර්යේෂණවලින් හෙළිවී ඇත. වලිගය පිහිනීමට හැකියාවක් ඇති ලෙස හැඩගැසී නැති බවත් වරල් නොතිබූ බවත් ෆොසිල පරීක්ෂාවේ දී තහවුරු වී ඇත.
මේ සත්ත්වයාගේ දිගු බඳ කොටස හා කෙටි හොම්බ දර්ශීය බෙන හාරන්නකුගේ හැඩය ගෙන ඇති බැවින් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ ඔවුන් ගුල් හාරමින් පොළොවේ ජීවත් වූ බව විශ්වාස කළ හැකි බවයි.
ගොඩබිම සිටින සර්පයන්ගේ පූර්වජයා අතීත මුහුදු උරගයන්ගෙන් පැවත ආ කොටසක් යැයි පාෂාණිභූත විද්‍යාඥයන්ගේ මතයක් විය. දැන් ඒ මතය බැහැරවන බව පර්යේෂකයෝ කියති. මේ ෆොසිලය අනුව පෙනී යන්නේ සර්පයන්ගේ අතීත පූර්වජයා ජලයේ ජීවත් වූ සත්ත්ව විශේෂයක් නොවන බවයි.
හමුවූ මේ ෆොසිලය සෙන්ටිමීට 19.5ක් දිගැතිය. ටෙට්‍රාෆොඩොප්ස් ඇම්ප්ලෙක්ටස්ගේ අත් කකුල් සෙන්ටි මිටර හතරක් හා හතක් දිගුය. බොහෝ විට මොවුන්ගේ පාද සංසර්ග ක්‍රියාවලියට උදව්වන්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ ෆොසිලය සොයාගෙන දශක ගණනාවක් එය ජර්මනියේ සොල්න්හෝෆන් කෞතුකාගාරයේ පුද්ගලික ෆොසිල එකතුවක පසෙක දමා තිබී ඇත. එය වර්ගකැර තිබුණේ හඳුනානොගත් සත්ත්ව විශේෂයක ෆොසිලයක් ලෙසිනි.
පසුගිය දා මේ ෆොසිලය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ අචාර්ය ඩේව් මාටිල් පවසන්නේ තම සිසුන් කිහිප දෙනකු සමග කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ නූලක් වැනි මේ ෆොසිලය දැක මහත් පුදුමයට පත්ව කතා කරගැනීමට පවා නොහැකිවූ බවයි.




COMMENTS
හුසේන්; වානරයා කියා එක සත්ත්ව විශේෂයක් නැහැ. මිනිසා වඳුරාගෙන් පැවත එනවා යයි කියන්නේ මළපොතේ අකුරක් දන්නේ නැති, මොලේ නැති උදවියයි. පරිණාමවාදයේ කියන්නේ මිනිසාගේත් වඳුරාගේත් චිම්පන්සියාගේත් ගොරිල්ලාගේත් ඔවැනි අනෙකුත් වානරයන්ගේත් පූර්වජයා අද දක්නට නැති වානර විශේෂයක් බවයි. (නදී)
පරිණාම වාදයේ අවිද්‍යාත්මකත්වය ඉහතින් ඉදිරිපත් කර ඇති කරුණු පරිණාම වාදයේ අවිද්‍යාත්මකත්වය ප්‍රමාණවත් අයුරින් ඔප්පු කර ඇති බව මධ්‍යස්ථව හා විචාරශීලීව සිතන්නන් හට පිළිගැනීමට කිසිම අපහසුතාවක් තිබිය නොහැක. පරිණාමවාදී මතධාරීන් පවසන්නේ රසායනික සංයුතිය අතින් මිනිසා 99% ක් වානරයින්ට සමාන බවත් රුධිර කැටි ගැසීමේ පරීක්ෂණයන් අනුව මිනිසාගේ සමීපතම ඥාතියා චිම්පන්සීන් බවත් ය. නමුත් කිරි සංයුතියේ විශ්ලේෂණය අනුව මිනිසාට වඩාත් ම සමීප ඥාතියා වන්නේ බුරුවාය. කොලොස්ටරෝල් විශ්ලේෂණය අනුව මිනිසාගේ සමීපතම ඥාතියා වන්නේ සර්ප විශේෂයකි (Gar-ter Snake). කඳුළු වල ඇති එන්සයිම අනුව මිනිසාගේ සමීපතම ඥාතියා වන්නේ කුකුළන්ය. පරිණාම වාදීන් ඉදිරිපත් කරන තර්කයන් හි පදනම් විරහිත භාවය මෙම කරුණු අනුව ඉතාමත් පැහැදිලිව ඔප්පු වන්නකි. තවත් විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල්, (කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා) පවසන්නේ පරිණාමවාදී මතයන් අනුව සරල ජීවීන් වඩාත් සංකීර්ණ හා දියුණු ජීවීන් දක්වා පරිණාමය වුවා යැයි පැවසීම ගිනි කන්දක් පුපුරා යාමෙන් ගලා ගිය ලාවා මගින් නිරායාසයෙන් බෝයින්ග් 747 ගුවන් යානයක් නිර්මාණය වුවා යැයි පැවසීම හා සමාන බවය. (Nature, Vol. 294, Nov.12, 1981, “Hoyle on Evolution” Page 105).
