IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

මෙතෙක් හඳුනාගෙන නොතිබූ අරුම පුදුම ඩයිනෝසරයකු සොයාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මේ ඩයිනෝසරයාගේ බාහුවක් සොයාගෙන ඇත්තේ 1960 වර්ෂයේ දී ය. ඒ මොංගෝලියාවෙනි. එසේ වුව ද ඩයිනෝසරයා කවර ආකාරය සත්ත්වයකු ද යන්න හඳුනාගැනීමට දශක ගණනාවක් යනතුරු හැකියාව ලැබී නැත.

මේ සත්ත්වයාගේ ඉතිරි අස්ථි කොටස් ද සොයාගත් විද්‍යාඥයන් ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලින් තමන්ට හමුවී ඇත්තේ මෙතෙක් ලොව හඳුනාගෙන නොසිටි අමුතුම ආකාරයේ ඩයිනෝසරය විශේෂයක් බව තහවුරු කරගෙන ඇත.

මේ සත්ත්වයා විශාල හොටයක් හා පිටෙහි යෝධ මොල්ලියක් ඇති කුර සහිත පාද තිබු සත්ත්වයෙකි. අධ්‍යයනයේ පර්යේෂණ ප්‍රධානි කොරියානු භූගර්භ විද්‍යා සහ ඛනිජ සම්පත් විද්‍යායතනයේ යුන්නෙම්ලී පවසන්නේ තම කණ්ඩායම විසින් සොයාගත් අස්ථි කොටස් එකලස්කැර බැලීමේ දී අරුම පුදුම සත්ත්වයකු මැවුණු බවයි.

ශතවර්ෂ භාගයක් යනතෙක් ලොව පුරා විද්‍යාඥයන් දැන සිටියේ අඩි අටක් පමණ දිගැති ශක්තිමත් යටි බාහුවක් සහිත මේ සත්ත්වයාගේ බාහුව අග විශාල නියතුනක් පිහිටි බව පමණි. මේ සත්ත්වයා ඩයිනෝචිරස් මිරිෆකස් ලෙස නම් කැර තිබිණි. භයංකාර අත් යන්න එහි අර්ථය විය. විද්‍යාඥයන් පවසන්නේ නියමගින් ගොදුරු අල්ලාගන්නා ගස්මත එල්ලී සිටින සත්ත්වයකු යැයි සිතන බවයි. කෙසේ වෙතත් මේ සත්ත්වයා ගොදුරු ඇල්ලීමේ ගිජ වුව ද කම්මැලියකු විය යුතුයැයි ද පර්යේෂකයෝ කියති.

මේ සත්ත්වයා මීට 11 ක් හෙවත් අඩි 36ක් පමණ විශාල ටොන් හයක් පමණ බරැති දැවැන්තයකු බව ද ඔවුහු කියති. තාර හොටක් වැනි අවයවයක් සහිත හිසකින් ද පසුපස මොල්ලියකින්ද සමන්විත මේ සත්ත්වයා ගේ කෙටි හා තරබාරු පාද වගුරු සහිත පරිසරයට උචිත ආකාරයෙන් හැඩ ගැසී තිබිණි.

පර්යේෂකයන් අදහස් කරණ්නේ මෙම සතා බොහෝ විට  ඉතාමත් සෙමින් ගමන් කල එකෙක් බවත් උදරයේ පිහිටීම අනුව ගස් සහ මත්‍යසන් ආහාර ලෙස ගත් බවත් හෙළිවි තිබේ.

ආචාර්ය යංග් නෙම් ලී පවසන්නේ මොවුනගේ ක්‍රියාකාරකම් ගැන කලින් නොදැන සිටිය මුත් විශාල නිය සමගින් දිග බාහු පාවිච්චි කර ශාක හාරා ගැනීමටත්, එකතුකර ගැනීමටත් හැකියාව තිබූ බව පර්යේෂකයෝ කියති.

පර්යේෂණය ගැන අදහස් දක්වන එංගලන්තයේ රාජකීය පශු සම්පත් කොලීජියේ මහාචාර්ය ජෝන් හචින්ස් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විශ්මය දනවන බවයි.

dia 1 dia 2



අදහස් (0)

විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

රත්නායක Saturday, 01 November 2014 02:08 AM

පරිසරයට ඔරොත්තු නොදෙන සෑම සත්වයෙක්ම විනාශ වෙනවා. (නි)

:       0       0

ටානියා Monday, 27 October 2014 03:35 AM

සැඟවුණ තවත් මොනතරම් රහස් ඇද්ද? (නි)

:       0       0

හිරාන් Saturday, 25 October 2014 09:30 AM

අනේ දෙවියන් වහන්ස, මේ සොයා ගැනීම් වලට උත්තර දෙන්න දන්නේ ඔබ පමණි. (නදී)

:       0       0

නුවන් Tuesday, 28 October 2014 09:33 AM

එතකොට දෙවියෝ ලෝකේ මැව්වනම්, මොකද මේ වගේ සත්තු ඉස්සෙල්ල මැව්වේ? (ර)

