ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී රියදුරෙකු නොමැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබේ.
ජංගම දුරකථනයට ස්ථාපනය කළ හැකි යෙදුමක් හෙවත් ඇප් එකක් මාර්ගයෙන් මෙම රථයට විධාන සැපයිය හැකි අතර නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දිය හැකි බවයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම පවසයි.
EZ-GO ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය විද්‍යුතයෙන් බලගැන්වෙන අතර පුද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා ද යොදා ගත හැකි ලෙසනිෂ්පාදනය කර ඇත.
මගීන් 6 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන්කළ හැකි වන පරිදි සහ මගීන්ට පහසුවෙන් රථයට පිවිසිය හැකි පිවිසුම් දොරටුවක් ද සහිතව මගීන්ට අවට පරිසරය හොඳින් දර්ශනය වන ලෙසයි මෙම රථය නිර්මාණය කර ඇත.
මීටර් 5.2 ක දිගකින්, මීටර් 2.2 ක පළලකින් සහ මීටර් 1.6 ක උසක් සහිතව නිර්මාණය කර ඇති මෙම රථය කිලෝග්‍රෑම් 1700කි.
මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 50 ක් හෙවත් පැයට සැතපුම් 30 කි.
මෙම රථය 2022 වසර වන විදීවල ධාවනය කිරීමට හැකි වනු ඇති බව රථයේ නිෂ්පාදකයෝ පවසති.
ඩේලි මේල් ඇසුරෙනි
සැකසුම - නිසංකා සංදීපනී

2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රියදුරෙකු රහිත මෝටර් රථයක්
rocky Wednesday, 14 March 2018 02:14 PM
අපේ දේශපාලකයන්ටත් දැන් මේ වාහන ඕනෑ වේවි!!! රියදුරාගේ පඩියටත් වැඩේ දෙන්න පුළුවන් හින්දා !!!
samira prabhath Sunday, 09 September 2018 01:32 PM
නියමයිනේ..