විද්‍යාව සමහර අයට කොච්චර කරත් උගන්න බැහැ. අවිද්‍යාවෙන් ඔලුව පිරිලා. මට හිතා ගන්න බැරි ඔය අබාදිත ළමයිනුත් මෙපෛවට බිහිවෙන්නේ කොහොමද කියා. මේවට උත්තර වෙනුවට ගොන් තර්ක දාල වැඩක් නැහැ.. (නදී)
ඔටුවා සත්ව ලෝකයේ එක් විස්මිත නිර්මාණයකි. කාන්තාරයේ උෂ්ණත්වය සෙ. ග්‍රේ. අංශක 50 ඉක්මවන තත්වයේ අවම වශයෙන් දින අටක් පමණ ජලය හා ආහාර නොමැතිව ජීවිතය රැක ගැනීමට ඔටුවාට හැකියාව ඇත. ජලය ලීටර 130 ක් හා ආහාර කි. ග්‍රෑම්. 30 සිට 50 අතර ප්‍රමාණයක් දිනකට ගැනීමේ හැකියාව ද ඌට ඇත. කාන්තාර පරිසරයට ඔරොත්තු දෙන අයුරින් හිස, නාස්පුඩු, දෙකන්, කාන්තාරයේ තද උණුසුමට මෙන්ම ශීත සෘතුවේ තද සීතලට ඔරොත්තු දිය හැකි ලෙසට සැකසුනු සම සහ ඒ මත වැඩුණු රෝම, මොල්ලිය, පාද, විශේෂයෙන්ම කුර හා දණහිස් පෙදෙස් සකස් වී ඇති ආකාරය සැබැවින්ම මවිතකරය. මෙම මවිතකර සැකසුම ක්‍රමයෙන් පරිසරයට හැඩගැසීමේ පරිණාමවාදී සංකල්පය අනුව කිසිසේත්ම සිදු විය නොහැක්කක් බවට පත් වී ඇත්තේ දැනට ඇති ඔටුවාගේ පිහිටීමේ කිසිම අඩුවක් සහිතව කාන්තාරයේ කටුක පරිසරයට ඔරුත්තු දීමේ හැකියාව ඌට කෙලෙසවත් නොමැති හේතුවෙනි. ඔටුවා දැනට ඇති පරිපුර්ණත්වය සහිතවම මිහිතලය මත විශ්ව නිර්මාතෘ විසින් නිර්මාණය කර ඇති බව මෙයින් සනාථ වන සත්‍යයකි. (නදී)
නියමයි (ම)
දැන්නම් ඉන්නවා දෙකකුල් සර්පයෝ. (නි)
ඊඩන් උද්‍යානයේ හුටපටේදී දෙවියන් වහන්සේ සර්පයාට ස්පා කරන්නට පෙර උන් ගමන් කලේ හැරමිටි වගේ කෙලින් අතට! (නදී)
හුසේන්, තාමත් පරිණාමය වෙන සත්ව විශේෂ ඉන්නවා.සමහර කුරුල්ලෝ ඉන්නවා මෑත කාලයේ පරිණාමය වුණ. සාක්ෂි තියනවා, එකම ජාතියේ කුරුල්ලෝ පාට වෙනස් වෙනවා පැවැත්මට සරිලන විදියට, පුර්වජය නැතිවෙලා යනවා. (නි)
වටිනා කරුණු රැසක් දායක කිරීම ගැන ගොඩක් සතුටුයි. තවත් කරුණු රැසක් දැනගැනීමට කැමතියි (නදී)
