IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ළමා දිනය - වැඩිහිටි දිනය දින දර්ශනයට සීමා නොකරමු

ජාත්‍යන්තර ළමා දිනය හා ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. සමාජයේ පොදු ආදරයත් රැකවරණයත් විශේෂයෙන්ම හිමි විය යුතු දෙපිරිසක් ලෙස ළමයා සහ වැඩිහිටියා හැඳින්විය හැකිය. ඒ වෙනුවෙන් මිනිස් සමාජයේ පොදු අවධානය යොමු කිරීම සඳහා වෙන් වූ ඔක්තෝබර් 1 වැනි දිනය එම දිනයේ අරුත වඩාත් ඉහළින් ඔප් නැංවීමට සමත් වූ දිනයක් බවට පරිවර්තනය කර ගැනීමේ වැදගත්කම අප ඉදිරිපිට තිබේ.

දුරාතීතයේ ජාත්‍යන්තර ළමා දින හෝ ජාත්‍යන්තර වැඩිහිටි දින නොවීය. ආසියාතික ගුණගරුක භාවයේ ශික්‍ෂණය සහිත ශ්‍රී ලාංකේය සමාජය තුළ දරුවාට හැමදාමත් ආදරය ලැබුණේය. රැකවරණය ලැබුණේය. ‘‘පුත්තා වස්තු මනුස්සානං’’ හෙවත් ‘‘දරුවන් යනු මිනිසුන් සතු වස්තුවකි’’ යැයි ඇදහූ සමාජය තුළ දරුවා වෙනුවෙන් විශේෂිත දිනයක් වෙන් කිරීමේ අවශ්‍යතාවක් නොවීය.

‘‘කතඤ්ඤ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං’’ යනුවෙන් බුදු වදනෙහි සඳහන්ය. එයින් කියවෙන්නේ කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සලකන මිනිසුන් ඉතා දුර්ලභ බවය. එහෙත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් බිමෙහි ‘‘පන් දහසක් කල් සස්න රක්නා රට’’ යැයි පින්සිරිබර බුදු මුව කමලින් නියත විවරණ ලද බිමෙහි ජීවත් වූ මිනිසා කෙළෙහි ගුණ ඇතුළු සියලු උත්තර සාර ධර්මවලින් සුපික්‍ෂිත ජීවිතයක් ගත කළේය.

කරුණු කාරණා එපරිදි වුවද නූතන පරිභෝජනවාදී සංකීර්ණ සමාජ පරිසරය තුළ සියලු උත්තර මානව ධර්ම සැළුම් වෙවුළුම් කා ගොස් තිබේ. මිනිස් ජීවිතයක අගය පිච්චියට ගොස් තිබේ. සාම්ප්‍රදායික සංස්කෘතික සමාජය පිටතින් හැමූ ව්‍යාජ සංස්කෘතික සැඩ සුළං ප්‍රහාරයකට ගොදුරු වී තිබේ. රුපියල් ශතවලින් දෑස් ගිනිකණ වැටුණු මිනිසාට දරුවා නොපෙනී ගියේය. වැඩිහිටියා අමතක වී ගියේය.

අප දවස් ගෙවා දමමින් සිටින්නේ එබඳු සමාජයකය. මෙම පරිසරය තුළ දරුවා අනාරක්‍ෂිත වී තිබේ. ලොව හොඳම දේ දරුවන්ට යැයි ශිෂ්ට සම්පන්න ජන සමාජ මගින් මහත් උත්කර්ෂයට නැංවූ නමුදු අප සමාජයේ දරුවා ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත්ව තිබේ. ඉකුත් දිනෙක අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියවුණේ අසල්වැසි නිවෙසක බාලවයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප ගත් බාලවයස්කාර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බවය. ළමයා තුළ ළමයා අතුරුදන් වී විකෘති වැඩිහිටියකු නිර්මාණය වී තිබේ. එම සිදුවීම වූ කලී අප සමාජයේ ඇත්ත අභ්‍යන්තරය සම්බන්ධ සාම්පලයකි.

දෙක වසරේ හා තුන වසරේ ඉගෙනගන්නා මල් කැකුළු බඳු දියණියන් අපහරණය කළ ටියුෂන් ගුරුවරයකුට පහර දී පුටුවකට බැඳ පොලීසියට බාරදීමේ පුවතක් අප පුවත්පත වාර්තා කළේ මෙයට දෙසතියකට ඉහත දී ය. එම අමන ටියුෂන් ගුරුවරයා දෙදරු පියකු බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය. නිවෙසටම පැමිණ උගන්වන අතරතුර දරුවා අපහරණය කළ ගුරුවරයකු පිළිබඳව මෙන්ම තම නිවෙසට දරුවන් ගෙන්වා උගන්වමින් එම දරුවන් අපහරණය කර ඒවා වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර මුදල් ඉපැයූ පාපතරයකු සම්බන්ධ පුවතට තවමත් දෙතුන් සතියකි.

