IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අඟහරුට යැවු නිරික්ෂණ දැරුම ගැන සැකයක්

යුරෝපීය නිරීක්ෂණ යානයක් මගින් බදාදා(19) අඟහරු ග්‍රහයා වෙත ස්කැපරෙල්ලි නම් නැවතුම් දැරුමක් ගොඩ බැස්වීමට නියමිතව තිබූ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ දැයි යන්න සම්බන්ධව සැක පහළ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රතු ග්‍රහයාගේ පෘෂ්ඨය මත පතිත වීමට සුළු වේලාවකට පෙර නැවතුම් දැරුමේ රේඩියෝ සංඥා බිඳ වැටුණු බව වාර්තා වේ.

මෙම වසරේ මාර්තු මාසයේ අභ්‍යාවකාශ ගත කරන ලද යානයෙන් පසුගිය 16 වැනි දා මෙම නැවතුම් දැරුම වෙන්වී අඟහරු පෘෂ්ඨය වෙත ගමන් කර ඇත.

යුරෝපීය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පවසන්නේ  අඟහරු පෘෂ්ඨය මත දැරුම ගැටීමේදී  විනාශවී ගියේ දැයි යන්න ගැන සොයා බලන බවයි. අඟහරු ග්‍රහයා වටා ස්ථානගත කැර ඇති චන්ද්‍රිකා මගින් ස්කැපරෙල්ලි සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් ද නිශ්ඵල වී ඇත. අවසන් විනාඩියේදී සිදු වූ දේ හා ප්‍රමාද දෝශයක් සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධව  පරීක්ෂණ දියත් කර ඇති බව ජර්මනියේ ඩ්‍රැම්ස්ටැඩ්හි ඊසා පාලක මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ පෝලෝ ෆෙරී පවසයි. සිදුවීම සම්බන්ධව අදහසක් ප්‍රකාශ කිරීමට දින කිහිපයක් ගත වීමට ඉඩ ඇති බවද ඔහු පවසා ඇත.

2020දී අඟහරු මත සිදුකිරීමට නියමිත රෝවර් මෙහෙයුමට පෙර සූදානම් සකස් කිරීම සඳහා මෙම යානය අඟහරු වෙත යවා ඇත.

_91991837_untitled ExoMars-Schiaparelli-lander-ESA-1024x675 images-(4)-(1)



අදහස් (0)

අඟහරුට යැවු නිරික්ෂණ දැරුම ගැන සැකයක්

චාමර Friday, 21 October 2016 02:15 AM

මේගොල්ලොත් එකට එක කරන්න යනවා. නාසා එක්ක එකතුවෙලා කරන්න බැරිවුණාද? (නි)

:       0       0

චාමර Friday, 21 October 2016 02:22 AM

මේගොල්ලන්ට රොකට් යවන්න, අපේ කට්ටිය හාමතේ ඉන්න. මුළු ලෝකයේම සාරය උරාගෙන මේගොල්ලෝ හදන්නේ පැනලා යන්න වගේ. අපේ කට්ටියටත් විමසිල්ලෙන් ඉන්න වෙනවා. (නි)

:       0       0

එරන්ද Tuesday, 25 October 2016 01:52 AM

මෙතන විහිළු කරන අය ලංකාවේ නූගත්කම ලෝකෙට පෙන්නන්න එපා (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 29 October 2016 05:27 AM

කොලොම්බස්ද ඇමරිකාව හොයාගත්තා කියන්නේ? අපේ අය තාමත් ඇමරිකාවට යන්න ලොතරැයි ඇදෙනකන් බලා ඉන්නවා. පරිසර විනාශය කරනවා කියලා සල්ලි ගෙවන නොගෙවන ක්‍රමයකුත් ඇවිල්ලලු. අපි කරගත් දෙයකුත් නැතුව අපිටත් පරිසරය විනාශ කරනවා කියලා ගෙවන්න වෙයි. බ්‍රිතාන්‍යයට කුණු යවන්න හදන්නේ, බලාගෙන ඕවට ගෙවන්න වෙයි. අපේ කුණුවත් හරියට කළමනාකරණය කරගන්න දන්නේ නැහැ. මනුසතාගෙන් නියම මානව යහපතක්. (නි)

:       0       0

බණ්ඩා Monday, 24 October 2016 09:05 AM

චාමර වගේ අය නිතරම තප්පුලනවා ..එතකොට කාටත් සතා අදුරගන්න පුළුවන් ...(බ)

:       0       0

ගුණසිරි Thursday, 27 October 2016 03:47 PM

එරන්ද කෙසේ සිතුවත්, යුරෝපිය විද්‍යාඥයන්ට ආවැඩුවත් මේ පරම ගාම්භිර පරීක්ෂණ වලින් සොයාගන්න කිසිම ප්‍රතිලාභයක් ඔබේ ජීවිත කාලය තුළ ඔබට නොලැබේ. (නි)

:       0       0

මංගල Sunday, 23 October 2016 03:53 AM

ඒලියන්ස්ලා අල්ලා ගත්තාද දන්නෑ (බ)

:       0       0

චාමර Saturday, 22 October 2016 05:52 AM

මෝඩ කතා නැතිව ගතියක් නැහැ. (අ)

:       0       0

එරන්ද Friday, 21 October 2016 10:41 AM

චාමර, මෝඩ කතා කියන්න එපා

:       0       0

සලීම් Monday, 24 October 2016 04:12 PM

මොන රටකින් අඟහරු මත පරීක්ෂණ කළත් මානවයාගේ යහපතට කරන දෙයක් (නි)

:       0       0

ගුණසිරි Saturday, 22 October 2016 06:58 AM

හරිපුදුමයි පින්වතුනි ,ලෝකය පුරාම ක්‍රියාත්මක වෙන්නේ විශම ලෝභය , එ්කියන්නේ තමන්ට හිමි නැති සම්පත් කෙසේ හෝ ලඟාකර ගැනීමේ ආශාව ,මේ ඇසට නොපෙනෙන ධාතුමය ක්‍රියාකාරීත්වය මිනිස් චිත්ත සන්තානයේ ක්‍රියාත්මක වෙද්දී ලෝකයේ යහපැවැත්ම විකෘර්ති වෙනවා .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2359 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2208 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6136 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3570 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4290 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 378 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 99 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site