ඔය පුදුමයට වඩා අමුතුම සර්පයෝ ඉන්න රට තමා අපේ රට..... (නි)
තථාගතයන් වහන්සේගේ අග්ගච්ච සූත්‍රය කියවන්න.මේ ලොවට ජීවින් බිහිවූ ආකාරය එහි සවිස්තරව ඇත (නි)
සමහරවිට මිනිසාටත් මේ වගේ වැඩිපුර අවයව තියෙන්න ඇති. භාවිතයේ අනවශ්‍යබව නිසා අද වෙනකොට ඒවා නැතිවෙන්න ඇති. ඒ විදියට අනාගතයේ අපේ අතේ ඇඟිලි අඩුවේවි, කන්වල "කන් පෙත්ත" නැතිවේවි (ඉයර්ෆෝන් පාවිච්චිය නිසා) ඇහිබැම නැතිවේවි (පැන්සලෙන් අඳින නිසා) කොණ්ඩය කළු නොවේවි. (නි)
මාර පුදුම දේ තමයි වෙන්නේ. (නදී0
හරි පුදුමුයි (නදී)
හරි පුදුමයි (නදී)
හරි පුදුම දේවල් තමයි මේ ලෝකේ දකින්නට ලැබෙන්නේ (නදී)
මේ වගේ විස්තර වැඩි වැඩියෙන් පළකරන්න (නි)
මේ අනුව මිනිසාගේ පුර්වජයා වානරයා නොව මිනිසාම බව පැහැදිළිය. කාලයාගේ ඇවෑමෙන් අනවශ්‍ය දෑ හලා අවශ්‍ය දෑ එකතු කරගනිමින් මේ අද ඉන්නා ස්වරුපයට පත්වී ඇත. (බ)
දේශපාලනයේ නම් දෙපත් නයි ඉන්නවා (බ)
හොඳ ලිපියක් (නි)
හොඳ ලිපියක් (නි)
පහන්, අද කාලේ දිහා හොඳට බලනකොට පෙනෙන්නේ මිනිසාගෙන් වානරයෝ ඇතිවුණා වගෙයි.ඉතිහාසය අලුත්වෙලා ඒකයි පරම ඇත්ත. (නි)
ඔය ලිපියේ තියෙන්නේ එක්තරා සර්ප විශේෂයක් ගැන මිසක්, සර්ප සංහතියම ගැන නෙමෙයි. ඩයිනොසරස්ල වගේ පටලව ගන්නෙපා. වානරයාගෙන් එදා මිනිසා පරිනාම වුනා කියන උදවියගෙන් ( ඒ කවුරු වුනත් ) මම එක ප්‍රශ්නයක් අහන්න කැමතීයි. එදා පොල් ගහේ පොල් ආවනම්, දෙල් ගහේ දෙල් ආවනම් අදත් ඒ වගේම ඒ ඒ දේවල් සිද්ධ වෙනව නම්, ඇයි අදත් වානරයාගෙන් මිනිසා පරිනාම නොවෙන්නේ...." (නදී)
ධම්ම වදුරගෙන් මිනිහ පරිණාමය වුණා කියල චාල්ස් ඩාවින් කිව්වේ නැහැ .වදුරගෙන් මිනිහ පරිණාමය වුනානම් වදුරා ඉන්න විදිහක් නැහැ .වදුරා යන්නේ පරිනාමයේ වෙන අත්තක (බ).
දුරාතීතයේ මානවයා පරිණාමය වුයේ වානර පවුලට අයත් සතුන්ගෙන්. දැන් කාලේ දේශපාලකයෝ පරිණාමය වන්නේ කෙළින්ම වඳුරන්ගෙන්. (නි)