සුපිරි වෙළෙඳසලින් භාණ්ඩ මිලදී ගැනීම පහසු කිරීමට නව ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ.
සුපර්ස්මාර්ට් යනුවෙන් නම්කර ඇති මෙමඟින් මුදල් අයකැමිවරයාගේ සේවය තවදුරටත් සුපිරි වෙළෙඳ සල් වලට අවශ්‍ය නොවන තත්ත්වක් ඇති වී තිබේ.
සිය මව් රට වන ඊශ්‍රායලයේ පවත්වාගෙන යනසුපිරි වෙළෙඳසල් ජාලයක් වන ඕෂර් ඇඩ් සමඟ අත්වැල් බැඳගනිමින් මෙම නව යෙදුම හඳුන්වාදීමටයායිර් කෙප්ලර් මහතාකටයුතු කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනයට බාගත කර ගත හැකි මෙමගින් සුපිරි වෙළෙඳසල් පිළිබඳ තොරතුරු මෙන්ම පාරිභෝගිකයාගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු වැනි පෞද්ගලික තොරතුරුද රහස්‍ය කේත මඟින් ඇතුළත් කර තැබිය හැකිය.
සුපිරි වෙළෙඳසලකදී පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරාගෙන එම භාණ්ඩවල මුද්‍රණය කර ඇති බාර් කේත පරිලෝකනය කිරීම මඟින් ඒවායේ මිල ගණන් සුපර්ස්මාර්ට් ඇප් එක තුළ සටහන් කිරීම සිදුවෙයි .
එසේ පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩවල මිල ගණන් ඇප් එකේ සටහන් කිරීමෙන් අනතුරුව සුපිරි වෙළෙඳසලේ තිබෙන සුවිශේෂී වේදිකාවක් මතට භාණ්ඩ සහිත ට්‍රොලිය ගෙන යා යුතුය.
ආදාළ වේදිකාව මත එම භාණ්ඩ නැවත පරිලෝකනයට ලක්කරන අතර පාරිභෝගිකයා විසින් තෝරා ගෙන ඇප් එකේසටහන් කරනු ලැබූ මිලගණන් සමඟ මෙම වේදිකාව මත පරිලෝකනය කිරීමෙන් ලබාගත් මිලගණන් සසදාබලා මිල සටහන් කිරීම මඟ හැරුණු යම් භාණ්ඩ වෙතොත් ඒවා හඳුනාගෙන ඇප් එක ඔස්සේ දක්වනු ලැබේ.
එසේ පාරිභෝගිකයා තෝරාගත් සියලු භාණ්ඩවල මිල ගණන් ඇප් එක මාර්ගයෙන් සටහන් කර ඇති බවට අදාළ වේදිකාව මතදී තහවුරු කර ගත් පසු ඇප් එක මඟින් භාණ්ඩවල මිල ගෙවීමට අවස්ථාව හිමිවේ.
මෙසේ තත්ත්පර 30 ක් වැනි කාලයකදීභාණ්ඩ සඳහා මුදල් ගෙවීමට අවස්ථාව හිමිවීම මෙම ක්‍රමයේ ඇති වඩාත්ම වාසිදායක තත්ත්වය බව සුපර්ස්මාර්ට්හි නිර්මාතෘ යායිර් කෙප්ලර් මහතා තවදුරටත් පවසයි.
කෙසේ වෙතත් මෙම සුපර් ස්මාර්ට් ක්‍රමය සුපිරි වෙළෙඳසල් සඳහා හඳුන්වාදීමට පෙර මෙම වසර ආරම්භයේදී ඇමේසන් සමාගම විසින් ස්වයංක්‍රීය වෙළෙඳ සලක් ආරම්භ කිරීමට පියවර ගත් අතර මුදල් අයකැමිවරයාගේ සේවය එහිදී ඉවත් කිරීමට කටයුතු කර තිබිණ.
ඩේලි මේල් ඇසුරෙනි
(නිසංකා සංදීපනී)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කඩෙන් බඩු ගන්න ඇප් එකක්
lalith Friday, 16 March 2018 12:46 AM
කොයි තරම් වටිනා දෙයක්ද? දැක්ක නේද? ඔය සේරම කරන්න පුළුවන් උනේ අර ඉන්ටනෙට් ලංකාවට හඳුන්වල දීපු නිසානේ?
chathuri - england Friday, 23 March 2018 08:06 AM
මේ ලංකාවේ කතාවක් නොවෙයි මහත්තයෝ... ලංකාව වගේ බයියෝ ඉන්න ගෝත්‍රික රටක මේවා කරන්න තව අවුරුදු 10ක් වත් යාවි...