:       0       0

කැළුම් Monday, 27 October 2014 04:32 PM

මන් ආසයි ඔය වගේ දේවල් වලට. හැබැයි මට ඕව හොයන්න විදියක් නෑනේ. මේ ලෝකේ ඇත්තටම තව කොච්චර නම් සත්තු ඉදල ඇතිද? (ස)

:       0       0

පැතුම් Monday, 27 October 2014 04:36 PM

විද්‍යාව දියුණු වේගෙන යන විදිහ බැලුවම දෙයියන්ට උත්තර නැති වෙන දවස බොහොම ලඟයි. (ස)

:       0       0

ප්‍රසංගල Friday, 31 October 2014 02:31 AM

මිනිසා මැවීමට පෙර තවත් දෙවී කෙනෙක් සත්තු මැව්වද. අනේ මේ විකාර මට නම් තේරුම් නැහැ. මවනවා කියන්නේ මායාවක්. මට නම් හිතෙන්නේ මිනිසා ගොනාට අන්දලා තියන්නේ. කොච්චර දියුණු උනත් ජානවලින් වෙනස් කරන්න බැහැ. ඒ පරම්පරාවල ඇදහීම් සහ සංකල්ප. ඔක්කොම හිතන්නේ තමුන් හරි කියලා. ඔක්කොම දෙනා කාලාම සුත්‍රය හොයාගෙන බැලුවා නම් හොදා (නදී)

:       0       0

දිල්රුක්ෂි Saturday, 08 November 2014 10:15 AM

දෙයියෝ කලහකාරී අය විනාශ කළා නම් සිරියාවේ ඉරාකයේ අය විනාශ කරන්නේ නැත්තේ ඇයි ? (හේ)

:       0       0

පසිදු Wednesday, 04 February 2015 05:37 AM

තව ඉන්නවද කියල බලන්න (නදී)

:       0       0

අයන්ත Tuesday, 28 October 2014 10:29 PM

තවත් කොපමණ දෑ මේ විශ්වයේ සැඟවී ඇද්ද? (නි)

:       0       0

දමිත් Tuesday, 28 October 2014 10:54 AM

දැනුත් ඒ වගේ සත්තු ඉන්නවා. කූඩැල්ලෝ, මදුරුවෝ කියන්නේ ඒ සත්තුන්ට.(හේ)

:       0       0

ශිරෝමි Tuesday, 28 October 2014 11:10 AM

දෙවියෝ නම් සියල්ල මැවුන්කරු ඇයි සදාකාලික නොවන්නේ?(හේ)

:       0       0

මහේෂ්. Friday, 31 October 2014 04:23 AM

මට නම් පිස්සු වගේ. (නි)

:       0       0

සමීර Sunday, 02 November 2014 06:47 AM

නියමයි ! (නදී)

:       0       0

චන්ද්‍රපාල Tuesday, 28 October 2014 12:11 PM

මේ වගේ අය දැන් හිටියා නම් නියමයි.(හේ)

:       0       0

රාස්සගල Friday, 24 October 2014 06:15 AM

ඉස්සර හිටි මිනිස් ලේ බොන අමුතු සත්තු ජාතියක් ගැනත් මම අසා තිබෙනවා (නි)

:       0       0

රියල් Thursday, 30 October 2014 02:31 PM

මිනිසා මැවීමට පෙර සිට සත්ව කොට්ටාශයක් පිළිබඳව අල් කුරානයේ සඳහන් වෙනවා. මේ සතුන් බුමියේ කළහාකාරී උන නිසා විනාශ කල බවත් සඳහන් වෙනවා. (ර)

:       0       0

මහේෂ් Tuesday, 28 October 2014 05:45 AM

මෙහෙම උනොත් කවද හරි උත්තර නැති වෙන්නේ දෙයියන්ට නෙමේ පැතුම්.. අපිටම තමා.... (ස)

:       0       0

ගොඩේ බයියා Saturday, 25 October 2014 05:26 AM

රාස්සගල ඒ කට්ටය ඉන්නේ අපේ පාර්ලිමන්තුවේ (අ)

:       0       0

සම්පත් - ඩුබායි Tuesday, 28 October 2014 07:26 AM

විද්‍යාව දියුණු වෙනකොට දෙවියන්ටත් දෙවිපිහිටයි...

:       0       0

විජයසිරි Sunday, 23 November 2014 08:37 PM

දෙවිවරු ඉන්නවා නම් අද විශේෂයෙන් ලංකාවෙත් ලෝකෙත් වෙන අපරාධ දකින්න ඕනෑ නේද? (නි)

:       0       0

ඡන්න Thursday, 30 October 2014 09:16 PM

දෙයියෝ කලහකාරී අය විනාශ කළා නම් සිරියාවේ ඉරාකයේ අය විනාශ කරන්නේ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

මලින් Tuesday, 28 October 2014 07:59 AM

සහතික ඇත්ත පැතුම්!(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31220 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13388 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 78 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 910 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site