දරුවන් හත් අට දෙනකු මෙලොවට බිහිකර උස් මහත් කර සමාජයට දායාද කළ අම්මා කෙනකුට වියපත් වූ කල්හි මහ මග දමා ගිය පුවතට දෙතුන් සතියකි. එබඳු පුවත් පසුගිය සමයේ එකක් පසුපස එකක් වශයෙන් වාර්තා කෙරිණි. කාමරයක දමා දොරගුළු දමා මළමුත්‍ර සමග වැතිරී නිදන්නට බල කරමින් අම්මලා තාත්තලාට සලකන දරුවන් සම්බන්ධ පුවත් මෙන්ම අම්මලා තාත්තලා යකඩ දම්වැල්වලින් ගැට ගසා තබන, බලු කූඩුවට දමා සිටින දූ පුතුන් සම්බන්ධ පුවත් ද සුලභ ය.

සියල්ලෙන් පැහැදිලිවෙමින් තිබෙන්නේ අපගේ සංස්කෘතික ජීවිතය මහා කුණාටුවකට ලක් වී ඇති බව ය. එම පරිසරය තුළ ළමා නිවාස, අනාථ නිවාස මෙන්ම වැඩිහිටි නිවාස ද සුලභ වෙමින් තිබේ. මහා සංස්කෘතික ගුණවත් ජීවිතයකට උරුමකම් කී ශ්‍රී ලාංකිකයාට සිදුවී ඇති විලම්බැසිය එළැඹගත් සිහියෙන් යුතුව නිවැරැදිව විග්‍රහ කර ගත යුතු ය.

ජාත්‍යන්තර ළමා දිනයේදී හා වැඩිහිටි දිනයේ දී පමණක් ඔවුන් පිළිබඳ අවධානය යොමු කර මෙම සැහැසි ඉරණම වෙනස් කළ නොහැක. දරුවා සම්පතකි. වැඩිහිටියා සම්පතකි. ඔවුන් රැකගැනීම අප සතු පූජනීය වගකීමකි. එම වගකීම මගහැරුණු හෝ අත්හැරුණු ගමනක් අප කිසිවකුට නැත.

(***)



අදහස් (2)

ළමා දිනය - වැඩිහිටි දිනය දින දර්ශනයට සීමා නොකරමු

බද්රානි Thursday, 01 October 2020 01:07 PM

අනේ අපේ රටේ මහා ලොකුවට සමරන ළමා දිනේ? ඒකත් මහලු දේශපාලකයින්ගේ තවත් එක සංදර්ශනයක්. ලංකාවේ කොඳු නොමැති, අඥාන දෙමව්පියන් සහ පාසල් විදුහල්පතිවරු, ගුරුවරුන් ඇතුළු සමහරක් පූජකයින් එකට එකතු වෙලා, කුඩා දරුවන්ව දක්කන්නේත්, ඔවුන් ගිය අමනෝඥ දිශාවටම තමයි. ඉතින් කොහොමද මේ රටේ අනාගතයේදී එඩිතර ගෞරවනීය පුරවැසියන් බිහිවන්නේ?

:       0       4

Raveendra Friday, 02 October 2020 03:28 AM

ඉතාමත්ම හොද විග්‍රහයක්. මෙරට දේශපාලන ඉතිහාසයේ වැඩිහිටියන් හා ළමුන් පිලිබදව කතාකිරීමේදී මෙන්ම ඒ ඒ කරුණු කාරනා වලදී බලයට පැමිණි සෑම පක්ෂයක්ම අඩුවැඩි නැතිව අදාළ දිනට පමණක් නරිනාටක පෙන්වමින් මාධ්‍ය ඉදිරියේ තම තමන්ගේ මුණු පෙන්නුවා පමණකි. අද රටේ තිබෙන සියලුම පක්ෂවලින් එකකට හෝ ගැති නොවුණු සමබරව සිතිය හැකි සියලුම පුරවැසියන්ට මෙය ඉතාම පැහැදිලිව පෙනෙන කරුණකි. රටක දරුවන් යනු එරටේ තිබෙන අගනාම සම්පත්වලින් ඉහලින්ම තිබෙන සම්පතකි. දශක 6 ක් 7 ක් වැනි ඉතාමත්ම කෙටි කාලයකදිවත් එම සම්පතෙහි වටිනාකම තේරුම් ගැනුමටවත් ඥාණය අප රටේ දේශපාලුවන්ට නොතිබීම ඉතාම කනගාටුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site