IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී විශේෂ 29ක් තර්ජනයට ලක්වූ ලයිස්තුවට

(සිරංගිකා ලොකුකරවිට)

ක්ෂීරපායී සතුන් වඳවී යාමේ තර්ජනයට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාවට 34 වැනි ස්ථානය හිමිවී ඇතැයි පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ඒ මෙරට ක්ෂීරපායී විශේෂ 29ක් තර්ජනයට ලක්වූ විශේෂ ලෙස ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට ඇතුළත් වීම හේතුවෙනි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති ක්ෂීරපායීන් විශේෂ 127ක් වන අතර ඉන් 20ක් මෙරට පමණක් දැකිය හැකි ආවේණික විශේෂ වෙයි.

ලෝක සංරක්ෂණ සංගමය පවසන්නේ ලෝකයේ වෙසෙන සත්ත්ව හා ශාක විශේෂ 23 000 ක් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී තිබෙන බවයි.

2016 වර්ෂය දක්වා කරන ලද පර්යේෂණ අනුව ලෝකයේ ක්ෂීරපායී විශේෂ 3272ක් වාර්තා වී තිබිණි.
ඉන් 25%ක් මේ වනවිට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පර්යේෂකයෝ කියතිග.මෙම ක්ෂීරපායී දත්ත සඳහා තල්මසුන් හා මුහුදු ඌරන් ඇතුළත් කර නැත.

පර්යේෂකයන්ට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායීන් අතරින් වැඩිම සංඛ්‍යාවට හිමිකම් කියන රට බවට පත්ව ඇත්තේ ඉන්දුනීසියාවයි.එරට  ක්ෂීරපායී විශේෂ 188ක් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තිබේ.
මෙම සංඛයාව ලෝකයේ ක්ෂීරපායී විශේෂ සංඛ්‍යාවෙන් 5.75% කි.

දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රාජ්‍යයක් ලෙස සැළකෙන මැඩගස්කරයයි.එහි ක්ෂීරපායී විශේෂ 120ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින අතර තුන්වැනි ස්ථානයේ සිටින මෙක්සිකෝවේ ක්ෂීරපායී විශේෂ 96ක් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී තිබේ.

හතරවැනි ස්ථානයේ ඇති ඉන්දියාවේ ක්ෂීරපායී විශේෂ 92ක් හා පස්වැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයේ ක්ෂීරපායී විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

මෙම රටවල් පහේ වඳවී යාමේ තර්ජනයට ලක්වූ ක්ෂීරපායීන්ගේ සමස්ත ප්‍රතිශතය ලොව සමස්ත ප්‍රතිශතයෙන් 17.63%ක් වැනි විශාල සංඛ්‍යාවකි.

මෙලෙස ක්ෂීරපායී සතුන් ඇතුළු සත්ත්ව විශේෂ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාම,සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම,වනාන්තර විනාශය සහ සතුන් දඩයම් කිරීම වැනි කරුණු හේතුවෙනි.

මෙම සත්වයින් සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරි වසර කිහිපයේ දී ක්ෂීරපායී විශේෂ ගණනාවක් ලෝකයෙන් තුරන් වනු ඇතැයි  පරිසරවේදීහු අනතුරු අඟවති.

 

ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක්වූ ක්ෂීරපායී විශේෂ 29 

  1. බස්නාහිර පළාත් කළු වඳුරා
  2. ශ්‍රී ලංකා රත් උන හපුළුවා
  3. ශ්‍රී  ලංකා රිලවා
  4. ශ්‍රී  ලංකා වඳුරා
  5. ශ්‍රී  ලංකා මූකලන් ලේනා
  6. ශ්‍රී  ලංකා කටු හික්මීයා
  7. ශ්‍රී  ලංකා දෙපැහැ කටු හික්මීයා
  8. ශ්‍රී  ලංකා නෙළු මීයා
  9. ශ්‍රී  ලංකා දෙපැහැ මීයා
  10. ශ්‍රී ලංකා ගස් මීයා
  11. ශ්‍රී ලංකා කුණු හික් මීයා
  12. ශ්‍රී ලංකා පොදු ගේ මීයා
  13. පිරි හික් මීයා
  14. ශ්‍රී ලංකා කැලෑ හික්මීයා
  15. ශ්‍රී ලංකා පොඩි හික් මීයා
  16. ශ්‍රී ලංකා නිය දිගු මා හික්මීයා
  17. මහ අස්ලාඩම් වවුලා
  18. ශ්‍රී ලංකා රන් කලවැද්දා
  19. ශ්‍රී ලංකා කොටියා (දිවියා)
  20. දඬු ලේනා
  21. හීන් හම්බාවා
  22. ශ්‍රී ලංකා සිංහරාජ කුණු හික්මීයා
  23. කොලදිවියා
  24. හඳුන් දිවියා
  25. ශ්‍රී ලංකා බොර කලවැද්දා
  26. මන්ද වලහා
  27. දිය බල්ලා
  28. විල් මුවා
  29. කුලු මී හරකා



අදහස් (4)

ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී විශේෂ 29ක් තර්ජනයට ලක්වූ ලයිස්තුවට

Chandana Fernando Monday, 19 June 2017 11:06 AM

ඉවක් බවක් නැතුව වනාන්තර එළිකරලා, පොලිතීන් හා වෙනත් අපද්‍රව්‍ය දාලා, වස විස ඇති පොහොර කෘමිනාශකත් ජලයට එක්කරලා.. අපි මේ යන ගමනේ ප්‍රතිවිපාක තමා මේ වනසතුන් විඳින්නේ......ඔහොම යං

:       2       21

susantha Monday, 19 June 2017 02:03 PM

ප්‍රශ්නයක් නැහැ අපේ ජනාධිපතිතුමා පරිසර අැමතිනේ.... එයා මේවට ඉඩ තියන්නේ නැහැ. දැන් විල්පත්තු කපන එකත් නැවැත්තුවානේ....

:       48       9

Sarath Monday, 19 June 2017 04:46 PM

බයවෙන්න එපා අපේ ජනාධිපති තුමා ඇති උතුම් සර්වබල විධායක බලය පාවිච්චි කරලා සතුන් වදවීම නැති කරයි. පොඩ්ඩක් ඉවසල ඉන්න තවම ජනාධිපතිකම බාර ගත්ත විතරනේ මොකද හදිස්සිය අපේ රට බෞද්ධ රටක් සැමට මෛත්‍රිය කරන්න ඕනේ ඒ කියන්නේ සතා සිවුපාවටත්. දෙවනුව අපිට ඉන්නේ මෛත්‍රී ජනාධිපති කෙනෙක් එය මොනතරම් මෛත්‍රිය කරනවද පැරදුන හරක් ටිකත් පාර්ලිමේන්තුවට ගත්තේ මෛත්‍රී කම පෙන්වලානේ ඊළඟට අපේ රට ලෝකේ උතුම්ම රටනේ ඉතින් අපි කොච්චර අාදර්ශයක් ද ලෝකෙට දීල තියෙන්නේ එක මදිද..?

:       40       45

Sahan Monday, 03 April 2023 03:46 AM

සතුන්ගේ පින්තූරත් තිබ්බා නම් ගොඩක් වටිනවා. සමහර සත්තු ගොඩක් අය දැකලාවත් නැහැ...

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site