IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ට්විටර් බොට් පහසුකම නවතී

සැන්ෆ්‍රැන්සිස්කෝහිදීය (ඒ.එෆ්.පී)
 
ට්විටර් සමාජ ජාලා ගිණුම් ජාලයේ ‘ට්විටර් බොට්’ මෘදුකාංග පහසුකම මින් ඉදිරියට ලබා නොදෙන බව එම සමාජ වෙබ් අඩවිය බදාදා, එනම් බදාදා (21) නිවේදනය කළේය.

 
මෙම පහසුකම 2016 වසරේදී පැවති ඇමෙරිකා එක්සත් ජනාධිපතිවරණයේදී මෙන්ම තවත් බොහෝ අවස්ථාවලදී භාවිත වී තිබූ අතර ඒ ඔස්සේ ව්‍යාජ ට්විටර් ගිණුම් පොකුරු නිර්මාණය වූවා පමණක් නොව අසත්‍ය සහ ප්‍රකෝපකාරී පණිවුඩ ප්‍රචලිත කිරීමට ද එම පහසුකම භාවිත කර තිබිණි. 
 
මෙම පහසුකම යටතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ගිණුම් සහ එවැනි ගිණුම් නිසා හිරිහැරයට සහ පීඩාවට පත්වූ ට්විටර් පරිශීලකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබීමත් මෙම පහසුකම දිගින් දිගටම අව භාවිත වීමත් එය මින් ඉදිරියට ලබා නොදෙන බව ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය නිවේදනය කළේය. පහසුකම නතර කිරීම නියමිත නීති හා කොන්දේසිවලට අනුව ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන ජනතාවට එරෙහිව කරන ලද්දක් නොවන බව ද එම වෙබ් අඩවිය සඳහන් කළේය. 
 
“ටිව්ටර් සමාජ ජාලය වැදගත් සාකච්ඡා සඳහා නිරන්තරයෙන් භාවිත වනවා. එහෙත් ඇතැම් අවස්ථාවලදී එවැනි සාකච්ඡා ඉලක්ක කරගනිමින් ද්වේෂ සහගත අදහස් ප්‍රකාශ කිරීම් සිදු වෙනවා. එවැනි දෑ සිදු කිරීමට ‘ටිව්ටර් බොට්’ පහසුකම නිරන්තරයෙන් භාවිත වී තිබෙනවා. ඒ නිසා අපි එවැනි ක්‍රියා නැවැත්විය යුතුයි. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී සහ ලොව රටවල් රැසක මැතිවරණවලදී මෙම පහසුකම අවභාවිත වුණ” යැයි ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ ප්‍රතිපත්ති සංවර්ධන අංශයේ ප්‍රධානී යෝල් රොත් බ්ලොග් සටහනක් තබමින් සඳහන් කළේය. 
අසත්‍ය තොරතුරු ප්‍රචාරණය, ජනතාව කුපිත කරවන අදහස් ව්‍යාප්ත කිරීම හා ඊට ප්‍රචාරය දීම නැවත්වීම සඳහා ට්විටර් සමාජජාල වෙබ් අඩවිය විවිධ පියවර ගනිමින් සිටින අතර මෙම පියවර ඉන් එකක් යැයි ද පැවසේ.  

 
 055



අදහස් (0)

ට්විටර් බොට් පහසුකම නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site